ජල විදුලිබල උත්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසේකර ජයසේකර තරමක් නිවැරදියි

"

දැන් මේ වන විටත් ජල විදුලි නිෂ්පාදනය සියයට පනස් හයක් විදිහට තියෙනවා

දයාසිරි ජයසේකරගේ ෆේස්බුක් පිටුව | ජනවාරි 10, 2025

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ විදුලිබලයෙන් 56% ක් දැනට ජල විදුලිබලයෙන් ජනනය වන බව පවසමින් විදුලි ගාස්තු තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව පා.ම. දයාසිරි ජයසේකර මෙහිදී හඟවයි. විදුලි ගාස්තු අඩු කිරීමේ පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමට වත්මන් රජය දක්වන කැපවීම ප්‍රශ්න කිරීමේ පුළුල් සන්දර්භය තුළ පා.ම. විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදි.

මෙම ප්‍රකාශය ඇගයීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික ආර්ථික දර්ශකය සහ සතිපතා ආර්ථික දර්ශකය පරිශීලනය කරන ලදි.

ජල විදුලිබල උත්පාදනය මාසිකව උච්චාවචනය වේ. දෙසැම්බර් මාසයේ විදුලිබල උත්පාදනය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතින බව අංක 1ප්‍රස්තාරය පෙන්නුම් කරන අතර, සමස්ත වාර්ෂික විදුලිබල උත්පාදනයට ජල විදුලිබලයෙන් ලැබෙන දායකත්වයේ සාමාන්‍යය බෙහෙවින් අඩුය. 2024 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ජල විදුලිබලයෙන් ලැබුණු දායකත්වයේ සාමාන්‍යය 32% ක් පමණක් විය (අංක 1 වගුව බලන්න).

පා.ම. උපුටා දැක්වූ 56% ක අගය, 2024 දෙසැම්බර් මාසයේ මුළු විදුලිබල උත්පාදනයට ජල විදුලිබලයෙන් ලැබුණු දායකත්වය සමඟ සමපාත වන අතර එය 59% ක් විය (අතිරේක සටහන බලන්න). කෙසේ වෙතත්, ඉහත දක්වා ඇති හේතූන් මත, වසර පුරා මිල අඩුවට විදුලි බලය උත්පාදනය කිරීමේ හැකියාව පෙන්නුම් කරන්නක් වශයෙන් දෙසැම්බර් මාසය සඳහා ආසන්න වශයෙන් නිවැරදි වන උත්පාදනය සාමාන්‍යකරණය කිරීම මෙහිදීසාවද්‍ය වේ (පා.ම. ඔහුගේ ප්‍රකාශයේ සන්දර්භය තුළින් සහ “දැනට මේ වන විට” යන යෙදුම භාවිතා කිරීමෙන් හඟවා ඇති පරිදි).

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන – මාසික අගය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බැවින් 2024 දෙසැම්බර් මාසය සඳහා අදාළ වන සංඛ්‍යා ගණනය කර ඇත්තේ මහ බැංකුවේ සතිපතා දර්ශකවල දක්වා ඇති දෛනික සංඛ්‍යා භාවිතා කරමිනි.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක  1 ප්‍රස්තාරය: මාසික පදනම මත ජල විදුලිබල උත්පාදනයේ ප්‍රවණතා මුළු උත්පාදනයේ කොටසක් ලෙස (2019 – 2024)

* මාසික අගය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බැවින්, 2024 දෙසැම්බර් මාසය සඳහා සංඛ්‍යා ගණනය කර ඇත්තේ මහ බැංකුවේ සතිපතා දර්ශකවල දක්වා ඇති දෛනික සංඛ්‍යා භාවිතා කරමිනි.

අංක 2 වගුව: වාර්ෂික ජල විදුලි උත්පාදනය මුළු ජනනයේ ප්‍රතිශතයක් ලෙස (2019-2024)



මූලාශ්‍රය

මාසික ආර්ථික දර්ශකය, ශ්‍රී ලංකා මහ බැංකුව

සතිපතා  ආර්ථික, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.