පාඨලී චම්පික රණවක

වැට් බදු සහන නිසා වැඩි නොවූ රාජ්‍ය සේවක වැටුප් ගැන පා.ම. චම්පික රණවක කියයි

"

මේ වැට් බදු සහනය නොදුන්නා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රු. 30,000 න් වැඩි කරන්න පුළුවන් මාසෙකට.

පාඨලී චම්පික රණවකගේ ෆේස්බුක් පිටුව | ජූලි 10, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

වැට් බදු සහනය හේතුවෙන් අහිමි වූ බදු ආදායම යොදා ගත්තේ නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මසකට රුපියල් 30,000 න් ඉහළ නැංවීමට හැකිව තිබූ බව පෙන්වා දෙමින් පා.ම. පාඨලී චම්පික රණවක විසින් මුදල් අමත්‍යාංශයේ බදු වියදම් පිළිබඳ ලේඛනයක් උපුටා දක්වන ලදි.

මෙම කරුණෙහි සත්‍යසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ බදු වියදම් ප්‍රකාශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණයේ ඇතුළත් දත්ත පරිශීලනය කරන ලදි.

2022/2023 දී ලබා දුන් වැට් බදු සහන හේතුවෙන් අය නොකර අත්හැර දැමූ ආදායම රුපියල් බිලියන 554 ක් බව මුදල් අමාත්‍යාංශයේ ලේඛනය හෙළි කරයි. එමෙන්ම, 2023 වසරේදී සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 1,353,860 ක් බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.

මෙම සංඛ්‍යාලේඛනවලට අනුව රජයේ සේවකයින්ගේ මාසික ආදායම එක් සම්පූර්ණ වසරක් සඳහා රු. 34,122 න් ඉහළ නැංවීමේ හැකියාවක් පැවතුණු අතර එය  පා.ම.ගේ ප්‍රකාශය සමඟ සමපාත වේ.

වැට් බදු සහන හරහා ආදායම අත් නොහරින ලද්දේ නම් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට හැකියාව තිබූ බවට (අයවැය හිඟය ඉහළ නැංවීමකින් තොරව) පා.ම. සිදු කළ ප්‍රකාශය රජය විසින් වාර්තා කර ඇති සංඛ්‍යාලේඛනවලින් සනාථ වේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන 1: ඉහළ නංවන ලද වැටුප් 2023 න් පසුව එලෙසම පවත්වා ගෙන යා හැකි බවක් ඉහත කරුණ සනාථ වූ පමණින් අදහස් නොවේ. මෙයට හේතුව වර්තමාන ආර්ථික ප්‍රතිසාධන සැලැස්මේ අයවැය හිඟයට අදාළ ඉලක්ක සපුරාලීම සඳහා දැනට පවතින වැටුප් යටතේ සම්පාදිත 2024 අයවැයෙන් බොහෝ වැට් බදු සහන ඉවත් කර තිබීමයි. එබැවින්, අයවැයට කිසිදු බලපෑමක් සිදු නොවන අයුරින් 2024 වසර තුළ ද මෙම වැටුප් වැඩි කිරීම එලෙසම පවත්වා ගෙන යාමට නම් නව ආදායම් මාර්ග අවශ්‍ය වනු ඇත.



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික ආර්ථික විවරණය 2023, ප්‍රවේශය,

https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2023/statistical-appendix

මුදල් අමාත්‍යාංශය, බදු වියදම් ප්‍රකාශය, ප්‍රවේශය https://www.treasury.gov.lk/api/file/28292d55-16d1-459a-85ea-1a4222422014

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.