Fact-check on President Ranil Wickremesinghe’s Special Address to the Nation on June 26, 2024

ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජූනි 26 වැනිදා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාවක් පවත්වන ලදි. FactCheck.lk කණ්ඩායම ජනාධිපති වික්‍රමසිංහගේ කතාවෙහි ඇතුළත්ව තිබූ ප්‍රකාශයන් හතරක් කරුණු පිරික්සීමට ලක් කළ අතර එම ඇගයීමෙන් පසු ඉන් ප්‍රකාශ දෙකක් නිවැරදියි යනුවෙනුත් ප්‍රකාශයන් දෙකක් වැරදියි යනුවෙනුත් වර්ගීකරණය විය. එම ප්‍රකාශයන්ට අදාළ ආඛ්‍යානයන්, වර්ගීකරණයන් සහ පරිශීලනය කරන ලද මූලාශ්‍ර ඇතුළු විස්තර පහත ඡේදයන්හි දක්වා තිබේ.

අංක 1

කරුණු පිරික්සීම: 2023 වර්ෂය සඳහා ජංගම ගිණුමේ ශේෂය එ.ජ.ඩොලර් මිලියන 1,559 ක ධන ශේෂයක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේදත්ත හෙළි කරයි. 1977 වසරෙන් පසු ඒ සඳහා ධන ශේෂයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම අවස්ථාවේදීශේෂය එ.ජ.ඩොලර් මිලියන 144ක් විය.

අංක 2

කරුණු පිරික්සීම: 2022 පළමු කාර්තුවේදී ආර්ථික වර්ධනය සෘණ 0.6% ක් විය. ඉදිරි කාර්තු පහ තුළ එය පිළිවෙලින් සෘණ 5.3%, 11.2%, 12.4%, 10.7% සහ 3% ලෙස සටහන් විය. 2023 තුන්වන කාර්තුවේදී එය 1.6% කින් ද ඊ‌ට පසු කාර්තුවලදී 4.5% සහ 5.3% කින් ද එය වර්ධනය විය.

අංක 3

කරුණු පිරික්සීම2022 අප්‍රේල් මාසයේ සිට එ.ජ.ඩොලර් බිලියන 5.5 කින් සංචිත වැඩි වී ඇති බව මෙම ප්‍රකාශය හඟවයි. මෙහිදී සඳහන් කර ඇති එ.ජ.ඩොලර් බිලියන 5.5 ක සංචිත අගය ආසන්න වශයෙන් නිවැරදි ය. එහෙත්, මෙම අගයට චීන මහජන බැංකුව සමඟ එළැඹෙන ලද එ.ජ.ඩොලර් බිලියන 1.3 ක මුදල් හුවමාරු ගිවිසුම ද ඇතුළත් වේ.

2022 අප්‍රේල් මාසයේ දී සංචිත වඩාත් පහළ මට්ටමක පැවති අවස්ථාවේදී (‘පතුළටම හිඳී’), චීන මහජන බැංකුවේ මුදල් හුවමාරුව (මෙය වියදම් කළ නොහැක) එ.ජ.ඩොලර් බිලියන 1.5 ක් ලෙස වාර්තා විය. මේ අනුව, සංචිතවල වැඩිවීම එ.ජ.ඩොලර් බිලියන 4 (5.5 – 1.5) ට වඩා වැඩි විය නොහැක. එනම්, සංචිත එ.ජ.ඩොලර් බිලියන 5.5 කින් වැඩි වී ඇති බවට සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවේ.

අංක 4

2014 සිට බෙලීස්, මොංගෝලියාව, ආර්ජන්ටිනාව සහ ඉක්වදෝරය වැනි රටවල් ණය ගෙවීම පැහැර හැරීමේ දිනයේ සිට වසරකට අඩු කාලයක් තුළ ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර ඇති අතර චැඩ් සහ බාබඩෝස් වසර දෙකකට අඩු කාලයක් ඒ සඳහා ‌ගෙන ඇත. ශ්‍රී ලංකාවට වඩා වැඩි කාලයක් ඒ සඳහා ගෙන ඇත්තේ සුරිනාම් සහ සැම්බියාව (මෙම රටවල් දෙකම වසර දෙකකට වැඩි කාලයක් ගෙන ඇත) පමණි.

මේ අනුව, ‘අවුරුදු 2ක්’ වැනි ‘කෙටි කාල’ රාමුවක් තුළ ලෝකයේ කිසිම රටක් ප්‍රතිව්‍යුහගත කිරීමේ ‘ජයග්‍රහණය’ ලබාගෙන නැතැයි පැවසීම සම්බන්ධයන් ජනාධිපතිවරයා නිවැරදි නොවේ.

This post is also available in: English සිංහල