හිටපු පා.ම. තිස්ස අත්තනායක ජනපති වැය ශීර්ෂය වැඩියි කිව්වත් ඇත්තටම වැඩි නෑ

"

මේ විසර්ජන කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඉතිහාසයේ කවදාකවත් නැති තරං මුදල් වෙන් කරගෙන; බිලියන 11 යි දශම ගණනක් වෙන් කරගෙන තියෙනවා

එසැණ නිව්ස් | ඔක්තෝබර් 7, 2025

false

වැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් මෑතකදී ප්‍රකාශ කරන ලද්දේ යෝජිත 2026 විසර්ජන පනත මගින් ජනාධිපතිගේ වැය ශීර්ෂය සඳහා “ඉතිහාසයේ කවදාකවත් නැති තරං මුදල් වෙන් කරගෙන” ඇති බවයි.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පසුගිය වසර පහළොවක (2011 සිට 2025 දක්වා) කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත්වල ජනාධිපතිගේ වැය ශීර්ෂය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන සමාලෝචනය කරන ලද අතර, එම ප්‍රතිපාදන 2026 සඳහා යෝජිත රු. බිලියන 11.385 ක ප්‍රතිපාදන සමඟ සන්සන්දනය කරන ලදි.

උද්ධමනය (වැටුප් වැඩිවීම් ද ඇතුළුව) හේතුවෙන්, සෑම වසරකම බොහෝ අයවැය ශීර්ෂයන්හි වියදම් පෙර වසරට වඩා වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි. එකම භාණ්ඩ හා සේවා සඳහා වර්ෂයෙන් වර්ෂයෙන්ට වඩා වැඩි මුදලක් වැය වීම මීට හේතුවයි. එබැවින්, මෙම සංඛ්‍යා නාමික අගයන්ගෙන් ප්‍රකාශ කළ විට, යම් කිසි වසරකට අදාළ එම මුදල අනිවාර්යයෙන් ඉතිහාසයේ එතෙක් ඒ සඳහා වාර්තා වූ ඉහළම මුදල වනු ඇත. 2021 සිට සමස්ත පාරිභෝගික මිල උද්ධමනය අතිශයින් ඉහළ මට්ටමක් (80% ඉක්මවමින්) වාර්තා කර ඇති අතර 2021 දී රු. 100 ක් වැය වූ යමක් මිලදී ගැනීමට වර්තමානයේදී රු. 180 ක් වැය වන බව ඉන් අදහස් කෙරේ. මේ හේතුවෙන් නාමික අගයන් ඇසුරින් මුදල් ප්‍රකාශ කිරීම මගින් ඇති කෙරෙන බලපෑම එම වසරේ සිට විශේෂයෙන් කැපී පෙනෙන්නට ගෙන ඇත.

ඒ අනුව, වියදම් පිළිබඳ සාධාරණ සන්සන්දනයක් සිදු කළ යුත්තේ මූර්ත අගය (real value) පදනම් කර ගනිමින් වන අතර, එයඋද්ධමනයට අනුව සකස් කරන ලද වියදම්වල අගයයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මූර්ත අගයන් මගින් පෙනී යන්නේ, ජනාධිපති වැය ශීර්ෂය සඳහා වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන පසුගිය වසර පහළොවෙන් (2011 සිට) එකොළහකදීම 2026 යෝජිත අගයට වඩා ඉහළ මට්ටමක තිබී ඇති බවයි. එබැවින්, 2026 වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කිසිසේත්ම ඉතිහාසයේ වෙන් කරන ලද ඉහළම මුදල නොවේ.

හිටපු මන්ත්‍රී අත්තනායක (අහේතුක ලෙස) නාමික සංඛ්‍යා පදනම් කර ගනිමින් තම ප්‍රකාශය සිදු කළ ද, 2019 (රු. බිලියන 13,561), සහ 2024 (LKR බිලියන 38,600) යන වසර දෙකෙහිදීම වෙන් කරන ලද ප්‍රතිපාදනවල නාමික අගය 2026 ට වඩා ඉහළ අගයක් ගෙන ඇත. එමෙන්ම, 2024 දී, විසර්ජන පනතට පසුව කරන ලද සංශෝධනයක් මගින් වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.

සාරාංශයක් ලෙස, මූර්ත අගයන් ඇසුරින් මෙන්ම නාමික අගයන් ඇසුරින් සලකා බැලුව ද, ජනාධිපති වැය ශීර්ෂය සඳහා 2026 දී වෙන් කරඇති ප්‍රතිපාදන ප්‍රමාණය ඉතිහාසයේ වෙන් කරන ලද ඉහළම මුදල නොවන බව දත්ත පෙන්වා දෙයි. එබැවින්, අපි හිටපු පා.ම.ගේ ප්‍රකාශයවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: ජනාධිපති වැය ශීර්ෂය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන: නාමික සහ මූර්ත අගයන් ඇසුරින් (2011 – 2026

 



මූලාශ්‍රය

Appropriation Bills, Ministry of Finance. https://www.treasury.gov.lk/web/appropriation-act/section/2026

Inflation data, Central Bank of Sri Lanka

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.