විරාන් කොරෙයා
විරාන්, පර්යේෂණ දායකයෙකු වශයෙන් වෙරිටේ රීසර්ච් ආයතනය සමඟ සම්බන්ධ වන අතර නීති ක්ෂේත්රයට අදාළ ප්‍රකාශයන් සඳහා FactCheck.lk විසින් සිදු කෙරෙන විශ්ලේෂණ සඳහා ඔහු උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරයි. නඩු පැවරීම් පිළිබඳ පුළුල් අත්දැකීමක් ඔහුට ඇත. මෙය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අභියාචනාධිකරණයත් ආශ්‍රිතව වේ. එමෙන්ම, පොදු නීතිය, ව්‍යවස්ථාපිත නීතිය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයයෙක් වන විරාන් මෙම ක්ෂේත්‍ර තුළ හැරවුම් ලක්ෂ්‍යයන් සනිටුහන් කළ නඩු ගණනාවකට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. විරාන් වසර කිහිපයක් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතීඥවරයෙකු ලෙස සේවය කර ඇති බැවින් නීති වෘත්තිකයෙකු ලෙස රාජ්‍ය අංශයේ පළපුරුද්දක්ද ඔහුට ඇත. ඔහු රාජ්‍ය ආයතන සහ ක්‍රියාකාරීන්ට මෙන්ම පුද්ගලික අංශයටද නඩු පැවරීම්වලදී උපදෙස් ලබා දී නියෝජනය කර ඇත. විරාන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඔහු නීතීඥවරයෙකුද වෙයි.