හර්ෂණ රාජකරුණා

මන්ත්‍රී හර්ෂණ රාජකරුණා: පාර්ලිමේන්තුවෙහි කතා නොකෙරූ මන්ත්‍රීවරුන් පිළිබඳව නිවැරදිය.

"

සමස්තයක් ලෙස ගත් විට 95%ක්ම මන්ත්‍රීන් [2018 වසරේදී පාර්ලිමේන්තුවේ] කතා කර තිබෙනවා. 5%ක් තමයි කතා කර නැත්තේ.

සිළුමිණ | මාර්තු 3, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 වසරෙහි මාර්තු 3 වන දින සිළුමිණ වාර්තා කර සිටියේ  2018 වසරේදී පාර්ලිමේන්තුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු එහිදී එකදු වචනයක්වත්  කතා නොකළ බවට මාධ්‍යවේදියෙකු හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා හට පැවසූ බවයි. මෙම ජනතා නියෝජිතයන් ගොළු වී තිබෙන්නේ ඇයි ද යන වග ද මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කරන ලදි.

මෙම පැනයට පිළිතුරක් ලෙස රාජකරුණා මන්ත්‍රීවරයා පවසා සිටියේ “සමස්තයක් ලෙස ගත් විට 95%ක්ම මන්ත්‍රීන් [2018 වසරේදී පාර්ලිමේන්තුවේ] කතා කර තිබෙනවා. 5%ක් තමයි කතා කර …..නැත්තේ”, යන වගයි.

මෙහිදී මන්ත්‍රීවරයා කර ඇත්තේ මාධ්‍යවේදියාගේ ප්‍රකාශය ප්‍රතිශතයක් ලෙස නැවත දැක්වීමයි. (කෙසේ වෙතත් 225න් 13ක් යනු 5.78%ක් බැවින් රාජකරුණා මන්ත්‍රීවරයා මෙම අගය 6%ක් ලෙස නොමැතිව 5%ක් ලෙස වැටයීමේදී සුළු වැරදීමක් සිදුව තිබේ.) මෙහිදී අප මන්ත්‍රීවරයා විසින් වෙනත් අකාරයකින් රාමු කරනු  ලැබූ මාධ්‍යවේදියාගේ ප්‍රකාශයෙහි සත්‍යතාවය සොයා බලා ඇත.

පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තා භාවිතයෙන් මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු දායකත්වය විමසා බලන Manthri.lk* අන්තර්ජාල වේදිකාවට අනුව ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 13 දෙනෙකු 2018 වසරේදී පාර්ලිමේන්තුවේදී කිසිවක් කතා කර නොමැත. 1 වගුවෙන් දක්වා ඇත්තේ මෙම මන්ත්‍රීවරුන් 13 දෙනා සහ ඔවුන්ගේ පක්ෂයි.

මේ අනුව අප විසින් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍යයක් ලෙස නම් කර ඇත.

*අනාවරණය: Manthri.lk පවත්වාගෙන යනු ලබන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයෙහි එම කාර්යයටම වෙන්වූ වෙනත් පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: 2018 වසරේදී පාර්ලිමේන්තුවෙහි කතා නොකළ මන්ත්‍රීවරු



මූලාශ්‍රය