මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්

බැංකු පද්ධතියේ ශක්තිය පිළිබඳව මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය මත විශ්වාසය තැබිය හැකියි.

"

16% කට වැඩි සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයකින්, 130% කට වැඩි ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතයකින්, 175% කට වැඩි ද්‍රවශීලතා ආවරණ අනුපාතයකින් සහ 32% කට වැඩි ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයකින් යුතුව, බැංකු ක්ෂේත්‍රය ශක්තිමත්ව පවතිනවා. මේ කාර්ය සාධන දර්ශක සමගින්, කිසිවෙකුට බැංකු පද්ධතියේ වත්මන්

ඩේලි නිව්ස් | ජූනි 8, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ගෝලීය සහ දේශීය බැංකු මගින් ගන්නා අවදානම තක්සේරු කිරීම ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකු (CBSL) අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ගේ ප්‍රකාශය ඇගයුම් කිරීම සඳහා FactCheck.lk  විසින්, මහ බැංකු මගින් මුදල් හා මූල්‍යමය ස්ථාවරත්වය අත්පත් කරගැනීමට සිදුකරනා ප්‍රයත්නයන් සඳහා මෙහෙවර කරනා හා සහාය ලබාදෙන ජාත්‍යන්තර සංවිධානයක් වන අන්තර්ජාතික පියවීම් බැංකුව (BIS) මගින් සකස් කරනා ලද ප්‍රතිපත්ති සමූහය විමසා බලා ඇත. ශ්‍රී ලංකාවේ දේශීය බැංකු ආයතන නියාමනය කෙරෙනු ලබන්නේ,  අන්තර්ජාතික පියවීම් බැංකුවේ (BIS) මාර්ගෝපදේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව මගිනි.

මහබැංකු අධිපතිවරයා විසින් උපුටා දාක්වන ලද අනුපාතයන්, උක්ත සම්මතයන් මත පදනම් වූ අදාළ දර්ශකයන් වේ. ඔහු විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛනයන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වාර්තා කොට ඇත.

මහබැංකු අධිපතිවරයා විසින් සමස්ත බැංකු ක්ෂේත්‍රය සඳහා වන අනුපාතයන්ගේ  වාර්තා කරයි. කෙසේ වෙතත්, බැංකු ක්ෂේත්‍රයේ ශක්තිය, මෙම දර්ශකයන් මත එක් එක් බැංකු දක්වන කාර්ය සාධනය මත රඳා පවතිනු ඇත. එක් එක් බැංකුව සඳහා වන එක් එක් දර්ශකය සඳහා වන යෝග්‍ය මිණුම් සලකුණු, එම එක් එක් බැංකුවේ පද්ධතිමය වැදගත්කම මත ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදී ඇති වර්ගීකරණය මත පදනම්ව විචලනය වේ.

2020 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාවේ ඉහළින්ම සිටිනා බැංකු 10 ම මෙම නියාමන අවශ්‍යතාවයන් පූර්ණ කොට ඇත්, ඔවුන්ගේ නියාමන ශක්තිය පෙන්නුම් කරමිනි (නිදර්ශකය 1).

එනිසා, මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි තක්සේරු කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

තම ප්‍රකාශය ඔස්සේ මහ බැංකු අධිපතිවරයා, රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිය ඇගයුම් කිරීම සඳහා අවශ්‍ය නිවැරදි අනුපාතයන් හඳුනාගනී.

කෙසේ නමුත්, සමස්ත බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍යය සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවන්නේ, ඒ ඔස්සේ යම් යම් බැංකු මුහුණ දෙන නොපෙනෙන ගැටළු සැඟවිය හැකි බැවිනි. මන්දයත්, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ ශක්තිය රඳා පවතින්නේ, තනි තනි බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදී ඇති නීති රීති හා අනුකූල වන්නේද යන කරුණ මත බැවිනි.

මෙම නීති රීති, බැංකුවක ප්‍රමාණය, අන්තර්-සම්බන්ධතාවයන් සහිත බව, මූල්‍ය පද්ධතිය තුළ ආදේශක හැකියාව සහ විවිධත්වය මත රඳා පවතී. මෙම ප්‍රභේදනයන් පිළිබිඹු වන ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය බැංකු කාණ්ඩගත කොට ඇත. ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව “D-SIB: bucket 2” යටතේ කාණ්ඩගත කොට ඇති අතර, හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් බැංකුව “D-SIB: bucket 1” යටතේ කාණ්ඩගත කෙරී ඇත. මෙම බැංකු පද්ධතිමය වශයෙන් වැදගත් ලෙසින් සැලකෙන අතර, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීම උදෙසා අනෙකුත් “D-SIB නොවන” බැංකු හා සංසන්දනය කිරීමේදී ඔවුන් වඩාත් ඉහළ විචක්ශණශීලීත්වයකින් යුත් කාර්ය සාධන දර්ශකයන් සැපිරිය යුතු යැයි අදහස් කෙරේ. (නිදර්ශකය 2)

