බැසිල් රාජපක්ෂ

අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බිත්තර සහ කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදිතවල ස්වයංපෝෂිතභාවය පිළිබඳව නිවැරදි අදහසක් ඉදිරිපත් කරයි

"

ශ්‍රී ලංකාව දැනටම බිත්තර හා කුකුළ් මස්වලින් ස්වයංපෝෂිත ඉලක්කයට ළඟා වී තිබෙනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ | නොවැම්බර් 12, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

“රටකට සිය ආහාර අවශ්‍යතාවය තමන්ගේම දේශීය නිෂ්පාදනයෙන් සංතෘප්ත කරගැනීමට හැකියාවක් තිබෙන බව, ආහාර ස්වයංපෝෂිතභාවය යන සංකල්පයෙන් පොදුවේ අදහස් කෙරේ” යනුවෙන්  ආහාර ස්වයංපෝෂිතභාවය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) ප්‍රකාශ කර තිබේ.  ඊට අමතරව, පොදුවේ ගත් කළ, ආහාර  සම්බන්ධයෙන් ශුද්ධ අපනයනයක් පෙන්නුම් කරන රටවල් ස්වයංපෝෂිත බවත්, ඒ සම්බන්ධයෙන් ශුද්ධ ආනයනයක් පවතින රටවල් ස්වයංපෝෂිත නොවන බවත්එම සංවිධානය තව දුරටත් පවසයි. ඒ අනුව අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ වැරදි නිවැරදි බව ඇගයුම් කිරීමේදී, FactCheck.lk මගින්, ආහාර සම්බන්ධයෙන් පවතින ශුද්ධ අපනයනය කිරීම ස්වයංපෝෂිතභාවයේ දර්ශකයක් ලෙසින් සලකා තිබේ. මේ පිළිබඳ සොයා බැලීම සඳහා, FactCheck.lk මගින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) 2017 සහ 2021 වසර සඳහා වන ආනයන/අපනයන සංඛ්‍යාංක දත්ත පරිශීලනය කොට ඇත. එසේම, ශ්‍රී ලකාවේ සමස්ත නිෂ්පාදනය සමඟ ආනයන/අපනයන ප්‍රමාණයන් සංසන්දනය කර බැලීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2020 වසරේ වාර්ෂික වාර්තාවේ දත්ත පරිශීලනයට ගෙන ඇත.  

කුකුළු වෙළඳාමේ කොටස් දෙකකි. එනම්, ජීව කුකුළු පාලනය සහ කුකුළු මස් වෙළඳාමයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ, 2017 වසරේ සිට 2021 වසර දක්වා, ශ්‍රී ලංකාව බිත්තර සහ කුකුළු මස් සඳහා ශුද්ධ අපනයනකරුවෙකු වූ නමුත් ජීව කුකුළන් සඳහා ශුද්ධ ආනයනකරුවෙකු වූ බවත්, එසේම සමස්තයක් ලෙසින් කුකුළු නිෂ්පාදනය (ජීව සහ කුකුළු මස්) සඳහා ශුද්ධ ආනයනකරුවෙකු වූ බවත් වේ. එහි අරුත වන්නේ, ශ්‍රී ලංකාව බිත්තර සහ කුකුළු මස් සම්බන්ධයෙන් ස්වයංපෝෂිතව සිටිනා බවයි. නමුත් ජීව කුකුළු අවශ්‍යතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත මට්ටමේ නොසිටී. 

