තොරතුරු පිරික්සීම
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කවර හෝ අපරාධ චෝදනාවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව නිකුත් කරනු ලැබූ, එකිනෙකට සම්බන්ධිත ට්විටර් පණිවුඩ කිහිපයක කොටසක් ලෙසින් ඉහත ප්‍රකාශය සිදුකරන්නට යෙදිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තක්සේරු කර බැලීම උදෙසා, FactCheck.lk මගින් 19 වන සංශෝධනය හඳුන්වා දීමට පසුව සහ පෙරාතුව ව්‍යවස්ථාවන් දෙකෙහිම 35 වෙනි වගන්තියේ එන විධිවිධානයන් විමසා බලන්නට යෙදිණි (නිදර්ශකය 1).
35 වෙනි වගන්තියේ අදාළ වන ව්‍යවස්ථා විධිවිධානයන්හි පෙළ සරලව කියැවීම ඔස්සේ ලබාගත හැකි තීරණය මෙයයි: 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් වුවත් පසුව වුවත් ඇති ව්‍යවස්ථාවන් ඔස්සේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා, ඔවුන් ජනාධිපති ධූරයෙන් ඉවත් වූවාට පසුව කිසිවිටකත් මුක්තිය නොලැබෙන අතරම මෙම මුක්තිය නොලැබීම යන්න ඔවුන් ජනාධිපති ලෙසින් කටයුතු කළ කාලය තුළ සිදුකරන ලද ක්‍රියාවන් සඳහාද අදාළ වේ (නිදර්ශකය 2, සටහන 1).
මීට අතිරේක වශයෙන්, ජනාධිපති මුක්තිය සම්බන්ධව ව්‍යවස්ථාවේ වන සරල පෙළෙහි කියැවීමෙන් අපගමනය වන කිසිදු නෛතික පූර්වාදර්ශයක් FactCheck.lk කණ්ඩායමට සොයා ගැනීමට නොහැකි විණි (සටහන 2).
ගම්මන්පිල විසින් ප්‍රකාශිත “ව්‍යවස්ථාවේ 35 වෙනි වගන්තියෙන් අපරාධ වැරදි සඳහා නඩු පැවරීමට එරෙහිව ප්රදානය කර තිබෙන ජනාධිපති මුක්තිය කිසිදු නීතියක් මගින් ඉවත් කර නැහැ” යන්න රීත්‍යානුකූලව වැරදි නොවේ. කෙසේ නමුත්, නොපවතින ආවරණය කිරීමක් ඉවත් කළ නොහැකි බැවින් එය ඔහුගේ ප්‍රකාශයට අදාළ නොවේ. හිටපු ජනාධිපති සිරිසේන හට නඩු පැවරීමෙන් මුක්තිය ලැබෙනා බවට ගම්මන්පිල විසින් නිරවද්‍ය නොවන ප්‍රකාශයක් සිදුකර ඇත.
මෙහි දක්වා තිබෙන තොරතුරුවලින් පෙන්වා දෙන්නේ ධූර කාලය අවසන්ව ඇති ජනපතිවරයෙක්ට මෙරට කිසිදු නීතියකින්, ඔහු හෝ ඇය සිය ධූර කාලය අතරතුරදී කරන ලද දේවලට පවා කිසිදු විනිර්මුක්තියක්, ලබා නොදෙන බවය. මෙනිසා, ගම්මන්පිල මහතා පවසන ආකාරයට හිටපු ජනපති සිරිසේනට හිමි මුක්තියක් නොමැත. එසේ හෙයින්ම, එසේ නොමැති මුක්තියක් ඉවත් කිරීමට නීතියක් ද අවශ්‍ය නැත.
එනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලගේ මෙම ප්‍රකාශය සාවද්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.
