ඉරාන් වික්‍රමරත්න

ශ්‍රම බලකායේ පවත්නා ස්ත්‍රී පුරුෂ පරතරය ගෙනහැර දැක්වීම සඳහා වික්‍රමරත්න, නිවැරදි සංඛ්‍යාලේඛන භාවිතා කර ඇත

"

2016 දී ශ්‍රී ලංකාවේ ශ්‍රම බල දායකත්වය (LFP) කාන්තාවන් 36% ක් වන විට පිරිමින් 75% ක් විණි.

ඩේලි එෆ්ටී | සැප්තැම්බර් 25, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

එවකට රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින්, තම ප්‍රකාශයේ සඳහන් (අ) ශ්‍රි ලංකාවේ ශ්‍රම බල දායකත්වයේ විශාල ස්ත්‍රී පුරුෂ වෙනසක් තිබෙන්නේය; සහ (ආ) වයස අවුරුදු 15-24 ත් අතර කාන්තාවන් අතර ඉහළම විරැකියාව පවතින්නේය යන කරුණු තහවුරු කිරීම සඳහා 2016 වසරින් ගත් සංඛ්‍යාලේඛනයන් දක්වා තිබිණි. 

FactCheck.lk මගින් ඔහුගේ ප්‍රකාශය තක්සේරු කිරීම සඳහා, 2016 වසර සඳහා වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාවේ සහ ලෝක ආර්ථික සංසදයේ (WEF) ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවේ (Global Gender Gap report) අඩංගු දත්ත භාවිතා කොට ඇත. ශ්‍රම බල දායකත්ව වාර්ෂික වාර්තාව 2017 වසර දක්වා ලබාගැනීමට ඇති අතර, ලෝක ආර්ථික සංසදයේ වාර්තාව 2018 වසර දක්වා ලබාගැනීමට ඇත. හිටපු අමාත්‍යවරයා විසින් විශේෂයෙන්ම 2016 වසර දක්වා ඇති හෙයින්, 2016 වසරේ සංඛ්‍යාලේඛන භාවිතා කරමින් FactCheck.lk මගින් ඔහුගේ ප්‍රකාශය තක්සේරු කොට ඇත.

කෙසේවෙතත් 2016 වසරට ඔබ්බෙන් වන නවතම දත්ත ඉදිරිපත් කර තිබේ. එසේවූවත්එම නවතම දත්ත මගින් හිටපු අමාත් විකරමරත්නගේ සමස්ත තර්කයට පදනමක් ලබා දේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් දැක්වෙන්නේ, 2016 වසරේ ශ්‍රම බල දායකත්වය 75.1% ක් පිරිමි පාර්ශවය සහ 35.9% ක් කාන්තා පාර්ශවය මගින් ලබාදෙන බවයි. එසේම 2017 වසර සඳහා මෙය පිරිමි පාර්ශවය 74.5% ක් හා කාන්තා පාර්ශවය 36.6% ක් වී ඇත (වගුව 1 බලන්න). එනම් මෙය රතිශත අනුව ගතහොත් 2016 දී 39.2% ක ප්‍රමාණයක් සහ 2017 දී 37.9%  ක ප්‍රමාණය ක් වන ස්ත්‍රී – පුරුෂ පරතරයකි. ලෝක ආර්ථික සංසදය මගින් ශ්‍රම බල දායකත්වයේ ස්ත්‍රී – පුරුෂ පරතරය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කොට ඇති ලෝකයේ රටවල් 144ක් අතුරින් ශ්‍රී ලංකාව 131 ක් වෙනි ස්ථානයට ඇතුළත් කොට ඇත. එනම් 14 වැනි තැනට විශාලතම ස්ත්‍රී පුරුෂ පරතරය ඇති රට ශ්‍රී ලංකාවයි. 2017 වසරේ දී හා 2018 වසරේ දී ශ්‍රී ලංකාව දැරූ මෙම ශ්‍රේණිය පිළිවෙලින් රටවල් 144 කින් 132 වෙනි තැනට සහ රටවල් 149 කින් 130 වෙනි තැනට විචලනය විණි. එනිසා ශ්‍රම බල දායකත්වය පිළිබඳව හිටපු අමාත්‍යවරයා දක්වා ඇති සංඛ්‍යාවන් නිවැරදි වේ. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් තවදුරටත් දක්වා සිටින්නේ, 2016 වසරේ ඉහළම විරැකියා මට්ටමක් තිබූ කණ්ඩායම (29.2%) වන්නේ වයස අවුරුදු 15-24 ත් අතර කාන්තාවන් බවයි. මෙය එම වයස් කාණ්ඩයේම සිටිනා පිරිමි කණ්ඩායමට වඩා 12.1% ක ප්‍රමාණයකින් සහ ඊලඟට වැඩිම විරැකියාවකින් පෙළෙන කාන්තා වයස් කාණ්ඩය වන වයස අවුරුදු 25-29 ත් අතර කණ්ඩායමට වඩා 13.3% ක ප්‍රමාණයකින් ඉහළ වූ අගයකි. 2017 දී මෙම විරැකියා ප්‍රතිශතය 24.5% දක්වා පහත වැටී තිබිණි. 

