අනුර දිසානායක

පොදු ප්‍රවාහනය: මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ බස්නාහිර පළාත පිළිබඳව නම් ඔහු නිවැරදියි

"

අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්‍රවාහනයයි.

දිවයින | නොවැම්බර් 1, 2019

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම උදෙසා, FactCheck මගින් කොළඹ මහනගර කොට්ඨාසය හා තදාසන්න ප්‍රදේශයන් සඳහා වූ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ (CoMTrans) 2014 වසරේ ප්‍රකාශයට පත් වූ වාර්තාව ඔස්සේ කරුණු විමසා බලා ඇත. මෙම වාර්තාව වෙත ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට ප්‍රවිශ්ට විය හැක. මෙම වාර්තාව සඳහා භාවිතා වූ සමීක්ෂණ දත්ත, බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති බවද සඳහන් කළ යුතු වේ.

මෙම CoMTrans සමීක්ෂණය මගින්, බස්නාහිර පළාත තුළ එක් එක් ආකාරයක ප්‍රවාහන මාධ්‍යයන් මගින් ගණන් තැබූ ගමන් වාරයන් ප්‍රමාණය (දුර ප්‍රමාණය නොවේ) වාර්තා කොට ඇත. මන්ත්‍රීවරයා විසින් සඳහන් කරන්නේ මෝටර් රථ වාහන සම්බන්ධයෙන් පමණක් නම්, පොදු ප්‍රවාහනය (උදා: බස් රථ සහ දුම්රිය) සමස්ත ප්‍රවාහන භාවිතයෙන් 52% ක් වන බවට ඔහු කරනා ප්‍රකාශය සත්‍ය වේ (1 වගුව). කෙසේ වෙතත් මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රතිශතය සමස්ත රටම සඳහා වලංගු වන්නේ යැයි වරදවා ප්‍රකාශ කරන අතර, මෙම CoMTrans අධ්‍යයනයේ සොයාගැනීම් අදාළ වන්නේ බස්නාහිර පළාතට පමණි. වර්තමානයේදී සමස්ත රටේම ප්‍රවාහනය ජනතාව විසින් භාවිතා කරනා ප්‍රතිශතය තක්සේරු කරනා අධ්‍යයනයක් සොයාගැනීමට නැත.

උක්ත කී තොරතුරු මත පදනම්ව අපට මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් නම් කළ හැක.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: 2014 දී බස්නාහිර පළාතේ ප්‍රවාහනය භාවිතා වූ ප්‍රතිශතයන්



මූලාශ්‍රය

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය, Japan International Cooperation Agency ආයතනය මගින් සකසන ලද කොළඹ මහනගර කොට්ඨාසය හා තදාසන්න ප්‍රදේශයන් සඳහා වූ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය (CoMTrans) පිළිබඳ වාර්තාවට ප්‍රවේශය මෙතැනින්: https://www.transport.gov.lk/web/images/downloads/F-CoMTrans_Main_S.pdf