*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
නිදර්ශකය 1: 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසු ව්‍යවස්ථාවේ 35 වෙනි වගන්තියේ එන විධිවිධාන
නිදර්ශකය 2: 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පෙර සහ පසු ජනාධිපති වෙත ලබාදී ඇති මුක්තියේ විෂය පථයේ වෙනස්කම්
* නිදර්ශකය 2 හා බැඳි සටහන: නිදර්ශකය 2 මගින්, 19 වෙනි සංශෝධනයට පෙර සහ පසු ව්‍යවස්ථාවන් දෙකෙහිම 35(3) වගන්තියේ දැක්වෙන ලෙසට ජනාධිපතිවරයා සිය ධූරයේ සිටියදී විනිර්මුක්ත නොවන අවස්ථාවන් වන ජනාධිපතිව දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා වන යම් යම් ක්‍රියාවන්/විමර්ශනයන් හෝ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෝ ජනමත විචාරණයක වලංගුභාවය හා සම්බන්ධ ඕනෑම මැතිවරණ පෙත්සමකදී හැරෙන්නට වන සියලුම නඩු පැවරීම් සම්බන්ධව සඳහන් කෙරේ. එවැනි මුක්තියක්, ඔහු හෝ ඇය සිය ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු අදාළ නොවේ. මෙම අවස්ථාවන් මෙම කරුණු විමසීම සඳහා අදාළත්වයකින් තොරවේ.
නිදර්ශකය 2 මගින්, 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ 35(3) වගන්තිය යටතේ දැක්වෙන ලෙසට ජනාධිපතිවරයා ධූරය දරන කාලයේදී පවා අමාත්‍යවරයෙකු ලෙසින් වන නිලය යටතේ සිදුකරන ඕනෑම ක්‍රියාවකට මුක්තිය හිමි නොවන බවට වන ස්ථාවරය දක්වා නොමැත. මන්දයත්, එය පැවතුණේ 19 වෙනි ව්‍යවස්ථාවට පෙරාතුව වන බැවිනි. මෙම කරුණු විමසීම සඳහා එම පදනම අදාළ නොවේ.
සටහන 1: කෙසේ වුවද, ව්‍යවස්ථාවේ 33 (2) (උ) වගන්තිය ඔස්සේ ජනාධිපතිවරයාට ‘යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට’ ඇති බලය සඳහා, 19 වන සංශෝධනයෙන් පසු ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලයෙන් මුක්තිය ලබාදී ඇත. මෙම බලය සහ එයට ඇති මුක්තිය මෙම කරුණු විමසීම සඳහා අදාළ නොවේ (එම බලය හිටපු ජනපති සිරිසේන විසින් හෝ මෙතෙක් සිටි කිසිදු විධායක ජනපතිවරයෙකු විසින් භාවිතා කොට නොමැත). ඒ අනුව සිහි තබා ගත යුත්තේ නිදර්ශකය 2 හි ඇති සඳහන් කිරීම්හි සහ අපරාධ සහ/හෝ සිවිල් නඩු පැවරීම්වලින් මුක්තිය ලැබීම පිළිබඳව කළ මෙම කරුණු විමසීමෙහි, යුද්ධය ප්‍රකාශ කිරීම හෝ සාමය ප්‍රකාශ කිරීමට අදාළ කිසිදු නඩු පැවරීමක් සම්බන්ධයෙන් සඳහන් නොවන බවයි. එය මෙම කරුණු විමසීමෙන් ආවරණය නොකෙරේ.
සටහන 2: (අ) පහත දැක්වෙන උපකල්පනයන් ද්විත්වය භාවිතා වී ඇත:
- ව්‍යවස්ථාවේ එන අදාළ නීතිමය විධිවිධානයන් ඉතාම සරල වන අතර එකම අර්ථයක් පමණක් ලබාදෙයි, ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් හෝ අධිකරණ අර්ථ නිරූපණයන් අවශ්‍ය නොවෙයි; සහ
- පැහැදිලිව පෙනෙනා එම අර්ථයට පටහැනි වන කිසිදු ප්‍රකාශයක්, විශ්වසනීයව සනාථ කර තිබේ නම් හැරෙන්නට නිවැරදි යැයි භාරගත නොහැක.
(ආ) ජනාධිපතිවරයෙකු තම ධූරයෙන් ඉවත් වීමෙන් පසුව නීතියට ඉහළින් නොසිටින්නේය යන්න හා නීතිමය ක්‍රියාමාර්ගයන්ට දක්වන අවනතභාවය ඔස්සේ වගවිය යුතුය යන්න පැහැදිලිවම අවධාරණය කරනා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින්, හිටපු ජනාධිපතිවරයෙකු අපරාධ චෝදනාවන්ට හෝ සිවිල් වගකීම්වලට නඩු පැවරීම්වලින් නිදහස් නොවෙන්නේයැයි පෙන්වා දේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලගේ ට්විටර් පණිවුඩ
මූලාශ්‍රය
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහනව වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 35 වගන්තිය, ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th.pdf
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහඅට වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 35 වගන්තිය, ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-18th.pdf.