රෝහිණී කවිරත්න

පා.ම. රෝහිණී කවිරත්නට සල්ලි අච්චු ගැසීම ගැන ඇතැම් කරුණු මගහැරේ

"

පහුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ කබ්රාල් දෙන්නා කරපු දේම තමයි මේ [ජාජබ] ආණ්ඩුවත් කරන්නේ [...]මහ බැංකුව සල්ලි අච්චු ගහන්න මේ වෙන කොට වාර වෙන්දේසියයි, එක් රැය වෙන්දේසියයි, පාවිච්චි කරනවා. පහුගිය සිකුරාදා [ඔක්තෝබර් 25] එක් රැය වෙන්දේසිය හරහා රුපියල් බිලියන 36.16 ක් අච්චු ගහලා තියෙනවා. පහුගි

ශ්‍රී ලංකා මිරර් | ඔක්තෝබර් 28, 2024

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සිදු කළ ආකාරයටම වත්මන් රජය ද සල්ලි අච්චු ගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න විසින් ප්‍රකාශ කරන ලදි. (1) ඔක්තෝබර් 25 දින පවත්වන ලද එක් රැය වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36.16 ක වැඩිවීමක් ද, (2) ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතිය තුළ පවත්වන ලද වාර වෙන්දේසි හරහා රුපියල් බිලියන 70 ක වැඩිවීමක් ද, (3) පසුගිය මාසයේදී [2024 සැප්තැම්බර්] රුපියල් බිලියන 55.4 ක අතිරික්ත ද්‍රවශීලතාවක් ද සනිටුහන් වූ බව මෙම කරුණ තහවුරු කිරීම සඳහා පා.ම. විසින් පෙන්වා දෙන ලදි.

සල්ලි අච්චු ගැසීම යනු මහ බැංකුවක් ආර්ථිකයක මුළු පදනම් මුදල් වැඩි කරන ආකාරය විස්තර කිරීමට සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා වන යෙදුමකි (සංචිත මුදල් ලෙස ද මෙය හැඳින්වේ). මෙය සංරචක තුනකින් සමන්විත වේ:

  1. ව්‍යවහාර මුදල්,
  2. මහ බැංකුව සන්තකයේ ඇති වාණිජ බැංකුවල තැන්පතු, සහ
  3. මහ බැංකුව සන්තකයේ ඇති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු.

FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත යොදා ගනිමින් පා.ම.ගේ මෙම ප්‍රකාශය තක්සේරු කරන ලදි.

විවිධ අරමුණු සඳහා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත දිනපතා හෝ සතිපතා සපයන ද්‍රවශීලතාව යනු විවට වෙළදපොළ කටයුතු (Open Market Operations) දෙකක් වන අතර පා.ම. විසින් මෙහිදී එය නිවැරදිව හඳුනා ගෙන ඇත (අංක 1 වගුව). කෙසේ වෙතත්, සංචිත මුදල්වලඅඩුවැඩි වීම් (එනම්, සල්ලි අච්චු ගැසීම වැඩි කිරීම හෝ අඩු කිරීම) සිදුවන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහා පමණක්ම නොවේ . රාජ්‍ය ණය සෘජුවමූල්‍යකරණය කිරීම, විදේශ වත්කම් මිලදී ගැනීම සහ මහ බැංකුවේ ශුද්ධ වත්කම් තත්ත්වයේ වෙනස් වීම් වැනි වෙනත් ක්‍රම හරහා ද සංචිත මුදල්වල අඩුවැඩි වීම් සිදු වේ.

2024 සැප්තැම්බර් 26 වන දින රුපියල් බිලියන 1,516 ක සංචිත මුදල් පැවති නමුත් 2024 ඔක්තෝබර් 24 වැනි දින එය රුපියල් බිලියන 1,500 දක්වා අඩු වී තිබූ බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි. මෙම කාලය තුළ විවට වෙළඳපොළ කටයුතු හරහා සංචිත මුදල් වැඩි වී ඇති නමුත් එහි අනෙකුත් සංරචක හරහා එය අඩු වී ඇති බව මින් අවබෝධ වේ. එම නිසා, මෙම කාලය තුළ සංචිත මුදල්වල සිදු වී ඇත්තේ ශුද්ධ අඩුවීමක් මිස පා.ම. සඳහන් කළ ආකාරයට වැඩි වීමක් නොවේ.

පා.ම. මෙහිදී සංචිත මුදල්වල එක් සංචරකයක් පමණක් වන විවට වෙළඳපොළ කටයුතු පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර සමස්ථයක් ලෙස සංචිත මුදල්වලට සිදුවූයේ කුමක්දැයි යන කරුණ වෙත අවධානය යොමු කිරීමට ඇය අපොහොසත් වී ඇත. මේ හේතුවෙන්, අදාළ කාලය තුළ සංචිත මුදල් සැබවින්ම අඩු වී තිබුණ ද එය වැඩි වූ බව ඇය විසින් ප්‍රකාශ කරන ලදි.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු .

අංක 1 වගුව: විවට වෙළඳපොළ කටයුතුවල සහ අතිරික්ත ද්‍රවශීලතාවයේ වෙනස්වීම්



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය ‘දෛනික මෙහෙයුම්: දර්ශක’ https://www.cbsl.lk/eResearch/Modules/RD/SearchPages/Indicators_DailyOperationsNew.aspx [අවසන් වරට ප්‍රවේශය: 2024 දෙසැම්බර් 10].

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය ‘ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිවිකුණුම් ගනුදෙනු’ https://www.cbsl.lk/eResearch/Modules/RD/SearchPages/RepoReverseRepoTransactions.aspx [අවසන් වරට ප්‍රවේශය: දෙසැම්බර් 10].

ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘සතිපතා දර්ශක’ https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators [අවසන් වරට ප්‍රවේශ වූයේ 2024 දෙසැම්බර් 10].

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.