තොරතුරු පිරික්සීම
2024 සැප්තැම්බර් 22 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු පිටකොටුව සහ නාරාහේන්පිට වෙළඳපොළවල රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් ඇති බව පා.ම. ඩී.වී. චානක පවසයි.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල වාර්තා සහ ආර්ථික දත්ත පුස්තකාලය පරිශීලනය කරන ලදි.
2024 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල මිල ප්‍රවණතා : සැප්තැම්බර් 19 වැනි දින පිටකොටුව සහ නාරාහේන්පිට වෙළඳපොළ දෙකෙහිම රතු කැකුළු සහල් මිල රුපියල් 210 ක් වූ බවට පා.ම. සිදු කළ ප්‍රකාශය නිවැරදි වේ. මෙම මිල ඊට පෙර සතිවල ද එලෙසම පැවති අතර සැප්තැම්බර් මාසයේ ඉතිරි දින කිහිපය සහ ඔක්තෝබර් මාසය පුරාවට නොවෙනස්ව පැවතිණි.
2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මිල ප්‍රවණතා : පිටකොටුව වෙළඳපොළට අදාළව වාර්තා කර තිබූ මිල ගණන් දෙසැම්බර් 5 වන දින රුපියල් 210 සිට රුපියල් 255 දක්වා ඉහළ ගිය අතර, අනතුරුව එය රුපියල් 250 දක්වා පහත වැටී දෙසැම්බර් 20 වන දින දක්වා එම මට්ටමෙහි ස්ථාවරව පැවතිණි (දෙසැම්බර් මාසය සඳහා අවසානයට වාර්තා කර තිබූ දත්ත ඇසුරින්).
කෙසේ වෙතත්, නාරාහේන්පිට වෙළඳපොළෙන් රතු කැකුළු සඳහා නොවැම්බර් මාසය පුරාම රුපියල් 210 ක මිලක් වාර්තා වූ අතර දෙසැම්බර් 9 වැනි දින පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් පාලන මිල නියම කිරීමෙන් පසු දෙසැම්බර් 12 වැනි දින රුපියල් 220 ක් දක්වා පමණක් එහි මිල ඉහළ ගියේය. දෙසැම්බර් 31 වැනි දින දක්වා මෙම මිල රුපියල් 220 ක් ලෙස පැවතිණි.
ඒ අනුව, පා.ම. පැවසූ කරුණු අතරින් පවතින දත්ත මගින් සනාථ වනුයේ පිටකොටුව වෙළඳපොළේ රතු කැකුළු සහල් මිල රුපියල් 250 දක්වා ඉහළ නැංවුණු බව පමණකි. නාරාහේන්පිට වෙළඳපොළේ ද එය එසේ වූ බවට ඔහු සඳහන් කළ කරුණ දත්ත මගින් සනාථ නොවේ.
එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අංක 1 වගුව: කැකුළු සහල්වල මිල පරාසය (කිලෝග්‍රෑමයකට රු.)
මූලාශ්‍රය
දෛනික මිල වාර්තා සහ ආර්ථික දත්ත පුස්තකාලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ.