තොරතුරු පිරික්සීම
මූලික වශයෙන් වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සැපයුම් සේවා, ප්‍රවාහනය සහ ඉදිකිරීම් යන ක්ෂේත්රවල සිදු වූ වර්ධනය හේතුවෙන් 2023 වසරේ දී ශ්‍රී ලංකාවේ සේවා අපනයනය 69% කින් වර්ධනය වූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ විසින් ප්‍රකාශ කරන ලදි.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන කාර්ය සාධන වාර්තාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළ කරනු ලබන ගෙවුම් තුලනයට අදාළ සංඛ්‍යාලේඛන පරිශීලනය කර ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්තා කරනු ලබන්නේ අපනයනය කෙරෙන සියලුම සේවාවන්වල උප කුලකයකට අදාළ වන සංඛ්‍යලේඛන පමණි. එනම්, මහ බැංකුව විසින් ආවරණය කෙරෙන අංශ 12 න් 5 ක් සඳහා අදාළ සංඛ්‍යාලේඛන පමණි (අතිරේක සටහන 1 බලන්න). 2022 දී එ.ජ.ඩොලර් බිලියන 1.889 ක් වූ මෙම සේවාවන්ගේ අපනයනය 2023 දී එ.ජ.ඩොලර් බිලියන 3.195 දක්වා එ.ජ.ඩොලර් බිලියන 1.306 කින් වැඩි වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාව පෙන්වා දෙයි. මෙය 69% ක වර්ධනයකි. එබැවින්, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්තා කරන ලද දත්ත මත පදනම්ව සැලකූ විට සභාපතිවරයාගේ ප්‍රකාශය නිවැරදි වේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් සඳහන් කරන ලද සේවා අංශ අතුරින්, අපනයන වර්ධනය සඳහා විශාලතම දායකත්වය සැපයුම් සේවා අංශයෙන් ලැබී තිබූ අතර එය එ.ජ.ඩොලර් මිලියන 874 ක වර්ධනයක් (මුළු වැඩිවීමෙන් 67%) විය. අපනයන වර්ධනය කිරීම සඳහා දෙවනුවට ඉහළම දායකත්වය එ.ජ.ඩොලර් මිලියන 346 (26%) ක අපනයනයක් වාර්තා කළ ඉදිකිරීම් සේවා අංශයෙන් වාර්තා වී තිබූ අතර, තෙවනුවට, තොරතුරු හා සන්නෙිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රය (ICT/BPM) හරහා එ.ජ.ඩොලර් මිලියන 115 (9%) ක් හිමි වී තිබිණි.
එක් එක් අංශය විසින් අපනයන වර්ධනය වෙත ලැබුණු දායකත්වය පිළිබඳව සඳහන් කළ අනුපිළිවෙල සැලකූ විට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සන්නෙිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රය සඳහා ඉහළම වැදගත්කමක් ලබා දී තිබුණ ද, එමගින් සේවාවන්ගේ වර්ධනය සඳහා ලැබී ඇත්තේ සාපේක්ෂ වශයෙන් අඩු දායකත්වයකි. කෙසේ වෙතත්, මෙමගින් ඔහු විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන තර්කයට එතරම් හානියක් සිදු නොවේ.
එබැවින්, අපි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන 1 : මහ බැංකුව මෙන්ම ලෝක බැංකුව සහ ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මගින් ආවරණය වන නමුත් අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවට ඇතුළත් නොවන අමතර අංශවලට සංචාරක, රක්ෂණ සහ විශ්‍රාම වැටුප් සේවා, නිෂ්පාදන සේවා, නඩත්තු කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ සේවා, බුද්ධිමය දේපල භාවිතා කිරීම සඳහා අය කරනු ලබන ගාස්තු මෙන්ම පුද්ගලික, සංස්කෘතික සහ විනෝදාත්මක සේවාවන් යන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
මෙම අතිරේක කාණ්ඩ ද ඇතුළත් කළ විට, 2022 දී එ.ජ.ඩොලර් බිලියන 3.1 ක් වශයෙන් පැවති ශ්‍රී ලංකාවේ සේවා අපනයන, 2023 දී එ.ජ. ඩොලර් බිලියන 5.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 77% ක වර්ධනයක් සනිටුහන් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළ අගයද ඉක්මවා යයි. එ.ජ.ඩොලර් මිලියන 932 (මුළු වර්ධනයෙන් 40% ක්) කින් වර්ධනය වූ ප්‍රවාහන සේවා ක්ෂේත්‍රයත්, එ.ජ.ඩොලර් මිලියන 874 ක් (37%) එක් කළ සැපයුම් සේවා ක්ෂේත්‍රයත් එ.ජ.ඩොලර් බිලියන 2.354 ක මෙම වර්ධනයට ඉහළම දායකත්වයක් ලබා දුන් අංශ වේ.
අතිරේක සටහන 2: 2022 ට සාපේක්ෂව 2023 දී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ ද, ශ්‍රී ලංකාවේ සේවා අපනයනයන් අර්බුදයට පෙර සමයේ(2019) පැවති මට්ටමට මෙතෙක් ළඟා වී නොමැත. අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙන්ම මහ බැංකුවේ ඊට අදාළ නිර්වචනයන් ඇසුරින් ද සේවා අපනයන විශ්ලේෂණය කිරීමේදී මෙය සත්‍යයක් බව පෙනී යයි.
අංක 1 වගුන: සේවා අපනයනයන් සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පළ කර ඇති දත්ත
* 2019 දී, සාමාන්‍ය භාවිතයෙන් බැහැරව, සේවා අපනයන සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පළ කළ නිල සංඛ්‍යාලේඛනවලට තොරතුරු හා සන්නෙිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහා ප්‍රවාහන සහ සැපයුම් සේවා මෙන්ම සුවතා සංචාරක ව්‍යාපාරය ද ඇතුළත් කර තිබිණි. කෙසේ වෙතත්, සුවතා සංචාරක ව්‍යාපාරය පිළිබඳ දත්ත 2019 න් පසු වර්ෂයන් සඳහා සංඛ්‍යාලේඛනවලට ඇතුළත් කර නොමැත. සුවතා සංචාරක ව්‍යාපාරය බැහැර කළ විට, 2019 සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සේවා අපනයනය සඳහා පළ කර ඇති වටිනාකම එ.ජ.ඩොලර් මිලියන 3,708 ක් පමණි.
මූලාශ්‍රය
අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන කාර්ය සාධන දර්ශක 2023. https://www.srilankabusiness.com/ebooks/export-performance-indicators-of-sri-lanka-2023.pdf
ශ්‍රී ලංකා මහ බැංකුව, විදෙශ් අංශයේ සංඛ්‍යාලේඛන, https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector