Prof. Wasantha Athukorala

ආරක්ෂක අංශයේ විශාලත්වය ගැන මහාචාර්ය අතුකෝරල මතු කරපු තර්කය වලංගුයි

"

ලංකාවේ ශ්‍රමබලකායෙන් සියයට 3.47 කට සමාන ආරක්ෂක හමුදාවක් සිටියි. මේ අගය ඇමෙරිකාවේ සටහන් වන්නේත් ඊට වඩා අඩු මට්ටමකිනි. ඒ අනුව එරටේ ආරක්ෂක අංශය ශ්‍රමලකායට සාපේක්ෂව සියයට 0.84 කි. චීනයේ එම අගය සියයට 0.33 කි. ඉන්දියාවේ එය 0.58 කි. ඉන්දුනීසියාවේ එම අගය සටහන් වන්නේ සියයට 0.49 ක් වශයෙනි. ඕස්ට්‍රේලියාවේ සියය

ඉරිදා ලංකාදීප | මැයි 18, 2025

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව මෙරට ශ්‍රමබලකායෙන් 3.47% කට සමාන වන බවත්, මෙම අනුපාතය ඔහුගේ ප්‍රකාශය තුළ සඳහන් කර ඇති රටවල් කිහිපයකට සාපේක්ෂව ඉහළ අගයක් බවත් ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකචදී මහාචාර්ය වසන්ත අතුකෝරල විසින් ප්‍රකාශ කරන ලදි. දකුණු ආසියානු කලාපය සැලකූ විට ශ්‍රමබලකායට සාපේක්ෂව වැඩිම ආරක්ෂක හමුදාවක් සතු රට වන්නේ ශ්‍රී ලංකාව බවට ඔහු මෙහිදී වඩා පුළුල් කරුණක් ඉදිරිපත් කරන අතර එම කරුණ තහවුරු කිරීම සඳහා ඔහු මෙම සංඛ්‍යා උපුටා දක්වයි .

මෙම කරුණෙහි වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ලෝක බැංකුවේ සංවර්ධන දර්ශකයට අදාළ දත්ත, එනම්, විශේෂයෙන්ම, “සන්නද්ධ හමුදා සාමාජිකයින් (මුළු ශ්‍රමබලකායේ % ක් ලෙස)” යන මිනුම භාවිතා කරන ලදි. FactCheck.lk “ආරක්ෂක හමුදාව” යනු “සන්නද්ධ හමුදා නිලධාරීන්” ලෙස අර්ථකථනය කර ඇති අතර, එය ලෝක බැංකුව භාවිතා කරන පාරිභාෂික වචනවලටද අනුකූල වේ.

ලබා ගත හැකි නවතම දත්තවලට (2020) අනුව, ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව සැලකූ විට ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් රටවල් 215 ක් අතුරින් 11 වන ස්ථානයේ පසු වේ. මේ හේතුවෙන්, මහාචාර්යවරයා සඳහන් කළ සියලුම රටවලට වඩා ශ්‍රී ලංකාව මෙම මිනුමට අදාළව ඉදිරියෙන් සිටින අතර දකුණු ආසියානු කලාපයේ මීට අදාළව ඉහළින්ම සිටින්නේ ද ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවට අදාළ අනුපාතයෙන් තුනෙන් එකක් පමණ වාර්තා කරන පකිස්තානය මෙහිදී දෙවැනි ස්ථානය හිමිකර ගනී. ශ්‍රම බලකාය වෙනුවට ඒක පුද්ගල මිනුම මත පදනම් වූ මීට පෙර සිදු කරන ලද කරුණු පිරික්සීමකින් හෙළි වූ ආකාරයට ශ්‍රී ලංකාවේ “සෑම පුරවැසියන් 100 කටම සිටින සන්නද්ධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව” යන මිනුමට අදාළව ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් 9 වන ස්ථානය හිමි වී තිබිණි.

මහාචාර්යවරයා විසින් අනෙකුත් රටවල්වලට අදාළව ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන ලෝක බැංකු දත්ත සමඟ සමපාත වේ. එහි පවතින එකම විෂමතාවය ශ්‍රී ලංකාවට අදාළ වන අතර, එහිදී මහාචාර්යවරයා උපුටා දක්වා ඇති 3.47% ට සාපේක්ෂව ලෝක බැංකුව වාර්තා කර ඇත්තේ 3.74% කි. මෙම වෙනස බොහෝ විට ස්ථාන මාරු දෝෂයක් විය හැක (74, 47 වශයෙන් පෙරළීම) .අංක 1 වගුව මෙම සංඛ්‍යා සංසන්දනාත්මකව ඉදිරිපත් කරයි.

සාරාංශයක් ලෙස, සංසන්දනය සඳහා ලැයිස්තුගත කර ඇති රටවලට වඩා ශ්‍රී ලංකාව එහි ශ්‍රම බලකායට සාපේක්ෂව විශාල ආරක්ෂක හමුදාවක්පවත්වාගෙන යන බවට මහාචාර්යවරයා සිදු කළ ප්‍රකාශය දත්ත මගින් තහවුරු කෙරේ.

එබැවින්, අපි මහාචාර්යවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස සන්නද්ධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව (2020)



මූලාශ්‍රය

ලෝක බැංකුව. (2024). සන්නද්ධ හමුදා සාමාජිකයින් (මුළු ශ්‍රම බලකායෙන් %ක් ලෙස) [දත්ත කට්ටලය]. ලෝක සංවර්ධන දර්ශක.https://databank.worldbank.org/reports.aspx?source=2&series=MS.MIL.TOTL.TF.ZS&country=#

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.