හේෂා විතානගේ

පා.ම. හේෂා විතානගේ ශ්‍රී ලංකන් පාඩුව ගැන අකුරටම කියයි

"

2023 මූල්‍ය වර්ෂය අවසාන වෙනකොට මේ ගුවන් සමාගමේ පාඩුව රු බිලියන 609 ක්[...] මේ ර‌ටේ සෑම පවුලක්ම රු. 107,000 ක් [...] ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා.

පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 8, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) සමුච්චිත අලාභය රු. බිලියන 609ක් වන බවත්, ඒ අනුව එමගින් ශ්‍රී ලංකාවේ එක් පවුලක් මත රු. 107,000 ක සාමාන්‍ය මූල්‍ය බරක් පැනවෙන බවත් පාර්ලිමේන්තුව අමතමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දී සිදු කරන ලද  ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2022/2023 ට අදාළ වාර්ෂික වාර්තාව පරිශීලනය කරන ලදි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවම වශයෙන් පසුගිය වසර දහය පුරාවට හෝ ශුද්ධ අලාභයක් අත් විඳ ඇති බව එහි ඉහත කී වාර්ෂික වාර්තාව පෙන්වා දේ(අංක 1 වගුව බලන්න). 2023 මූල්‍ය වර්ෂය අවසන් වන විට එම සමාගමෙහි සමුච්චිත අලාභය රුපියල් බිලියන 612 ක් වූ බව ද එම වාර්තාවෙහි සඳහන් වේ. මෙම අගය පා.ම. විසින් උපුටා දක්වා ඇති අලාභය සමඟ සමීපව සමපාත වේ.

2019 දී සිදු කරන ලද  ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය මගින් ශ්‍රී ලංකාවේ ඇති ගෘහ ඒකක සංඛ්‍යාව මිලියන 5.7ක් බව පුරෝකථනය කරඇත. “පවුල්” යන යෙදුම භාවිතා කිරීමේදී පා.ම. විසින් ගෘහ ඒකක යන්න අදහස් කර ඇති බවට FactCheck.lk මෙහිදී ඔහුගේ ප්‍රකාශය අර්ථකථනය කරයි. එබැවින්, ශ්‍රී ලංකන් ගුවක් සමාගමේ සමුච්චිත අලාභය පියවීමේ බර සෘජුව හා එක හා සමානව ශ්‍රී ලංකාවේ සෑම ගෘහ ඒකකයක් මත පනවන්නේනම්, ඒ සඳහා එක් ගෘහ ඒකකයකට වැය වන මුදල පා.ම. ප්‍රකාශ කළ අයුරින්ම රු. 107,368 කි.

මේ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය සහ එය යොදා ගනිමින් එම කාලයට අදාළව ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක මත පැනවුණු සාමාන්‍ය බර ගණනය කිරීම සම්බන්ධයෙන් පා.ම. නිවැරදි වේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන: ගෘහ ඒකක විසින් මෙම මුදල සෘජුව ගෙවනු නොලබයි. කෙසේ වෙතත්, ඉහළ දමන ලද බදු සහ කප්පාදු කරන ලද පොදු සේවාවන් වැනි වෙනත් විවිධ ආර්ථික මාර්ග හරහා එයට ගෘහ ඒකකවලට බලපෑම් කළ හැක.

අංක 1 වගුව:  2014-2023 අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වාර්තා කරන ලද ශුද්ධ ලාභය/(අලාභය) (රු. බිලියන)

මූලාශ්‍රය: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව 2022/2023



මූලාශ්‍රය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව 2022/2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.