කෙසේ නමුත්, අමාත්‍යවරයා සිය ප්‍රකාශයේ සඳහන් කරන්නට යෙදුණේ ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත ඉලක්කයට “ළඟා වී” තිබෙන්නේය යනුවෙනි. ඒ අනුව, ශුද්ධ ආනයනයන් මගින් නිරූපණය වන්නේ සමස්ත ජීව කුකුළු නිෂ්පාදනයෙන් කෙතරම් ප්‍රතිශතයක් ද යන කරුණද අපි පරීක්ෂා කළෙමු. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ, 2017 සිට 2020 දක්වා එක් එක් වසරක් තුළ ශ්‍රී ලංකාවේ සමස්ත ජීව කුකුළු නිෂ්පාදනය හා සංසන්දනය කළ විට, ජීව කුකුළු ශුද්ධ ආනයනය එහි ප්‍රතිශතයක් ලෙසින් 1% සිට 2.5% ක් දක්වා ප්‍රමාණයක් පමණක් වී ඇති බවයි. ඒ අනුව, ශ්‍රී ලංකාව ජීව කුකුළු නිෂ්පාදනය අතින්ද ස්වයංපෝෂිත වීමේ ඉලක්කයට “ළඟා වී” ඇත. 

ශ්‍රී ලංකාව බිත්තර සම්බන්ධයෙන් ස්වයංපෝෂිතව සිටිනා බවටත්, කුකුළු නිෂ්පාදනය සම්බන්ධයෙන් ස්වයංපෝෂිත වීමේ ඉලක්කයට ආසන්නව සිටිනා බවටත් අමාත්‍යවරයා විසින් කළ සඳහන ඒ අනුව නිවැරදි වේ. එනිසා, අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි සඳහන් කරමු.    



Additional Note

FactCheck.lk මගින්, කුකුළු නිෂ්පාදන සඳහා HS කේත (සමගාමී පද්ධති කේත) අංක 0105 (ජීව කුකුළු නිෂ්පාදන, එනම්, Gallus domesticus විශේෂයේ කුරුල්ලන්, තාරාවන්, පාත්තයන්, කළුකුමුන් සහ ගිණිකුකුළලන්) සහ කේත අංක 0207 (කේත අංක 0105 ශීර්ෂය යටතේ එන නැවුම්, ශීත කළ හෝ අධි ශීත කළ, කුකුළු සහ පක්ෂි නිෂ්පාදනයන්හි මස් හෝ ආහාරයට ගත හැකි අතුණුබහන් ආදිය) ඇතුළත් කොට ඇත. FactCheck.lk මගින්, බිත්තර සඳහා HS කේත (සමගාමී පද්ධති කේත) අංක 0407 (නැවුම්, කල්තබා ගත හැකි ලෙසින් සකස් කළ හෝ පිසින ලද, කවචය සහිත කුරුළු බිත්තර) සහ කේත අංක 0408 (කවචය රහිත කුරුළු බිත්තර සහ නැවුම්, වියලන ලද, හුමාලයෙන් හෝ ජලයේ නැටවීමෙන් තම්බන ලද, අච්චුවක දමා සාදාගත්, අධි ශීත කිරීමෙන් හෝ වෙනත් ලෙසකින් කල් තබාගත හැකි ලෙසින් සැකසූ, සීනි හෝ වෙනත් රසගන්වන කාරක ඇතුළත් කර හෝ නොකර සැකසූ බිත්තර කහ මද) ඇතුළත් කොට ඇත.


මූලාශ්‍රය

අපනයන සංවර්ධන මණ්ඩලයආනයන/අපනයන සංඛ්‍යාලේඛනHS කේත (සමගාමී පද්ධති කේත) අංක 0105, 0207, 0407, 0408ප්‍රවේශයhttps://stat.edb.gov.lk/ [අවසන් වරට ප්‍රවේශය: 2021 දෙසැම්බර් 06] 

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2020)පි.42, ප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 දෙසැම්බර් 06] 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයආහාර ස්වයංපෝෂිතභාවය සහ ජාත්‍යන්තර වෙළඳාම: ව්‍යාජ ද්විධාකරණයක් ද? (Food self-sufficiency and international trade: a false dichotomy?), පි.2, ප්‍රවේශයhttps://www.fao.org/3/i5222e/i5222e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 දෙසැම්බර් 07] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.