සජිත් ප්‍රේමදාස

අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ආදායම් විසමතාවය සම්බන්ධයෙන් යල් පැන ගිය සංඛ්‍යාලේඛනයන් ගෙන හැර දක්වයි

"

“පොහොසත්ම සියයට 20 රටේ ජාතික ආදායමෙන් සියයට 54 ක් භුක්ති විඳිනකොට මේ රටේ දුප්පතුන් සියයට 20 ක් භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4 ක්...”

ලංකාදීප | ජූලි 9, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාවේ ආදායම් විසමතාවයේ බැරෑරුම් බව, රටේ ඉහළම (ධනවත්ම) සහ පහළම (දරිද්‍රම) ආදායම් පංචමකයන් අතර වෙනස උපුටා දක්වමින් ඉදිරිපත් කරයි. ඔහු විසින් එම ඉහළම සහ පහළම ආදායම් කොටස් 54% ක් සහ 4% ක් ලෙසින් දක්වයි.

ඉහළම සහ පහළම ආදායම් අතර විසමතාවය ගණනය කිරීම සඳහා භාවිතා කෙරෙනා සම්මත ආර්ථික සංඛ්‍යාතිය පංචමක අපකිරණ අනුපාතිකය (IQR) ලෙසින් දැක්වෙන අතර එය පහතින් විස්තර කොට දක්වා ඇත. අමාත්‍යවරයා විසින් දක්වා ඇති සංඛ්‍යාලේඛනයන් හි පංචමක අපකිරණ අනුපාතිකය 13.5 ක් (54/4 ලෙසින් ගණනය කෙරේ) වේ. එසේම මෙම සංඛ්‍යාලේඛනයන් මගින් ඉහළම සහ පහළම පංචමකයන් අතර ආදායම් කොටසේ 50% ක හිදැසක්ද පෙන්නුම් කරයි (54-4 ලෙසින් ගණනය කෙරේ).

FactCheck.lk මගින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය (HIES) හා සසඳා බලා ඇගයුම් කොට ඇත. පළමු වගුවෙන් පෙන්නුම් කරන්නේ ආදායම් පංචමක අනුපාතිකය සහ ආදායම් කොටසේ හිදැස යන දෙකම හා අමාත්‍යවරයා දැක්වූ සංඛ්‍යාලේඛනයන් සැසඳීමෙන් කළ විශ්ලේෂණයයි.

1. පංචමක අපකිරණ අනුපාතිකය (IQR)‘පංචමක අපකිරණ අනුපාතිකය (20:20 අනුපාතිකය ලෙසින්ද හැඳින්වේ) මගින්, ඉහළම පංචමකයේ ආදායම් කොටස පහළම පංචමකයේ ආදායම් කොටසේ අනුපාතිකයක් ලෙසින් ගණනය කෙරේ. 2016 වසරේ දත්ත අනුව (ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයෙහි ලබාගැනීමට ඇති නවතම දත්ත)පංචමක අපකිරණ අනුපාතිකය 10.6 ක් වේ. මෙහි අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ධනවත්ම ගෘහ ඒකකයන් 20% විසින් ශ්‍රී ලංකාවේ ද්‍රරිද්‍රතම ගෘහ ඒකකයන් 20% හි ආදායම මෙන් 10.6 ගුණයක ආදායමක් භුක්ති විඳින බවයි. මෙය අමාත්‍යවරයා විසින් දක්වා ඇති 13.5 ගුණයක අගය නොවේ.

2. ආදායම් කොටසේ හිදැස: මෙය අප විසින් ඉහළම සහ පහළම පංචමකයන්ගේ ආදයම් කොටස අතර සරල වෙනස ලෙසින් ගණනය කොට ඇත. 2016 වසරේදී මෙම හිදැස 46% ක් වී ඇති අතර එය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව දැක්වුණු 50% ක අගයක් නොවුණි. මෙයට හේතුව වන්නේ අමාත්‍යවරයා විසින් උපුටා දැක්වූ සංඛ්‍යාලේඛනයන්, ඉහළම සහ පහළම අපකිරණයේ සඳහා වාර්තා වී ඇති නවතම ආදායම් කොටස්වලින් වෙනස් වන බැවිනි (දළ වශයෙන් සියයට 6 ක හා 17 ක අගයන්ගෙන්). කෙසේ වුවත් පසුගිය සංඛ්‍යාලේඛනයන් -එනම් ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2009/10 සහ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006/07 යන සංඛ්‍යාලේඛනයන්-  අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා ආසන්න වශයෙන් සමපාත වේ (පළමු වගුව බලන්න).

අමාත්‍යවරයා විසින් උපුටා දැක්වූ සංඛ්‍යාලේඛනයන් දෙකේම ඇති දෝෂයන්ගේ ඔස්සේ, එම ප්‍රකාශය තුළ ඉස්මතු වන ආදායම් විසමතාවයේ සමස්ත දෝෂය වඩාත් විශාල වී ඇත [DA1] . එනම්, ඒ ඔස්සේ දරිද්‍රතම පංචමකයේ ආදායම් කොටස අවතක්සේරු වී ඇති අතර ධනවත්ම පංචමකයේ ආදායම් කොටස අධිතක්සේරු වී ඇත.

බොහෝ විට සිදුවී ඇත්තේ අමාත්‍යවරයා විසින් යල් පිනූ සංඛ්‍යාලේඛන ගෙන හැර දැක්වීමයි. මෙසේ යල් පැන ගිය සංඛ්‍යාලේඛන උපුටා දැක්වීම ඔස්සේ අමාත්‍ය ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාවේ ආදායම් විසමතාවය සැලකිය යුතු මට්ටමකින් අතිශයෝක්තිගත කොට ඇත. එනිසා ඔහුගේ ප්‍රකාශය සාවද්‍ය යැයි අපි ප්‍රකාශ කරමු.

සටහන: අමාත්‍යවරයා විසින් සඳහන් කරන්නේ ගෘහ ඒකක සම්බන්ධ පංචමකයන්ද නැතිනම් ඒක පුද්ගල අපකිරණයන්ද යන්න නොපැහැදිලිය (මන්දයත්, ගෘහ ඒකක ප්‍රමාණය වෙනස් වන නිසාය; එම සංඛ්‍යාලේඛන දෙක පර්යාය නොවන නිසාය). එම ප්‍රකාශය සිදු කර ඇත්තේ ගෘහ ඒකක සම්බන්ධයෙන් වන බවට අප උපකල්පනය කර ඇති අතර, එසේ කොට ඇත්තේ එම සංඛ්‍යාලේඛනයන් ඔහුගේ ප්‍රකාශයට වඩාත් සමපාත වන බැවිනි.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: ගෘහ ඒකක ආදායම් සංඛ්‍යාලේඛන (2006/07 – 2016)



මූලාශ්‍රය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006/07, පිටු අංක VII, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2006_07Website/Publications/HIES200607Final%20ReportWeb%20.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006/07, වගුව 2.2, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2006_07Website/Publications/HIES200607Final%20ReportWeb%20.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2009/10, පිටු අංක VII, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2009_10FinalReportEng.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2009/10, වගුව 2.2, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2009_10FinalReportEng.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2012/13, පිටු අංක VII, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2012_13FinalReport.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2012/13, වගුව 2.2, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2012_13FinalReport.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2016 (2018), පිටු අංක VII, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2016/HIES2016_FinalReport.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2016 (2018), වගුව 2.2, මෙතැනින් බලන්න: http://www.statistics.gov.lk/HIES/HIES2016/HIES2016_FinalReport.pdf