ඉරාන් වික්‍රමරත්න

කොටස් වෙළදපළෙන් විදෙස් ආයෝජන පිටතට ගලායෑම ගැන හරියටම දැනුම් දෙයි

"

කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...

ලංකා බිස්නස් ඔන්ලයින් | ජනවාරි 18, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ උක්ත ප්‍රකාශයේ නිරවද්‍යතාවය පිරික්සා බැලීම සඳහා, FactCheck.lk මගින් කොළඹ කොටස් වෙළඳපොළේ කාර්තුගත ප්‍රකාශනයන්හි මෙන්ම, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාවන්හි ඇතුළත් වන දත්ත පරිශීලනය කොට ඇත.

2020 ජනවාරි මස සිට එම වසරේ දෙසැම්බර් මස දක්වා කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය හිමිකරුවන්ට අයත් වූ කොටස්වල සමස්ත විකුණුම් අගය (පිටතට ගලා යෑම) රුපියල් බිලියන 104 ක් ලෙසින් වාර්තා වී ඇත.

එම කාල වකවානුව සඳහාම විදේශීය හිමිකරුවන්ට අයත් වූ කොටස්වල සමස්ත මිලදී ගැනුම් අගය (ගලා ඒම) රුපියල් බිලියන 53 ක් ලෙසින් වාර්තා වී ඇත.

ඉහත දැක්වෙන වාර්තා වී ඇති විකුණුම් සහ මිලදී ගැනුම් අතර වෙනස, නැතිනම් ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 51 කි (වඩාත් නිවැරදිව පවසන්නේ නම් රුපියල් 51,355,712,983 කි). එය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් සඳහන් කරන්නට යෙදුණු අගයම වේ.

එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

නිදර්ශකය 1: 2020 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කොළඹ කොටස් වෙළඳපොළ වෙත සමුච්චිත ශුද්ධ විදේශ විනිමය ගලා ඒම් (රුපියල් බිලියන)

නිදර්ශකය 2: 2020 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මිලදී ගැනීම් සහ විකිණීම් සාරාංශය

 



මූලාශ්‍රය

කොළඹ කොටස් වෙළඳපොළ, 2020 දෙසැම්බර් 31 කාර්තුගත ප්‍රකාශනය, පි.3, ප්‍රවේශය: https://cdn.cse.lk/cmt/upload_cse_report_file/quarterly_report_473_31-12-2020.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 පෙබරවාරි 23]

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, වාර්ෂික වාර්තාව (විවිධ වසරවල), ප්‍රවේශය:  https://www.sec.gov.lk/index.php/annual-reports/ [අවසන් වරට ප්‍රවේශය: 2021 පෙබරවාරි 23]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.