මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය

"

පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය...

ද අයිලන්ඩ් | ජනවාරි 12, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2019 ජනවාරි 12 වන දින ‘ද අයිලන්ඩ්’ පුවත්පත මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ පහත ප්‍රකාශය වාර්තා කර තිබේ.

පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය…. මෙසේ ලබා ගන්නා ණය මගේ රජය කාලයදී ලබා ගත් ණය ගෙවීම සඳහා ලබා ගන්න බව කීවත්, මෙම ණය ලබා ගන්නේ පෙර ණය ගෙවීමට නම්, රටෙහි ඉතිරිව ඇති මුළු ණය ප්‍රමාණය වැඩි විය නොහැක.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ දෙකක් සිදු කරයි:

1. 2014 වසරෙහි දෙසැම්බර් මාසය වන විට රටෙහි තිබූ මුළු ණය ප්‍රමාණයෙන් 50% කට සමාන ණය ප්‍රමාණයක් එ.ජා.ප. ආණ්ඩුවෙන් ණයට ගෙන ඇත; සහ

2. මෙම ආණ්ඩුව ණය ලබා ගන්නේ පෙර ලබා ගත් ණය ගෙවීමට පමණක් නම් රටෙහි ඇති මුළු ණය ප්‍රමාණය වැඩි විය නොහැක.

මෙයට අදාළ දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ රාජපක්ෂ මහතා ප්‍රකාශයන් දෙක පිළිබඳවම නිවැරදි නොවන බවයි.

පළමු ප්‍රකාශය:

1 වගුවෙන් ලබා දී ඇත්තේ 2014 වසර අවසානය වන විට (මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලය අවසන් වන විට) සහ 2018 සැප්තැම්බර් වනවිට (රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය සිදු කරන විට) රටෙහි තිබූ මුළු දේශීය සහ විදේශීය ණය ප්‍රමාණයන්ය. අපගේ ගණනය කිරීම්වලට අනුව පෙනී යන්නේ වර්තමාන රජය යටතේ එකතු වූ මුළු ණය ප්‍රමාණය 2014 වසරේ දෙසැම්බර් වන විට තිබූ ණය ප්‍රමාණයෙන් 35.9% ක් බවත්, රාජපක්ෂ මහතා පැවසූ පරිදි 50% ක් නොවන බවත් ය.

මේ අනුව පළමු ප්‍රකාශය සාවද්‍යය.

දෙවන ප්‍රකාශය:

මෙම ප්‍රකාශය සත්‍යයක් වන්නේ ණය ලබා ගෙන ඇත්තේ පොළියක් නොමැතිව නම් පමණි. පොළියක් නොමැතිව ණය ලබා ගන්නේ නම් ගෙවීමට සිදු වනුයේ ලබා ගත් ප්‍රාග්ධනය පමණි.

කෙසේ වෙතත් “ණය ආපසු ගෙවීම්” වලදී ගෙවන්නට සිදු වන්නේ ප්‍රාග්ධන වියදම් පමණක් නොවේ. පොළී  ගෙවීම්ද මෙයට ඇතුළත්ය. අනෙකුත් ගෙවීම් සිදු කළ පසු රජයට අතිරික්ත ආදායමක් නැත්නම් ඉහත කී පොළී ගෙවීම් සිදු කරන්නට සිදු වන්නේ තවත් ණය ලබා ගැනීමෙනි. මෙම ණය සඳහා තවත් පොළී ගෙවීම් සිදු කළ යුතු අතර, ඒ සඳහා යළිදු ණය ලබා ගත යුතුය. එබැවින් රජය ණය ලබා ගන්නේ පෙර ණය ගෙවීමට පමණක් වූවද මුළු ණය ප්‍රමාණය ඉහළ යනු ඇත.

මේ අනුව රාජපක්ෂ මහතාගේ දෙවන ප්‍රකාශයද සාවද්‍යය.

මේ කරුණු සලකා බලා අප විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සාවද්‍ය ලෙස නම් කර ඇත.

2014 වසර අග වන විට තිබූ ණය සඳහා පොළිය ගෙවීම හේතුවෙන් වැඩිවූ ණය ප්‍රමාණය කොපමණද?

2 වගුවෙන් පෙන්වන්නේ 2014 වසර තෙක් ලබාගත් ණය සඳහා පොළිය ගෙවීමට 2015 වසරේ සිට 2018 සැප්තැම්බර් වසර දක්වා දැරීමට සිදුවූ වියදමයි. මෙම වියදම රු. බිලියන 2,059 පමණ වන අතර, එය 2014 වසර වන ලබා ගෙන තිබූ ණය ප්‍රමාණයෙන් 24.8% ක් ය. වර්තමාන රජය වෙනත් වියදම් පියවා ගැනීමට ණය නොගෙන, පසුගිය ණය සඳහා පොළිය ගෙවීමට පමණක් වැඩිදුර ණය ලබා ගත්තා නම්  රටෙහි මුළු ණය ප්‍රමාණය ඉහල යාමට තිබුණේ ඉහත සඳහන් 24.8% ක ප්‍රතිශතයෙනි. (මෙම ගණනය කිරීම සඳහා යොදා ගත පොළී අනුපාත උපකල්පනයන් සඳහා * සලකුණු බලන්න.)

මෙම ප්‍රකාශය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ණය පිළිබඳ නොමගයවනසුළු ප්‍රකාශ සිදු කිරීමට හේතු දැනගැනීම සඳහා වැඩිදුරටත් කියවන්න.

