තොරතුරු පිරික්සීම
රටේ ජනතාවගෙන් සමස්තයකට, එනම් ජනතාවගෙන් සියයට 99.9ක් දෙනාටම, විදුලි බලය සපයාගැනීම සදහා ප්‍රවේශය පවතින බව තහවුරු කරීමට සිය රජය සමත්වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි 2020 ජූනි 24 වැනිදා දිවයින පුවත්පත වාර්තා කර තිබිණ. මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තක්සේරු කිරිම සඳහා, FactCheck.lk මගින් 2004 සිට 2019 දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවන්හි දත්ත පිරික්සා ඇත.
2004 දී -එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් රජය පිහිටුවීමට පෙරාතුව- රටේ ජනගහනයෙන් 74.9% කට විදුලිබලය සඳහා ප්‍රවේශය තිබිණි. 2014 -එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අවසාන වසර- වන විට මෙම විදුලිය සඳහා වන ප්‍රවේශය රටේ ජනගහනයෙන් 98% ක් දක්වා ඉහළ නැඟ තිබිණි.
මේ අනුව රටේ සමස්තයකට විදුලි බලය ලබාගැනීමට ප්‍රවේශය පවතින බව තහවුරු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය සමයේ නොහැකිව ඇති බව පැහැදිලිය. කෙසේ වුවත් විදුලිය සඳහා ජනතාවට ඇති ප්‍රවේශය 2015 දී 98.5% දක්වා ඉහළ නැඟ තිබිණි. 2016 දී මෙය 99.3% ක් දක්වා ඉහළ නැඟි අතර, එතැන් සිට එය එම මට්ටමේම පවතී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උක්ත ප්‍රකාශය පැහැදිලිවම අධිතක්සේරු කිරීමක් වුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය පැවති සමයේදී රට තුළ විදුලි බලය ලබාගැනීම සදහා සැමට ප්‍රවේශය පවතින බව තහවුරු කිරීමෙහිලා සුවිශිෂ්ට ප්‍රගතියක් අත්පත් කොට ගෙන ඇති බවට වන සාධකය හා ඔහුගේ උක්ත ප්‍රකාශය ගැලපෙයි.
එනිසා, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.
*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
* උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශ අත් හැර ඇත.
මූලාශ්‍රය
- ශ්‍රී ලංකා මහ බැංකුව, 2005 – 2019 දක්වා වාර්ෂික වාර්තා, ප්‍රධාන සමාජ දර්ශක
- ශ්‍රී ලංකා මහ බැංකුව, 2004 වාර්ෂික වාර්තාව, විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය