තොරතුරු පිරික්සීම
මාවෙයි සේනාධිරාජාගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තහවුරු කර ගැනීම උදෙසා අප විසින් මූලාශ්රයන් දෙකක් භාවිතා කොට ඇත. ඒවා නම් (අ) සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCRM), සහ (ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ශ්‍රි ලංකාව විසින් ඉදිරිපත් කළ සයවැනි ආවර්තික වාර්තාව වේ.
මෙම වාර්තාවලින් ලබාගත් දත්ත වගුව 1 මගින් ඉදිරිපත් කර ඇත. මෙම මූලාශ්රයන් දෙකම මගින් තහවුරු කොට ඇත්තේ, 2009 දී ආරක්ෂක හමුදා මගින් අත්පත් කොටගත් ඉඩම්වලින්, 2019 මාර්තු වන විට මහජනතාවට නිදහස් කොට ඇති ඉඩම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙසින් ගත් විට 75% ක් පමණ වන බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජා විසින් කළ ප්‍රකාශයෙන් උපුටා දක්වා තිබෙන්නේ උතුරු පළාත ගැන පමණකි. එසේ වුවත් මහජනයාට පොදුවේ ප්‍රවේශ විය හැකි දත්ත මගින් පෙන්වා දෙන්නේ මෙම සමස්ත තක්සේරුව උතුරු සහ නැගෙනහිර පළාත් යන දෙකම සඳහා අදාළ වන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජාගේ මුල් ප්‍රකාශයේ හඬ පටයට අනුව (දෙවන නිදර්ශකය පරිශීලනය කරන්න) ඔහු විසින් රජයේ සංඛ්‍යාලේඛනයන් උපුටා දක්වන බවක් පෙනෙන අතර, ඔහු එහි වැඩිදුරටත් ගෙනහැර දක්වන්නේ පුවත්පත් වාර්තාවේ දැක්වෙන ලෙසට විශේෂ කොටම උතුරු පළාතටම අදාළ සංඛ්‍යාලේඛනයන් නොව එම පළාතේ යම් යම් විශේෂ ස්ථානයන්ය. මෙම සංඛ්‍යාවන් පළමු වගුවෙන් දැක්වේ.
මහජනයාට පොදුවේ ප්‍රවේශ විය හැකි එකම සංඛ්‍යාලේඛනයන් ඉහත දක්වා ඇති ඒවා වන බැවින් සහ උතුරු හා නැගෙනහිර පළාත් එක්ව ගත් විට එම දත්ත නිවැරදි වන බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි කියමු.
*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.
වගුව 1: ආරක්ෂක හමුදා මගින් අත් කොටගෙන ඇති ඉඩම්
මූලාශ්‍රය
- නිදර්ශකය 2: පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජා විසින් 2019 අගෝස්තු 15 දින සිදුකළ සම්පූර්ණ කථාව
- ප්‍රවේශය මෙතැනින්: http://bit.do/senathirajahspeech
- සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCRM) නිල වෙබ් අඩවිය, ‘නිදහස් කළ ඉඩම් 2009 – 2019’, මෙතැනින් ප්‍රවේශ වන්න: https://www.scrm.gov.lk/infographics?lightbox=dataItem-ju87cpj5 [අවසන් වරට ප්‍රවේශය: 2019 සැප්තැම්බර් 11]
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ සයවැනි ආවර්තික වාර්තාව, මෙතැනින් ප්‍රවේශ වන්න: https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=CCPR%2fC%2fLKA%2f6&Lang=en [අවසන් වරට ප්‍රවේශය: 2019 සැප්තැම්බර් 11]