ණය ඉහළ යෑම පිළිබඳව මාධ්‍ය මගින් දක්නට ලැබෙන බොහෝ වැරදි වැටහීම් පදනම්ව ඇත්තේ මුදල් ඒකකයන්හි අගය අඩුවීම විදේශ ණය කෙරෙහි දක්වන බලපෑම වරදවා අර්ථකථනය කර, එය ණය ලබාගැනීමේ ඉහළ යාමක් ලෙස දැක්වීමෙනි. විදේශ ණය ලබා ගනු ලබන්නේ විදේශ මුදල් ඒකක වලින් සළකා බැලූ විට අඩු පොළී අනුපාතයකටයි. මෙය දේශීය මුදල් ඒකක මගින් ලබා ගන්නා ණය වලටද අඩු අනුපාතයකි. කෙසේ වෙතත් විදේශ ණය ලබා ගැනීම වඩා ලාබදායක නම් දේශීය වශයෙන් ණය ලබා ගැනීමට හේතුවක් නොමැති වේ. එහෙත් විදෙස් ණය ලබා ගැනීමේදී සෘජු වියදම්වලට අමතරව මුදල් ඒකකවල අගය අඩුවීම තුලින් වක්‍ර වියදම් ඇතිවේ. එබැවින් සාපේක්ෂව අගය අඩු වීම අවම මුදල් ඒකකයකින් (උදාහරණයක් ලෙස ඉන්දියානු රුපියල) ණය ලබා ගැනීමේදී ඉහත කී පරිදි මුහුණ පෑමට සිදුවන වක්‍ර පොළී ගෙවීම් සාපේක්ෂව අවම වේ.

කිසිවෙකු 2014 වසර අග වන විට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය 2014 වසරේ විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් වලට හරවා තවද 2018 වසරේ මුළු විදෙස්  ණය 2018 වසරේ විනිමය අනුපාතයට අනුව රුපියල්වලට හරවා මෙම අගයන් දෙක සංසන්දනය කළහොත් මෙහිදී වැඩිවූ ණය ප්‍රතිශතය ලෙස ලැබෙන්නේ වැඩි අගයකි. (සැබවින්ම, මහින්ද රාජපක්ෂ මහතා පැවසූ 50% ක ණය වැඩි වීම මෙලෙසින් ගණනය කළ හැක.) කෙසේ වෙතත් මෙය රජයේ ණය ඉහළ යාම පිලිබඳ වැරදි ගණනය කිරීමකි. ඇමෙරිකානු ඩොලර් මගින් ලබාගත් ණය ප්‍රමාණයෙහි කිසිදු වැඩිවීමක් නැති වුවද, ඉහත කී පරිදි විනිමය අනුපාතිකයන් දෙකක් යටතේ ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ප්‍රමාණයන් ගණනය කොට සංසන්දනය කළහොත් 2018 වසර සඳහා ඇති ණය ප්‍රමාණය 2014 වසරේ එම ණය ප්‍රමාණයටම වඩා (ඇමෙරිකානු ඩොලර් වලින් ගත් කළ) වැඩි අගයක් පෙන්නුම් කරනු ඇත.

සැබවින්ම, 2014 වසරේ ඇමෙරිකානු ඩොලර් ණය එම කාලයේ විනිමය අනුපාතිකයට අනුව රුපියල්වලට හැරවූවා නම් එයට ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් ණයට අදාළ වන, වඩා ඉහළ පොළී ගෙවීමේ වියදම් ලැබෙනු ඇත. මෙයින් ණය ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවීමේදී වක්‍රව අදාළ වන පොළී ගෙවීමේ වියදම් සෘජු වියදම් බවට පත් කරනු ඇත (මුදල් ඒකකයන්හි අගය අඩු වීම හරහා).

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1:  පසුගිය රජයන් විසින් ලබා ගත් ණය ප්‍රමාණය හා 2014 සිට 2018 සැප්තැම්බර් දක්වා වැඩිවූ ණය ප්‍රතිශතයක් ලෙස

වගුව 2: පෙර හා වර්තමාන රජයන් යටතේ ලබාගත්  ණය



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහා බැංකුවෙහි වාර්ෂික වාර්තා හා දත්ත වගු, *2018 සැප්තැම්බර් මස විනිමය අනුපාතිකය ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 169.39 විය. මෙම අගයන් වාර්තා කිරීමේදී අදාළ ගණනය කිරීම් ළඟම මිලියනයට හා බිලියනයට රවුම් කර ඇති අතර, එසේ රවුම් නොකර ගණනය කළ අගයන් හා සැසඳීමේදී සුළු සුළු වෙනස්කම් තිබිය හැක.

ශ්‍රී ලංකා මහා බැංකුව; මුදල් අමාත්‍යාංශය, *ඇමෙරිකානු ඩොලරයකට රුපියල් (2018 වසර සඳහා) – 169.39

*මෙම ගණනය කිරීමේදී අප විසින් දේශීය පොළී අනුපාතය 8.79% ක් ලෙසත් (2015-2017 කාලය තුළ වසරක භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකයෙහි සාමන්‍යය, මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව) විදේශීය පොළී අනුපාතය 2.99% ක් ලෙසත් (විදේශීය පොළී අනුපාතිකයෙහි සාමන්‍යය, 2016 වසරේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය වර්තාවට අනුව) උපකල්පනය කර ඇත.