සුනන්ද මද්දුම බණ්ඩාර

1959 සිට රටේ වර්ධනය ගැන ජනපති උපදේශක කියන කතාව වැරදියි

"

1959 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 140ක් විය. ආර්ථික අර්බුදයෙන් පසු 2020 වසරේදී එය ඩොලර් 3474 ක් විය. රටේ ආදායම් මට්ටම මෙන්ම ජනතාවගේ ආදායම් මට්ටමද විශාල වෙනසකට බඳුන්ව ඇති බව ද එම තත්වයෙන් පැහැදිලි වේ.[...]දකුණු ආසියාවේ සියලු‍ම රටවල් අභිබවා යන ආකාරයේ ආර්ථික වර්ධනයක් ද සංවර්ධනයක්

ලංකාදීප | මාර්තු 27, 2024

false

වැරදියි

තොරතුරු පිරික්සීම

(අ) 1959 සිට මේ දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ආදායම් මට්ටම් ‘විශාල’ ලෙස (25 ගුණයකින්) වැඩි වී ඇති බවත්, (ආ) සෙසු දකුණු ආසියාතික රටවල් අභිබවා යන වර්ධනයක් ශ්‍රී ලංකාව ළඟා කර ගත් බවත් ජනාධිපති උපදේශක සුනන්ද මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර සිටී.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ලෝක ආර්ථික දැක්ම 2023 සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2022 යන වාර්තා පරිශීලනය කරන ලදි.

(අ) කරුණ: ආදායම විශාල ලෙස වැඩි වූ බව පැවසීමේදී ජනාධිපති උපදේශකවරයා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෙස උපුටා දක්වා ඇත්තේ එහි එ.ජ.ඩොලර් වටිනාකමේ නාමික අගයයි. කෙසේ වෙතත්, යම් නිෂ්පාදිතයක මිල වැඩි වීම යනු එහි නිෂ්පාදනයේ ඉහළ නැංවීමක් නොවන බැවින් ආදායම් මට්ටමේ වර්ධනය (මෙය මිලදී ගැනීමේ හැකියාව/නිෂ්පාදනයට සමාන වේ) “නාමික” අගයන් ඇසුරින් මනිනු නොලැබේ. එය මනිනු ලබන්නේ “මූර්ත” අගයන්-එනම්, මිල/උද්ධමනය සැලකිල්ලට ගෙන වෙනස් කර සකසා ඇති නිෂ්පාදන අගයන් ඇසුරිනි. එබැවින්, ‘මූර්ත’ අගයන්ගෙන් මෙම වර්ධනය දැක්වීමට නම්, ( i ) ශ්‍රී ලංකා රුපියල්වලින් දක්වන්නේ නම්: මහ බැංකුව විසින් වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ මූර්ත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, හෝ (ii) එ.ජ.ඩොලර්වලින් දක්වන්නේ නම්: ශ්‍රී ලාංකිකයින්ට ඇමෙරිකා එකස්ත් ජනපදයේදී භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාවේ වර්ධනය(එය ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ නාමික වර්ධනය එ.ජ.ඩොලර් බවට හරවා ඇමෙරිකා එක්සත් ජනපදයේ උද්ධමනයට ගැලපෙන සේ සැකසූ විට ලැබෙන අගය වේ), යොදා ගත හැක.

“විශාල” වැඩිවීමක් ලෙස (25 ගුණයකින්) උපුටා දක්වා ඇති වර්ධනය “නාමික” එ.ජ.ඩොලර්වලින් ගත් විට වසරකට 5.2% ක් ද, “මූර්ත”එ.ජ.ඩොලර්වලින් ගත් විට 1.9% ක් පමණක් ද වන සාමාන්‍ය වැඩවීමක් බව අංක 1 වගුව පෙන්වා දේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවේ මූර්ත වර්ධනය උපදේශකවරයා සඳහන් කළ කරුණට වඩාත් අදාළ වන අතර එය 1959 – 2022 දක්වා කාලය තුළ 3.6% ක වාර්ෂික සාමාන්‍යයක් ලෙස වාර්තා වී ඇත (අංක 1 වගුව බලන්න).

 (ආ) කරුණ: දකුණු ආසියාවේ සියලුම රටවල් අභිබවා ගිය වර්ධනයක් ශ්‍රී ලංකාව සැබවින්ම ළඟා කර ගත්තේ ද? එම දත්ත සංසන්දනය කිරීම සඳහා FactCheck.lk කණ්ඩායමට සොයා ගත හැකි වූයේ 1980 සිට මේ දක්වා කාලයට අදාළ වූ දත්ත පමණි.

මෙහිදී “මූර්ත” ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සැලකූ විට මාලදිවයින සහ භූතානය දේශීය මුදල් ඒකක මෙන්ම එ.ජ.ඩොලර් ඇසුරින් ද ගත් විට 1980 සිට ශ්‍රී ලංකාව අභිබවා ගොස් ඇති බව අංක 2 වගුව පෙන්වා දෙයි. මීට අමතරව, දේශීය මුදල් ඒකක ඇසුරින් ගත් විට ඉන්දියාව ද ශ්‍රී ලංකාව අභිබවා ගොස් ඇත.

ජනාධිපති උපදේශකවරයා සඳහන් කරන ලද කරුණ වුයේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අනෙකුත් රටවල් අභිබවා ගිය විශාල වර්ධනයක් අත්කර ගෙන ඇති බවයි. එහෙත්, එලෙස “විශාල” යන නිගමනය ඉදිරිපත් කරන ලද්දේ  “මූර්ත” වර්ධනය යනු “නාමික” වර්ධනය යැයි වරදවා වටහා ගැනීමෙන් බවත්, දකුණු ආසියානු රටවල් තුනක් මූර්ත ඒක පුද්ගල වර්ධනයට අදාළව ශ්‍රී ලංකාව අභිබවා ගොස් ඇති බවත් මෙම විශ්ලේෂණය පෙන්වා දේ (ප්‍රවේශ විය හැකි, එනම් 1980 සිට ඉදිරියට පවතින දත්ත මත).

එබැවින්, අපි ජනාධිපති උපදේශකවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන: ඉහත සඳහන් දර්ශකවලට අමතරව වෙනත් මානව සංවර්ධන දර්ශක කිහිපයක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බව ප්‍රකාශ  කරමින් සමස්තයක් ලෙස ජනාධිපති උපදේශකවරයා විසින් මෙම කරුණ සඳහන් කර තිබිණ. මෙම කරුණු පරීක්‍ෂාව මගින් ඇගයීමට ලක් කර ඇත්තේ ආදායම් මට්ටමේ ඒක පුද්ගල වර්ධනයට අදාළ කරුණ පමණි.

අංක 1 වගුව: ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්වීම එ.ජ.ඩොලර් සහ රුපියල්වලින්

අංක 2 වගුව: 1980 සිට මේ දක්වා දකුණු ආසියාතික රටවල වාර්ෂිකකරණය කරන ලද මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය

සටහන: ඇෆ්ගනිස්ථානය සඳහා දත්ත නොතිබුණි



මූලාශ්‍රය

ලෝක ආර්ථික දැක්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

වාර්ෂික වාර්තාව 2022, ශ්‍රී ලංකා මහ බැංකුව, https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.