නිදර්ශකය 1: 2020 මාර්තු 31 වන විට ශ්‍රී ලංකා බැංකුවල කාර්ය සාධන දර්ශකයන්

නිදර්ශකය 2: 2020 වන විට ශ්‍රී ලංකා බැංකු සඳහා වන අවම නියාමන අවශ්‍යතාවයන්



Additional Note

ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රය නියාමන අවශ්‍යතාවයන් පරිපූර්ණ කොට තිබුණත්, බැංකු ක්ෂේත්‍රය තුළ වර්ධනය වෙමින් තිබෙනා යම් යම් විය හැකි අවදානම් තත්වයන්ගේ සංඥාවන්ද වේ. 2020 මැයි මාසයේදී Fitch Ratings ඔස්සේද ශ්‍රී ලංකාවේ බැංකුවල මෙහෙයුම් තත්ත්ව ලකුණු ‘b’ සිට ‘b-‘ දක්වා පහත හෙළා සංශෝධනය කොට තිබුණේ, ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම කෙරෙහි ඇති වූ පීඩනයත් ශ්‍රී ලංකා ආර්ථිකයේ අවදානම් සහගත තත්වයත් හේතු කොට ගනිමිනි. මීට අමතරව, 2019 පළමු කාර්තුව සහ 2020 පළමු කාර්තුව ඇතුළතදී අක්‍රිය වත්කම් (NPA) ප්‍රමාණය 4.2% කින් ඉහළ නැඟ තිබුණේ, ජනතාවට තමන්ගේ ණය ගෙවීමට ඇති හැකියාවේ විය හැකි කඩා වැටීමක් හඟවමිනි. ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය තක්සේරු කිරීමෙහි ලා අක්‍රිය වත්කම් (NPA) සම්බන්ධයෙන් විශේෂයෙන් නියම කළ සීමාවක් නොමැති වුවත්, මෙම සමස්ත ඉහළ නැඹුරුව සැලකිල්ල දැක්විය යුතු කාරණාවක් වේ. පවතින වත්කම් (NPA) ප්‍රමාණය, 2014 තුන්වන කාර්තුවෙන් පසු වාර්තා වූ වැඩිම අක්‍රිය වත්කම් ප්‍රමාණය වේ.


මූලාශ්‍රය

“Sri Lanka Trims Systemically Important Banks in New D-SIB Rule, Capital Buffers Changed.” ඉකොනොමිනෙක්ස්ට්, 2019 දෙසැම්බර් 23, economynext.com/sri-lanka-trims-systemically-important-banks-in-new-d-sib-rule-capital-buffers-changed-37249/#:~:text=Autos-,Sri%20Lanka%20trims%20systemically%20important%20banks%20in%20new,SIB%20rule%2C%20capital%20buffers%20changed&text=Other%20banks%20reaching%20assets%20of,percent%20weight%2C%20has%20been%20adopted.

“Basel III: International Regulatory Framework for Banks.” අන්තර්ජාතික පියවීම් බැංකුව, 2017 දෙසැම්බර් 7, www.bis.org/bcbs/basel3.htm.

“High-Level Summary of Basel III Reforms .” අන්තර්ජාතික පියවීම් බැංකුව, 2017 දෙසැම්බර්, www.bis.org/bcbs/publ/d424_hlsummary.pdf.

මුණසිංහ, ජොආන්. “The Implications of the Basel Regulations for the Sri Lankan Financial System.” ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානය, 2019 ඔක්තෝබර් 17, lki.lk/blog/the-implications-of-the-basel-regulations-for-the-sri-lankan-financial-system/.

ලංකා බැංකුව. Basel III අනාවරණ අවශ්‍යතාවයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

ලංකා බැංකුව. 2019 වාර්ෂික වාර්තාව, 31.12.2019. වෙබ්. 2020 ජූලි 17.

කොමර්ෂල් බැංකුව. Basel III – 016 අංක 01 දරන බැංකු පනත් විධානයන්ට අනුව 3 වන ස්ථම්භය යටතේ වන අනාවරණයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

ඩීඑෆ්සීසී බැංකුව. 2020 මාර්තු 31 වෙනිදායින් අවසන් වන මාස තුන සඳහා අතුරු මූල්‍ය ප්‍රතිඵල, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

හැටන් නැෂනල් බැංකුව. Basel III අනාවරණ අවශ්‍යතාවයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

ජාතික සංවර්ධන බැංකුව. අතුරු මූල්‍ය ප්‍රතිඵල – 2020 මාර්තු 31 වෙනිදායින් අවසන් වන කාර්තුව, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව. Basel III – 3 වන ස්‍ථම්භය යටතේ වන අවම අනාවරණ අවශ්‍යතා, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව. 2020 මාර්තු 3 වෙයින්දායින් අවසන් වන මාස තුනක් සඳහා අතුරු මූල්‍ය ප්‍රතිඵල, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

මහජන බැංකුව. Basel III – 2016 අංක 01 දරන බැංකු පනත් විධානයන්ට අනුව 3 වන ස්ථම්භය යටතේ වන අනාවරණයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

සම්පත් බැංකුව. 2020 මාර්තු 31 න් අවසන් වන කාලසීමාව සඳහා අතුරු මූල්‍ය වාර්තා, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

සෙලාන් බැංකුව. වෙළෙඳපොළ ශික්ෂාව– 016 අංක 01 දරන බැංකු පනත් විධානයන්ට අනුව 3 වන ස්ථම්භය යටතේ වන අවම අනාවරණ අවශ්‍යතා, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.