තොරතුරු පිරික්සීම
2020 අප්‍රේල් 28 වැනි දින ලංකාදීප පුවත්පතේ උපුටා දැක්වුණු ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් විසින් ප්‍රකාශ කරන ලද්දේ, කොරෝනාවෛරස වසංගතය සම්බන්ධව කටයුතු කිරීම සඳහා රජයට විදෙස් ආයතනවලින් “රුපියල් බිලියන 200 කට ආසන්න මුදලක් ලැබී ඇති” බවයි. මෙහිදී ලංකාදීප පුවත්පතේ වූ ලිපියෙන් රහ්මාන්ගේ ප්‍රකාශය දක්වා තිබුණේ ඔහු ප්‍රදානයන් සැපයීම් සම්බන්ධයෙන් සඳහන් කරන ලෙසින් වුවත්, FactCheck.lk මගින් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පුවත්පත මගින් උපුටා දක්වා ඇති ප්‍රකාශය මත පදනම්ව අර්ථනිරූපණය කොට ඇත. ඒ අනුව FactCheck.lk මගින් රහ්මාන්ගේ ප්‍රකාශය අර්ථනිරූපණය කොට ඇත්තේ, ප්‍රදානයන්ට සීමා නොවූ, වියදම් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන (එනම් පරිත්‍යාග, ප්‍රදානයන්, යම් ක්‍රියාකාරකමකට සෘජුව යෙදවිය හැකි අරමුදල් යනාදිය) සඳහා වන බැඳීම් සම්බන්ධව ඔහු සඳහන් කරන බව ගනිමිනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කරනා සංඛ්‍යාවට එළැඹුනේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකාව විදෙස් රටවල් හා එළැඹුණු මූල්‍ය විධිවිධානයන් සම්බන්ධ පුවත් වාර්තාවන් පරීක්ෂා කර බලන්නට යෙදිණි. පළමු නිදර්ශකයෙන් දක්වන ආකාරයට, 2020 අප්‍රේල් 28 වන විට රුපියල් බිලියන 203.4 ක මුදලක් එවැනි විධිවිධානයන්ගේ ආකාරයෙන් වාර්තා වී තිබිණි. (සැලකිය යුතුයි: මෙම සංඛ්‍යාවන් වෙත පැමිණ ඇත්තේ වාර්තාවන් තුළ සඳහන් ප්‍රතිඥා ලබාදුන් අගයයන් පදනම් වෙමින් වේ. මෙම විශ්ලේෂණය සිදුකරන මොහොත වන විට, ගෙවා ඇති මුදල් ප්‍රමාණයන් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට නොතිබුණි. එසේම වෛද්‍ය උපකරණ හෝ වෙනත් සහන ලෙසින් ලැබුණු කාරුණික ආධාර මෙහිදී ගණන් නොගැනුණි.)
කෙසේ වුවත්, හිටපු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ ආකාරයට මෙම සියලුම මූල්‍ය විධිවිධානයන් වියදම් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන ලෙසින් ගණන් ගත නොහේ. කොවිඩ්-19 හා සම්බන්ධ සහාය සඳහා අදාළ වන ආකාර තුනක මූල්‍ය විධිවිධානයන් ප්‍රසිද්ධ කෙරී ඇත.
1. ප්‍රදානයන්:
මෙම ආකාරයේ මූල්‍ය ප්‍රතිපාදනයන් කොවිඩ්-19 පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා වියදම් කළ හැකි අතර, එය නැවත ගෙවිය යුතු නොවේ. ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.4 ක මුදලක් ප්‍රදානයන් ලෙසින් ලැබී ඇත.
2. ණය:
මේ ආකාරයේ ප්‍රතිපාදනයන්ද වියදම් කළ හැකි මූල්‍ය ලෙසින් සැලකිය හැකි වුවත්, එය අනාගතයේදී ගෙවිය යුතු වේ. මෙම ණය ප්‍රමාණය (ලෝක බැංකුවෙන් ලැබුණු විවෘත ණය මාර්ගයද ඇතුළත්ව) ශ්‍රී ලංකා රුපියල් බිලියන 121.0 ක් වේ.
