තොරතුරු පිරික්සීම
ජාතික ජන බලවේග රජය විසින් අධික ලෙස ණය ලබා ගෙන ඇතැයි යන චෝදනාවට පිළිතුරු දෙමින් ආර්ථික කටයුතු සහ මූල්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත සිදු කළ ප්‍රකාශයක් ඩේලි මිරර් පුවත්පත විසින් වාර්තා කරන ලදි. සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ ලබා ගත් ණය මුදලින් වැඩි ප්‍රමාණයක් (86%) දැනට ලබා ගෙන ඇති ණය බැඳීම් සේවාකරණය කිරීම සඳහා භාවිතා කළ බව ඔහු විසින් එහිදී සඳහන් කර ඇත.
මෙම කරුණෙහි සත්‍යසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ණය පිළිබඳසංඛ්යාලේඛන අධ්‍යයනය කරන ලදි.
සැප්තැම්බර් 27 සහ ඔක්තෝබර් 15 අතර කාලය තුළ (සැප්තැම්බර් 25 වැනි දින පැවති වෙන්දේසියක් හැර) රජය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි තුනක් හරහා රුපියල් බිලියන 357 ක් ද, භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි මගින් අතිරේක රුපියල් බිලියන 104.5 ක් ද වශයෙන් රුපියල් බිලියන 461.5 ක මුළු මුදලක් රැස් කර ගෙන ඇත. මෙය මහාචාර්ය ජයන්ත විසින් උපුටා දක්වන ලද 465.1 අගය සමඟ සමීපව සමපාත වේ. මෙහි වෙනසට හේතුව පහ සහ එක යන අවසාන ඉලක්කම් දෙක මාරු කර සිදු වූ පිටපත් කිරීමේ දෝෂයක් විය හැක. නිකුත් කර ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් බවට මහාචාර්ය ජයන්තගේ ප්‍රකාශය උපුටා දැක්වීමේදී වාර්තා කර ඇති නමුත් එය බිල්පත් සහ බැඳුම්කර ඇතුළු සියලුම භාණ්ඩාගාර උපකරණවලට අදාළව සිදු කර ඇතැයි යනුවෙන් මෙම ප්‍රකාශයේ සන්දර්භයට අනුව FactCheck.lk විසින් එය අර්ථකථනය කර ඇත.
මීට පෙර ලබා දෙන ලද ණය සඳහා කල්පිරීම් ගෙවීම සහ කල් පිරී නොමැති ණය සඳහා පොලී ගෙවීම යනුවෙන් මෙහිදී සේවාකරණය කර ඇති ණය ආකාර දෙකකි. කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් රුපියල් බිලියන 390.9 ක් ආපසු ගෙවා ඇති අතර, රුපියල් බිලියන 22 ක් දැනට පවතින භාණ්ඩාගාර බැඳුම්කර සඳහා සිදු කරන ලද කූපන් ගෙවීම් විය. ඒ අනුව, ඉහත සඳහන් කර ඇති කාලසීමාව තුළ ණය සේවාකරණය වෙනුවෙන් වැය වූ මුළු මුදල රුපියල් බිලියන 412.9 ක් විය. එනම්, නිකුත් කරන ලද නව ණය ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 89% ක් ණය සේවාකරණය සඳහා භාවිතා කරඇත.
සාරාංශයක් ලෙස, උපුටා දක්වන ලද සංඛ්‍යාව ඊට අදාළ නිශ්චිත සංඛ්‍යාවෙන් සුළු වශයෙන් වෙනස් වුව ද, ණය මුදලින් 85% කට වඩා වැඩි කොටසක් ණය සේවාකරණය වෙනුවෙන් නිකුත් කරන ලදැයි යනුවෙන් මහාචාර්යවරයා සිදු කළ සමස්ත ප්‍රකාශය නිවැරදි වේ.
එබැවින්, අපි එම ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
මූලාශ්‍රය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ණය පිළිබඳසංඛ්යාලේඛන