මංගල සමරවීර

අමාත්‍ය මංගල සමරවීර: රුපියලේ අගය වැඩි වීම සම්බන්ධයෙන් නිවැරදියි

"

පසුගිය මාස දෙක තුළ රුපියලෙහි අගය සියයට 2.5 කින් වැඩි වී ඇත.

ඩේලි නිව්ස් | මාර්තු 13, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 මාර්තු 13 වැනි දින ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාර්තු 12 වැනි දින මෙය ප්‍රකාශය කළ බවයි.

“පසුගිය මාස 2 තුළ රුපියල 2.5% කින් ඉහළ ගොස් ඇත.”

ශ්‍රී ලංකාව තුළ රුපියලෙහි අගය පිළිබඳ වන ජනමාධ්‍ය හා මහජන කතිකාවේදී රුපියලේ අගය වෙනස් වීම ඇමරිකානු ඩොලරයට එරෙහිව සැසඳීමට සීමා වී ඇත. ජනවාරි පළමුවන දින ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා කළ  එතැන් විනිමය අනුපාතිකය (ඩොලරයකට රුපියල්වූයේ රුපියල් 182.9113කිමාර්තු 11 වන දින එය රුපියල් 178.3794ක් වියමෙ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය 2.5කින් ඉහල නැගීමකි. 

කෙසේ වෙතත් විනිමය අනුපාතිකය ශීඝ්‍රයෙන් වෙනස්වනසුළු වේමේ නිසා අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය හුදෙක් යම් යම් දිනයන් සඳහා නොව, රුපියලේ අගය වෙනස් වීමේ සමස්ත ප්‍රවණතාවය සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව නිරවද්‍ය වන්නේද යන්න සොයා බැලුවෙමු. පළමු වගුව මගින් පෙන්වන්නේ ජනවාරි 01 දින සිට අප්‍රේල් 10 දින දක්වා එතැන් විනිමය අනුපාතිකයේ උච්චාවචනයයි. ඉන් පෙන්වනුයේ රුපියලේ අගය වෙනස් වීම රේඛීය නොවුණත්, සමස්තයක් ලෙසින් ගත් විට රුපියලෙහි අගය දිගින් දිගටම -මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව පවා- වැඩි වී ඇති බවයි.

මෙම වසර ආරම්භයේ සිට උක්ත දින දක්වා රුපියලේ අගය වැඩි වීම 4.5කි. 

මේ අනුව අමාත්‍යවරයාගේ ප්‍රකාශය [දළ වශයෙන්] මාස දෙකක කාල සීමාවක් තුළ නිරවද්‍ය බැවිනුත්, රුපියලේ අගය වැඩි වීමේ පුළුල් ප්‍රවණතාවයක් එයින් පිළිබිඹු වන බැවිනුත්, එම ප්‍රකාශය සත්‍ය වන බව අපි නිගමනය කරමු. 

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

පළමු වගුවවිනිමය අනුපාතිකය (ඇමෙරිකානු ඩොලරයකට රුපියල්)



මූලාශ්‍රය