තොරතුරු පිරික්සීම
පසුගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව (FED) හා ඔවුන්ගේ ‘විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන් සඳහා වූ එක්දින ප්‍රතිමිලදී ගැනුම් පහසුකම’ (FIMA Repo Facility) යටතේ ගිවිසුමකට එළැඹිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් මෙය දක්වා තිබුණේ, පළමු වතාවට ශ්‍රී ලංකාවට ස්වෛරීත්ව ජාත්‍යන්තර ණයක් ලබාදීම සඳහා ඇපයක් ඉල්ලා සිටි අවස්ථාව ලෙසින් වන අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම කෙරෙහි ජාත්‍යන්තරව යහපත් හැඟීමක් නොතිබීම වෙත බැර කොට තිබිණි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සඳහා වන බලපෑම අවම කිරීම උදෙසා 2020 මාර්තු මාසයේදී නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව (FED) විසින් විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන් සඳහා වූ ප්‍රතිමිලදීගැනුම් පහසුකම (FIMA Repo Facility) හඳුන්වා දෙන්නට යෙදිණි. වෙනත් ඕනෑම ප්‍රතිමිලදීගැනුම් පහසුකමකදී මෙන්ම මෙහිදීද එම පහසුකම ලබාගන්නා ඕනෑම මූල්‍ය අධිකාරියක් විසින් රාජ්‍ය සංචිත වත්කම් ඇපයක් ලෙසින් තැබීම අවශ්‍ය වේ. මෙම පහසුකම යටතේ හොංකොං, ඉන්දුනීසියාව සහ චීනය යන රටවල මූල්‍ය අධිකාරීන්ද මීට සමාන ගිවිසුම්වලට එළැඹ තිබේ.
අතීතයේදී මීට සමාන ලෙසින් ඇපයන් තබමින් ණය පහසුකම් ලබාගැනීම් වෙත යොමු වූ අවස්ථාවන් පිළිබඳව මහ බැංකුවෙන් නිකුත් වූ වාර්තාවන් හෝ පුවත් වාර්තාවන් හෝ සම්බන්ධ කිසිදු අනාවරණයක් සොයාගැනීමට FactCheck.lk සමත් නොවුණි. එනිසා, මෙය ස්වෛරීත්ව ණයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඇපයක් ඉල්ලා සිටි ප්‍රථම අවස්ථාව ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දක්වා සිටියත්, එසේම (වඩාත් යෝග්‍ය ලෙසින් දක්වන්නේ නම්) මෙය මෙවන් ඇපයක් තැබීම අවශ්‍ය වන මෙවැනි ආකාරයක ණය පහසුකමක් ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙසින්ද දැක්විය හැක.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉහළ අවදානමකින් යුතු ණය ගන්නෙකු ලෙසින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇති හැඟීම උක්ත ආකාරයේ ගිවිසුමකට එලඹීමේදී දායකත්වයක් ලබාදී ඇතැයි මන්ත්‍රීවරයා දක්වන ප්‍රකාශයේ යම් ගත යුත්තක් ඇත. මෙවන් තක්සේරු සඳහා වන සම්මත ඇගයීම වන්නේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා ඈඳුණු අවදානම් වාරිකයක් (එනම් ඔවුන්ගේ ප්‍රතිලාභ අනුපාතයන් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාතයන් අතර වෙනස) වේ. ජූලි මාසයේදී සාමාන්‍ය අවදානම් වාරිකයක් 13.67% ක් විණි. Fitch ශ්‍රේණිගත කිරීම් මගින් 2020 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ස්වෛරීත්වය B- දක්වා පහත හෙළන ලද්දේ, එම පියවර ඉහළ ප්‍රතිමූල්‍යකරණ අවශ්‍යතාවයන්, මුදල් යෙදවීමේ හැකියාව තිබීම පිළිබඳ වඩාත් ඉහළ අවිනිශ්චිතභාවයක්, සහ අවම සංචිත ආවරණයක් තිබීම ඔස්සේ ආයෝජකයින්ගේ මතයේ වෙනස්කම් ඇතිවීමේ අවදානමකට බාහිර ස්ථාවරය නිරාවරණය කිරීම පිළිබිඹු කිරීමක් ලෙසින් අර්ථ දක්වමිනි.
එනිසා, ශ්‍රී ලංකාව නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ණය පහසුකම් ලබාගැනීමේ සන්දර්භය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා නිවැරදි වුවත්, එම ණය සම්බන්ධයෙන් ගත් විට එහි සුවිශේෂීත්වය අර්ථ නිරූපණය කිරීමේදී ඔහු පමණ ඉක්මවා ගොස් ඇත.
එනිසා අපි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් වර්ගීකරණය කරමු.