3. විනිමය හුවමාරු එකඟතා (Currency swap):
මෙම ආකාරය වියදම් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන වෙත අයත් නොවන අතර, එයින් ශ්‍රී ලංකා රජය අත ඇති මුදල් ප්‍රමාණයට හෝ කොවිඩ්-19 සඳහා මුදල් වියදම් කිරීමට ඇති හැකියාවට මෙයින් වෙනස්කමක් සිදු නොකරයි. එය රුපියල් ප‍්‍රමාණයට සමාන ඩොලර් ප‍්‍රමාණයක් ලබාගැනීමට කෙරෙන හුදු සාමාන්‍ය හුවමාරුවක් පමණකි.
කොවිඩ්-19 වසංගතය පැතිර යෑම හමුවේ තමන්ගේ සංචිත වැඩි කරගැනීමත්, කෙටිකාලීන ජාත්‍යන්තර ද්‍රවශීලතා අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් සඳහා, ශ්‍රී ලංකාව ඉන්දීය සංචිත බැංකුව හා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වන (ශ්‍රී ලංකා රුපියල් බිලියන 77 කට සමාන ප්‍රමාණයක්) විනිමය හුවමාරු එකඟතාවයකට පැමිනුණි. මෙවැනි විනිමය හුවමාරු ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට නම් හැඟවෙන්නේ දේශීය කටයුතු සඳහා මුදල් යෙදවීමට මෙලෙස ලැබුණු ඩොලර් භාවිතා කළ හැකි බවයි. මෙය සාමාන්‍යයෙන් වන වරදවා වටහා ගැනීමකි. මෙවන් විනිමය හුවමාරු ඔස්සේ ලැබෙනා මුදල් යැවෙන්නේ මහ බැංකු සංචිත වෙත වන අතර, ඒවා රජයට වියදම් කිරීම සඳහා ලබාගත නොහැක. එකඟ වූ කාල සීමාව අවසානයේදී මෙසේ කළ විනිමය හුවමාරුව, අනෙක් පසට, එනම් මුදල් නැවත අනෙක් පාර්ශවය සමඟ හුවමාරු කරගැනීමට හැකිය. මේ අනුව, කොවිඩ්-19 හා සම්බන්ධ කටයුතු සඳහා වියදම් කළ හැක්කේ විදෙස් ආයතන මගින් ලබාදුන් මූල්‍ය ප්‍රතිඥාවන්ගෙන් රුපියල් බිලියන 126.4 ක් (නැතිනම් 62.1% ක්) පමණි. මෙනිසා මන්තී‍්‍රවරයා ලැබුණු මුදලේ වටිනාකම සම්බන්ධයෙන් නිවැරදිය. නමුත් ඔහු විනිමය හුමවාරුවක් හරහා ඉන්දියාවෙන් ලැබුණු මුදල, වියදම් කළ හැකි මුදලක් යැයි මෙවන් අවස්ථාවක සාමාන්‍යයෙන් වන වැරදි වැටහීමට නතුව ඇත.
එනිසා ඔහුගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.
