තොරතුරු පිරික්සීම
2019 පෙබරවාරි 4 වන දින නිදහස් දින සැමරුම අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත ප්‍රකාශය සිදු කරන ලදි.
ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයට අනුව ජනපතිවරයා සිය ප්‍රකාශයෙහි භාවිතා කර ඇති දත්ත යාවත්කාලීන නොවේ.
රටෙහි නිරපේක්ෂ දුගීභාවය සියයට 6.7ක් ලෙස වාර්තා කෙරුණත්, ඒ 2012/2013 වසරෙහි ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයට අනුවයි. මෙම වසරට පසුව සිදු කරන ලද වඩාත්ම මෑත කාලීන ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය සිදු කෙරුණේ 2016 වසරෙහි වන අතර, එහිදී නිරපේක්ෂ දුගීභාවය වාර්තා කෙරුණේ සියයට 4.1ක් ලෙසයි. මේ අනුව, ජනපතිවරයා යල් පැන ගිය දත්ත යාවත්කාලීන දත්ත ලෙස දක්වා ඇත.
මෙය සැලකිල්ලට ගෙන අප විසින් ජනපතිවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසට නම් කර ඇත.
අප මෙම කරුණු පිරික්සා බැලීමේදී භාවිතා කළ දත්ත වර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගිනි.
*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.
මූලාශ්‍රය
- දරිද්‍රතා දර්ශක, ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, http://bit.do/poverty-bulletin