*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
මූලාශ්‍රය
- ‘Sri Lanka seeking billion dollar repo from New York Fed’, Economy Next (2020 ජූලි 06), ප්‍රවේශය මෙතැනින්: https://economynext.com/sri-lanka-seeking-billion-dollar-repo-from-new-york-fed-71713/ [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය, ‘The Central Bank clarifies its repurchase agreement with the Federal Reserve Bank, New York’, ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/en/news/the-central-bank-clarifies-its-repurchase-agreement-with-the-federal-reserve-bank-new-york [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- Columbia Law Review නිල වෙබ් අඩවිය, ‘The Federal Reserve’s Questionable Legal Basis For Foreign Central Bank Liquidity Swaps’, ප්‍රවේශය මෙතැනින්:https://columbialawreview.org/content/the-federal-reserves-questionable-legal-basis-for-foreign-central-bank-liquidity-swaps/ [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ෆෙඩරල් සංචිත පද්ධතියේ පාලක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය, ‘Federal Reserve announces establishment of a temporary FIMA Repo Facility to help support the smooth functioning of financial markets’, ප්‍රවේශය මෙතැනින්:https://www.federalreserve.gov/newsevents/pressreleases/monetary20200331a.htm[අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- බ්‍රයන් හොරිගන්, ‘The FIMA Repo Facility: The Fed’s Solution to the Global US Dollar Crunch’, Advisor Perspectives (2020 අප්‍රේල් 8) ප්‍රවේශය මෙතැනින්:https://www.advisorperspectives.com/commentaries/2020/04/08/the-fima-repo-facility-the-feds-solution-to-the-global-us-dollar-crunch#:~:text=On%20March%2031%2C%20the%20Federal,called%20the%20FIMA%20Repo%20Facility [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ලිලියන් කරුනුන්ගන්, ‘Asia’s Most Distressed Sovereign Debt May Force Economy ‘Reset’’, බ්ලූම්බර්ග් (2020 ජූනි 08) ප්‍රවේශය මෙතැනින්: https://www.bloomberg.com/news/articles/2020-06-07/asia-s-most-distressed-sovereign-debt-may-force-economy-reset [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ෆෙඩරල් සංචිත පද්ධතියේ පාලක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය, ‘Federal Reserve Board announces the extensions of its temporary U.S. dollar liquidity swap lines and the temporary repurchase agreement facility for foreign and international monetary authorities (FIMA repo facility) through March 31, 2021’, ප්‍රවේශය මෙතැනින්:https://www.federalreserve.gov/newsevents/pressreleases/monetary20200729b.htm[අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- Congressional Research Service, COVID-19: Federal Reserve Support for Foreign Central Banks (2020), ප්‍රවේශය මෙතැනින්: https://crsreports.congress.gov/product/pdf/IF/IF11498[අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- Central Banking 30 නිල වෙබ් අඩවිය, ‘Chilean central bank requests access to NY Fed’s repo facility’, ප්‍රවේශය මෙතැනින්: https://www.centralbanking.com/central-banks/reserves/foreign-exchange/7554041/chilean-central-bank-requests-access-to-ny-feds-repo-facility [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ක්ලවුඩ් වයි, ‘How to use the Fed’s FIMA Repo – the case of Hong Kong’ EconReporter (2020 අප්‍රේල් 29), ප්‍රවේශය මෙතැනින්:https://en.econreporter.com/2020/04/how-to-use-the-feds-fima-repo-case-of-hong-kong/ [අවසන් වරට ප්‍රවේශය: 2020අගෝස්තු 19]
- ඒඩ්‍රියන් වේල් අක්ලස්, ‘Bank Indonesia strikes $60b repo facility deal with US Fed as forex reserves drop’ TheJakartaPost (2020අප්‍රේල් 08), ප්‍රවේශය මෙතැනින්:https://www.thejakartapost.com/news/2020/04/08/bank-indonesia-strikes-60b-repo-facility-deal-with-us-fed-as-forex-reserves-drop.html [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ෆෙඩරල් සංචිත පද්ධතියේ පාලක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය, ‘FIMA Repo Facility FAQs’, ප්‍රවේශය මෙතැනින්: https://www.federalreserve.gov/newsevents/pressreleases/fima-repo-facility-faqs.htm [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය, ‘Daily Treasury Yield Curve Rates’, ප්‍රවේශය මෙතැනින්: https://www.treasury.gov/resource-center/data-chart-center/interest-rates/pages/textview.aspx?data=yield [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සතිපතා ආර්ථීක දර්ශක (2020 ජූලි 31), ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200731_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සතිපතා ආර්ථීක දර්ශක (2020 ජූලි 24), ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200731_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සතිපතා ආර්ථීක දර්ශක (2020 ජූලි 17), ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200717_e1.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සතිපතා ආර්ථීක දර්ශක (2020 ජූලි 10), ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200710_e1_0.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සතිපතා ආර්ථීක දර්ශක (2020 ජූලි 03), ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200703_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තා, ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports[අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]
- Fitch ශ්‍රේණිගත කිරීම්, ශ්‍රේණිගත කිරීම් අර්ථ නිරූපණ වාර්තාව (2020 ජූනි 11), ප්‍රවේශය මෙතැනින්:https://www.fitchratings.com/research/fund-asset-managers/rating-definitions-11-06-2020 [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 19]