තොරතුරු පිරික්සීම
[අයවැය මගින්] අරමුදල් වෙන් කර ඇති ආකාරය සැලකීමේදී 2024 සහ 2025 අතර ‘ව්‍යුහාත්මක’ වෙනසක් දක්නට නොමැති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල විසින් තර්ක කරන ලදි. එම කරුණ සනාථ කිරීම සඳහා ඔහු පවසන්නේ මෙමවසර දෙකෙහිදීම අයවැයෙන් 31% ක් ප්‍රාග්ධන වියදම් සඳහාත්, 69% ක් පුනරාවර්තන වියදම් සඳහාත් වෙන් කර ඇති බවයි.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය තහවුරු කර ගැනීම සඳහා FactCheck.lk විසින් 2025 විසර්ජන පනත් කෙටුම්පත, 2024 සඳහා වන මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2014 පළ කරන ලද රජයේ මූල්‍ය සංඛ්‍යාලේඛන අත්පොත (Government Finance Statistics Manual) පරිශීලනය කරන ලදි.
මහාචාර්යවරයා මෙම සංඛ්‍යා උපුටා දක්වා ඇත්තේ සියලුම වියදම් ඇතුළත් නොවන, විසර්ජන පනත් කෙටුම්පතේ 1 වන උපලේඛනයෙන් පමණක් බව අංක 1 වගුවෙන් පෙනී යයි. 1 වන උපලේඛනයට ඇතුළත් කර නොමැති විශාලතම සංරචකය වන්නේ පොලී වියදම් වන අතර මහ බැංකුවේ වාර්ෂික වාර්තාවලින් මෙන්ම රජයේ මූල්‍ය සංඛ්‍යාලේඛන අත්පොතේ 4.24 වගන්තියෙන් ද (පිටු 71 සහ 114) පෙනී යන පරිදි එය අයවැය තුළ වියදමේ කොටසක් ලෙස වර්ගීකරණය කර ඇත.
මුළු වියදමේ මෙන්ම ප්‍රාථමික වියදමේත් (එනම් මුළු වියදමින් පොලී ගෙවීම් අඩු කළ විට) 2024 සහ 2025 අතර කාලය තුළ අරමුදල් වෙන් කිරීමේදීව්‍යුහාත්මක වෙනසක් සිදුවී නොමැත (අංක 1 වගුව බලන්න). එහෙත්, මහාචාර්යවරයා උපුටා දක්වා ඇති සංඛ්‍යා අදාළ වන්නේ ප්‍රාථමික වියදමට වන අතරමුළු වියදමට නොවේ.
සාරාංශයක් ලෙස, 2025 සඳහා අරමුදල් වෙන්කිරීමේදී ව්‍යුහාත්මක වෙනසක් සිදු කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට මහාචාර්යවරයා ඉදිරිපත් කළ තර්කය නිවැරදි වන අතර, ඔහු මුළු වියදම සහ ප්‍රාථමික වියදම අතර වෙනස සැලකිල්ලට ගෙන නොමැති නමුත්, ඔහු උපුටා දක්වා ඇතිසංඛ්‍යාලේඛන මගින් අයවැයේ ප්‍රාථමික වියදම් සංරචකය නිවැරදිව පිළිබිඹු කෙරේ.
එබැවින්, අපි මහාචාර්යවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන: 2000 සිට මේ දක්වා කාලය තුළ වියදමේ ඓතිහාසික සාමාන්‍යය සැලකූ විට ද පොලී ගෙවීම් හැරුණු විට පුනරාවර්තන වියදම් සංරචකය 68% ක් බව තහවුරු වේ.
අංක 1 වගුව: 2024 සහ 2025 වර්ෂවල පුනරාවර්තන වියදම් ප්‍රතිශතය
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
මූලාශ්‍රය
2025 විසර්ජන පනත් කෙටුම්පත, මුදල් අමාත්‍යාංශය. https://www.treasury.gov.lk/web/appropriation-act/section/2025
වාර්ෂික වාර්තා, ශ්‍රී ලංකා මහ බැංකුව. https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports
රජයේ මූල්‍ය සංඛ්‍යාලේඛන අත්පොත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. https://www.imf.org/external/pubs/ft/gfs/manual/2014/gfsfinal.pdf