රනිල් වික්‍රමසිංහ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ: ඇතැම් නිවැරදි සංඛ්‍යා සහිතව වුව ද, කරන ප්‍රකාශය වැරදිය

"

මා අග්‍රාමාත්‍යවරයාව සිටිය දී මසකට ආණ්ඩුවේ ආදායම රුපියල් මිලියන 150,000ක් වුණා. ගිය මාසයේ ආණ්ඩුවේ ආදායම වුණේ මිලියන 50,000යි. රාජ්‍ය සේවක වේතන හා විශ්‍රාම වැටුප් ගෙවීමටත් මිලියන 90,000ක් අවශ්‍යයි.

දිවයින | අගෝස්තු 3, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් තම ප්‍රකාශය තුළ කරුණු දෙකක් සඳහන් කරයි. එනම්, (1) 2020 ජූලි වන විට රජයේ අදායම ශ්‍රී ලංකා රුපියල් බිලියන 50 ක් දක්වා -එනම් රුපියල් බිලියන 100 කින්- පහත වැටී ඇති බවත්; එසේම (2) වේතන සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වන වැය, සැලකිය යුතු ප්‍රමාණයකින් ආදායම ඉක්මවා යන බවත් වේ.

මෙම ප්‍රකාශයේ එන කරුණු පිරික්සීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික විවරණිකා පරිශීලනයට ගෙන ඇත.

1 වන කරුණ: පළමුවෙනි නිදර්ශකය මගින් පෙන්නුම් කෙරෙන්නේ, රජයේ ආදායම 2019 ජූලි මසදී රුපියල් බිලියන 143.9 ක සිට, 2020 ජූලි මස වන විට රුපියල් බිලියන 99.8 ක් දක්වා පහත වැටී ඇති බවයි. කෙසේ නමුත් එසේ පහත වැටී ඇත්තේ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි රුපියල් බිලියන 50 ක් දක්වා නොවේ. ඔහු අගමැතිව සිටි කාලයේ රජයේ මාසික ආදායම සම්බන්ධයෙන් ඔහුගේ ඇගයුම් ආසන්න වශයෙන් නිවැරදි යැයි තක්සේරු කළ හැකි වුවත්, 2020 ජූලි මස ආදායම රුපියල් බිලියන 50 ක් පමණකි යන්න සැලකිය යුතු ප්‍රමාණයක වැරදි අගයක් දැක්වීමකි. එහි ප්‍රතිඵලය වන්නේ, හිටපු අගමැතිවරයා විසින් තම ප්‍රකාශයේ දක්වා ඇති රුපියල් බිලියන 100 ක ආදායම් අඩුවීම හා සසඳන විට, සැබෑ වශයෙන් ආදායම අඩු වී ඇත්තේ එම රුපියල් බිලියන 100න්  භාගයකටත් වඩා අඩු අගයකින් වීමයි.

2 වන කරුණ: 2020 ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ වේතන, දෛනික වැටුප් සහ විශ්‍රාම වැටුප්වල සාමාන්‍යය ගත් විට එය රුපියල් බිලියන 83.8 ක් වී ඇත. මෙහිදී හිටපු අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අගය ආසන්න වශයෙන් නිවැරදි යැයි තක්සේරු කළේ වුවත්, ඔහු විසින් රජයේ ආදායම සැලකිය යුතු ප්‍රමාණයකින් අවතක්සේරු කර තිබීම නිසා වේතන, දෛනික වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වන වැය රජයේ ආදායම ඉක්මවන බවට කර ඇති ප්‍රකාශයද අසත්‍ය වේ.

තම ප්‍රකාශය තුළ යම් යම් ආසන්න වශයෙන් නිවැරදි සංඛ්‍යාවන් උපුටා දක්වා තිබුණද, 2020 ජූලි මාසයේ රජයේ ආදායම ලෙසින් උපුටා දැක්වූ සංඛ්‍යාව සැලකිය යුතු ලෙසින් සැබෑ සංඛ්‍යාවට වඩා වෙනස් වීම හේතුවෙන්, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන කරුණු දෙකම සාවද්‍ය වී ඇත.

එනිසා, අපි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉහත ප්‍රකාශය සාවද්‍ය යැයි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

නිදර්ශකය 1: රජයේ ආදායම (ප්‍රදානයන් අත හැර) (ශ්‍රී ලංකා රුපියල් බිලියන)



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක 2020 ජූනි 04, 3.1 වගුව, පි.11, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200604_e1.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක 2020 ජූනි 12, 3.1 වගුව, පි.11, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200612_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක 2020 ජූලි 10, 3.1 වගුව, පි.11, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200710_e1_0.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක 2020 අගෝස්තු 07, 3.1 වගුව, පි.11, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200807_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක 2020 සැප්තැම්බර් 18, 3.1 වගුව, පි.11, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200918_e1.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක 2020 ඔක්තෝබර් 16, 3.1 වගුව, පි.11, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_16_10_2020_E_.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 ජනවාරි මාසික විවරණිකාව, 30 වගුව, පි.32, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/Monthly_Bulletin_January_2020_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 පෙබරවාරි මාසික විවරණිකාව, 28 වගුව, පි.30, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/Monthly_Bulletin_February_2020_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 පෙබරවාරි මාසික විවරණිකාව, 30 වගුව, පි.32, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/Monthly_Bulletin_February_2020_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 මාර්තු මාසික විවරණිකාව, 28 වගුව, පි.30, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/Monthly_Bulletin_March_2020_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 මාර්තු මාසික විවරණිකාව, 30 වගුව, පි.32, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/Monthly_Bulletin_March_2020_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 අප්‍රේල් මාසික විවරණිකාව, 30 වගුව, පි.32, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/monthly_bulletin_april_202020.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 මැයි මාසික විවරණිකාව, 30 වගුව, පි.32, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/monthly_bulletin_may_202020.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 ජූනි මාසික විවරණිකාව, 31 වගුව, පි.33, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/monthly_bulletin_june_202020.pdf

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.