මේ නයින් බැලූ විට හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ඔහුගේ ප්‍රකාශයේ වන කරුණු දෙකේදීම නිවැරදි වේ. එනිසා ඔහුගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි පවසමු.  

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

 



Additional Note

කෙසේ වුවත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම ශ්‍රම බල දායකත්ව ගණනය කිරීම් සඳහා, විදෙස් රටවල සේවයේ යෙදෙනා සැලකිය යුතු ප්‍රමාණයක ශ්‍රී ලංකා කාන්තාවන් පිරිස සලකා බලා නැත. ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ රැකියා කරන්නන් ප්‍රමාණයද මීට ඇතුළත් වූයේ නම්, ශ්‍රම බල දායකත්වය සඳහා ගණනය කෙරෙනා කාන්තාවන් සංඛ්‍යාව වැඩි වනු ඇත.


මූලාශ්‍රය

  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2015පි. 23, ප්‍රවේශය මෙතැනින්: http://www.statistics.gov.lk/samplesurvey/LFS_Annual%20Report_2015.pdf 
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2016පි. 23, ප්‍රවේශය මෙතැනින්: http://www.statistics.gov.lk/samplesurvey/LFS_Annual%20Report_2016.pdf [අවසන් වරට ප්‍රවේශය2019 ඔක්තෝබර් 15] 
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2017, පි. IV, 25, ප්‍රවේශය මෙතැනින්: http://www.statistics.gov.lk/samplesurvey/LFS_Annual%20Report_2017_version2.pdf [අවසන් වරට ප්‍රවේශය2019 ඔක්තෝබර් 15] 
  • ලෝක ආර්ථික සංසදයගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාව 2016පි. 322, ප්‍රවේශය මෙතැනින්: http://www3.weforum.org/docs/GGGR16/WEF_Global_Gender_Gap_Report_2016.pdf [අවසන් වරට ප්‍රවේශය2019 ඔක්තෝබර් 15] 
  • ලෝක ආර්ථික සංසදයගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාව 2017පි. 302, ප්‍රවේශය මෙතැනින්: http://www3.weforum.org/docs/WEF_GGGR_2017.pdf  [අවසන් වරට ප්‍රවේශය2019 ඔක්තෝබර් 15] 
  • ලෝක ආර්ථික සංසදයගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාව 2018පි. 255, ප්‍රවේශය මෙතැනින්: http://www3.weforum.org/docs/WEF_GGGR_2018.pdf [අවසන් වරට ප්‍රවේශය2019 ඔක්තෝබර් 15] 
  • මුල් ප්‍රකාශය සඳහා පිවිසෙන්න: http://www.ft.lk/business/ARTDO-shares-ideas-for-sustainable-future/34-686408 [අවසන් වරට ප්‍රවේශය2019 ඔක්තෝබර් 15]