තොරතුරු පිරික්සීම
මෙම ප්‍රකාශය ඇගයුම් කිරීම සඳහා FactCheck.lk මගින්, අංශ අනුව රැකියාවන්ගේ ඇස්තමේන්තුගත ශ්‍රමිකත්වය දක්වා ඇති, ලබාගැනීමට තිබෙනා නවතම ශ්‍රම බල සමීක්ෂණ (LFS) සංඛ්‍යාලේඛනයන් පරිශීලනය කොට ඇත. කෘෂිකර්මාන්තය ප්‍රධාන රැකියාව ලෙසින් ගනිමින් එහි නියැලී ඇති ශ්‍රම බලකායේ සාමාන්‍යය 2014-2018 කාලය තුළ 27.3% ක් ලෙසින් දැක්වේ. මෙය 2018 දී 25.5% ක අවමයක් වූ අතර, 2014 දී 28.9% ක උපරිමයක් වී තිබිණි. මෙම සංඛ්‍යාවන්ට අවිධිමත් අංශයේ සේවය කරන්නන්ද ඇතුළත් වේ. 27.3% ක සාමාන්‍ය යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත 40% ක අගයට වඩා ඉතා අඩු අගයකි.
මෙම දැක්වූ කාල සීමාව සඳහාම, 2.5% ක සේවානියුක්ත ප්‍රතිශතයක් සිය ද්විතීය රැකියාව ලෙසින් කෘෂිකර්මාන්තයේ නිරත වී සිටිනා බවද ශ්‍රම බල සමීක්ෂණ (LFS) සංඛ්‍යාලේඛන මගින් වාර්තා කෙරේ. එනිසා, මන්ත්‍රීවරයා විසින් ප්‍රධාන සහ ද්විතීයික රැකියා යන දෙකම සම්බන්ධයෙන් සඳහන් කළද, වසර පහක් තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයින්ගේ සාමාන්‍යය 29.8% ක් වේ. තවමත් එය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ වන 40% ක අගයට වඩා අඩු අගයක් වේ.
එනිසා, අපි පාර්ලිමේන්තු මන්ත්‍රී අලුත්ගමගේගේ ප්‍රකාශය සාවද්‍ය යැයි වර්ගීකරණය කරමු.
**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
නිදර්ශකය 1: කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ගේ ප්‍රතිශතය
Additional Note
ලබාගැනීමට ඇති නවතම ශ්‍රම බල සමීක්ෂණ (LFS) කාර්තුමය දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2020 පළමුවෙනි කාර්තුවේදී කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ගේ ප්‍රතිශතය 2018 වසරටද වඩා අඩු බවයි. ඉහත දැක්වෙන ප්‍රකාශය සිදුකිරීමෙන් පසුව මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණේ, “තවත් 30%ක් අන් අයුරින් [වක්‍රව] කෘෂිකර්මාන්තය සමඟ එක්වී තම ජිවනෝපාය ලෙස කටයුතු කරනවා” යනුවෙනි. කෙසේ නමුත් මන්ත්‍රීවරයා විසින් ‘අන් අයුරින් [වක්‍රව]’ වන ජීවනෝපාය, ගති ලක්ෂණ විෂයෙන් ගෙන පැහැදිලි කරන්නේ කෙසේද යන්න අපැහැදිලි වේ. කෘෂිකර්මාන්තය සඳහා වන වක්‍ර ජීවනෝපාය සම්බන්ධව දත්ත සපයන කිසිදු මූලාශ්‍රයක් සොයාගැනීමට FactCheck.lk කණ්ඩායමට නොහැකි විණි. මෙම කරුණු නිසා, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් වූ මෙම කොටස ඇගයුමට පාත්‍ර නොකෙරිණි.
මූලාශ්‍රය
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය වාර්ෂික වාර්තාව, 2014 – 2018, ප්‍රවේශය:http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports [අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 24]