*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
නිදර්ශකය 1: 2020 අප්‍රේල් 28 වන විට ශ්‍රී ලංකාව හා විදෙස් ආයතන සංවිධාන අතර තහවුරු වූ මූල්‍ය සැපයුම් විධිවිධාන
මූලාශ්‍රය
- ආසියානු සංවර්ධන බැංකුව, ප්‍රවෘත්ති නිවේදනය – ශ්‍රී ලංකාවේ (මාර්තු 2020) කෝවිඩ්-19 ට එරෙහිව සටන් කිරීමට සහාය ලබා දෙයි, ප්‍රවේශය මෙතැනින්: https://www.adb.org/news/adb-provides-assistance-combat-covid-19-sri-lanka [අවසන් වරට ජූනි 11, 2020]
- ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, මාධ්‍ය නිවේදනය- කෝවිඩ්-19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටන සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය (මැයි – අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: https://srilanka.embassy.gov.au/clmb/0.html [අවසන් වරට ජූනි 11, 2020]
- ලෝක සෞඛ්‍ය සංවිධානය, ඕස්ට්‍රේලියානු රජය සහ හවුල්කරු කෝවිඩ්-19 සූදානම සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචාර දැක්වීමට සහාය වීම සඳහා (2020 මාර්තු) ප්‍රවේශය මෙතැනින්: https://www.who.int/srilanka/news/detail/20-03-2020-government-of-australia-and-who-partner-to-support-covid-19-preparedness-and-response-in-sri-lanka [අවසන් වරට ජූනි 11, 2020]
- ආසියානු සංවර්ධන බැංකුව, ප්‍රවෘත්ති නිවේදනය, UNICEF ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 ප්‍රතිචාරයට සහාය වීම සඳහා හදිසි වෛද්‍ය උපකරණ සැපයීමට එක් වේ (අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: https://www.adb.org/news/adb-unicef-join-forces-supply-emergency-medical-equipment-support-sri-lanka-s-covid-19-response [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]
- එක්සත් ජනපද තානාපති කාර්යාලය, මාධ්‍ය නිවේදනය – එක්සත් ජනපද සහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කරන අතර කෝවිඩ්-19 ලුහුබැඳීම සහ පරීක්ෂණ වැඩිදියුණු කිරීම (අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: https://lk.usembassy.gov/u-s-assistance-will-protect-sri-lankas-healthcare-workers-and-improve-covid-19-tracking-and-testing/ [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]
- යුරෝපා සංගමය, මාධ්‍ය නිවේදනය – කෝවිඩ්-19: යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක ප්‍රදානයක් ලබා දෙයි (අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: https://eeas.europa.eu/delegations/sri-lanka/77364/covid-19-european-union-provides-eur-22-million-grant-sri-lanka_en [අවසන් වරට ප්‍රවේශය ජූනි June 11, 2020]
- නිව්ස්ෆ්ස්ට්, ජපානය ශ්‍රී ලංකාවේ (අප්‍රේල් 2020) කෝවිඩ්-19 ට එරෙහිව සටන් කිරීමට ඇ.ඩො මිලියන 1.2 ක් ලබා දෙයි ප්‍රවේශය මෙතැනින්: https://www.newsfirst.lk/2020/04/22/japan-grants-usd-1-2-million-to-combat-covid-19-in-srilanka/ [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]
- ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, මාධ්‍ය නිවේදනය – චීනය විසින් ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කරන ලද ඇ.ඩො. මිලියන 500 ක හදිසි මූල්‍ය ආධාර (2020 මාර්තු) ප්‍රවේශය මෙතැනින්: http://lk.china-embassy.org/eng/xwdt/t1758013.htm [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]
- ලෝක බැංකුව, මාධ්‍ය නිවේදනය – ලෝක බැංකුව ඩොලර් මිලියන 128 ක කොවිඩ්-19 (කොරෝනා වයිරස්) සහය ශ්‍රී ලංකාව සඳහා (අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: https://www.worldbank.org/en/news/press-release/2020/04/01/world-bank-fast-track-support-covid19-corona [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]
- බාහිර සම්පත් දෙපාර්තමේන්තුව, මාධ්‍ය නිවේදනය – ශ්‍රී ලංකාව කෝවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 128.6 (අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: http://www.erd.gov.lk/index.php?option=com_content&view=category&layout=blog&id=29&Itemid=226&lang=en# [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]
- ඉකොනොමිනෙක්ස්ට්, ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුව අනුමත කරයි (අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: https://economynext.com/sri-lanka-cabinet-approves-us400mn-currency-swap-from-india-67835/ [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]
- ද ඉකොනොමික් ටයිම්ස්, කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව RBI වෙතින් ඩොලර් මිලියන 400 ක ණය හුවමාරු පහසුකම ලබා ගැනීමට (අප්‍රේල් 2020) ප්‍රවේශය මෙතැනින්: https://economictimes.indiatimes.com/news/economy/finance/sri-lanka-to-seek-400-million-financial-facility-from-rbi-to-meet-short-term-needs/articleshow/75347534.cms?from=mdr [අවසන් වරට ප්‍රවේශය ජූනි 11, 2020]