ශාන්ත බණ්ඩාර

බදු මුක්තියෙන් මුදල් විශුද්ධිකරණයට මුක්තියක් නොලැබෙන බවට මන්ත්‍රී බණ්ඩාර නිවැරදිව ප්‍රකාශ කරයි

"

විශේෂයෙන්ම මෙම පනත (2021 වසරේ අංක 18 දරණ මුදල් පනත) හරහා මුදල් විශෝධනය කිරීම වැළැක්වීමේ පනත ඇතුළු මුදල් සම්බන්ධව ඇති කිසිදු පනතක් අහෝසි වන්නේ නැහැ.

දිවයින | සැප්තැම්බර් 10, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ, මින් පෙර අනාවරණය නොකරන ලද ආදායම් සහ වත්කම් ස්වේච්ඡාවෙන් අනාවරණය කරන අයවලුන්ට බදු ක්ෂමාව ප්‍රදානය කරන, අභිනවයෙන් සම්මත වූ මුදල් පනත සන්දර්භය ලෙසින් ගනිමිනි. මෙම මුදල් පනත මගින් මුදල් විශුද්ධිකරණයට ඉඩ ලබාදෙන බවට නැගුණු චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කළ අතර, ඔහු එහිදී සඳහන් කර සිටියේ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමට සම්බන්ධ අනෙකුත් නීති ඔස්සේ සිදුවන මෙහෙයුම්, මෙම නව මුදල් පනතින් ‘අවලංගු’ නොවන බවයි. 

මුදල් පනතේ අදාළ වගන්ති කියවා බැලීම ඔස්සේ, FactCheck.lk මගින් මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව තක්සේරු කර ඇත. 

1979 2000, 2006 සහ 2017 වසරවල දේශීය ආදායම් පනත් සහ එකතු කළ අගය මත​ බදු පනත ආදිය යටතේ, 2020 මාර්තු 31 වෙනිදාට පෙරාතුව හෙළිදරව් කළ යුතුව තිබූ, මින් පෙර හෙළිදරව් නොකරන ලද, බදු අය විය යුතු ආදායම් හෝ වත්කම් ස්වේච්ඡාවෙන් හෙළිදරව් කරන්නන්ට, මුදල් පනතේ වෙනි කොටස මගින් ප්‍රතිලාභ (බදු සම්බන්ධ දඬුවම් වලින් මුක්තිය, හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් රහස්‍යභාවය සුරැකීම සහ වෙනත්) ලබාදී තිබේ. 

කෙසේ නමුත්, මුදල් පනතේ 2 (2) කොටස මගින්, පහත සඳහන් කාණ්ඩයන්ට අයත් වන ඕනෑම පුද්ගලයෙකු ඉහත කියූ ආකාරයේ ප්‍රතිලාභ ලැබීමෙන් බැහැර කොට තිබේ. එනම්, (අ) විමර්ශනයට ලක් වෙමින් සිටින අයෙකු; (ආ) තමන්ට එරෙහිව අධිකරණයක නඩුවක් පවතින අයෙකු; හෝ (ඇ) පහත සඳහන් නීති යටතේ, හෙළිදරව් නොකරන ලද, බදු අය විය යුතු ආදායම් හෝ වත්කම් සම්බන්ධයෙන් වන වරදකට චූදිතයා බවට තීන්දු වූ අයෙකු පෙර කියූ ප්‍රතිලාභයන් නොලබයි. 

  1. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත. 
  2. ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත. 
  3. අල්ලස් පනත. 
  4. මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත. 

මුදල් පනතේ 7 (1) කොටස මගින් සඳහන් කෙරෙන්නේ, මෙම පනත යටතේ සිදු කෙරෙන අනාවරණයන්ට රහස්‍යභාවය ලැබෙන බවයි. කෙසේ නමුත්, එවැනි රහස්‍යභාවයක් සුරැකීම අවශ්‍ය කෙරෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් පමණි. ඒ අනුව, ඉහත සඳහන් පනත් සතරෙන් ආවරණය වන නීති යටතේ වරද සිදුකර ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු මුදල් පනත යටතේ සිය ආදායම් හෝ වත්කම් අනාවරණය කිරීමක් සිදු කළහොත්, නීති අංශ නිලධාරීන්ට වෙනත් මාර්ගයන් ඔස්සේ විමර්ශන සිදු කර එවැනි අයෙකු හෙළිදරව් කිරීමට ඇති හැකියාව මෙම පනතෙන් නොවැළැක්වේ. ඕනෑම අවස්ථාවක නීති අංශ නිලධාරියෙකුට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සන්තකයේ ඇති යම් තොරතුරු අනාවරණය සඳහා යොමු වන අධිකරණ විධාන/වරෙන්තු ලබාගැනීමට ඇති හැකියාව මෙම මුදල් පනතින් නොවැළැක්වේ.  

සරලව කියවා බැලීමේදී පෙනී යන්නේ, මුදල් විශුද්ධිකරණ පනත හෝ මූල්‍ය අපරාධ වැළැක්වීමේ අරමුණින් පිහිටුවා ඇති නීති හෝ ක්‍රියාත්මක වීම අහෝසි කිරීමක් හෝ අත්හිටුවීමක් මෙම මුදල් පනතේ එන විධිවිධානයන්ගෙන් සිදු නොවන බවයි. එසේමනීති අංශ බලධාරීන් හට විමර්ශන දියත් කිරීම සහ වරදක වගකීම පැවරීම සඳහා සුදුසු පියවර ගැනීම ඔස්සේමුදල් විශුද්ධිකරණය සහ ඊට අදාළ අපරාධ අනාවරණය කිරීම සඳහාමෙම මුදල් පනත යටතේ සැලසී ඇති  රහස්‍යභාවය රැකීම සම්බන්ධ විධිවිධානයන්ගෙන් බාධා නොපැමිණේ. 

ඒ අනුවපාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි වේ යැයි අපි තහවුරු කරමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

2021 අංක 18 දරන මුදල් පනත, ප්‍රවේශය: http://www.ird.gov.lk/en/publications/Acts_Other%20Levies%20%20Taxes/Finance_Act_No_18_2021_E.pdf [අවසන් වරට ප්‍රවේශය 2021 ඔක්තෝබර් 20] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.