තොරතුරු පිරික්සීම
(1) ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු අන්දමින් ප්‍රමාද වූ බවත්, (2) මෙම ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට එ.ජ.ඩොලර් බිලියන 1.7 කඅමතර පොලී පිරිවැයක් ගෙවීමට සිදු වූ බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත විසින් ප්‍රකාශ කරන ලදි.
මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමසම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේන, IMF සංවිධානය සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 සැප්තැම්බර් මස පවත්වන ලද ආයෝජක ඉදිරිපත් කිරීම යන මූලාශ්‍ර පරිශීලනය කරන ලදි.
- ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ‘ප්‍රමාද කාලය’ කුමක් ද?
IMF සංවිධානයේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේත්, මහ බැංකුවේ ආයෝජක ඉදිරිපත් කිරීමේත් සඳහන්ව ඇති පරිදි ශ්‍රී ලංකාව 2023 ජූනි වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කරන ලදි. එ.ජ.ඩොලර් මිලියන 12,277 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරමින් තම විදේශ ණය හුවමාරුව සම්පූර්ණ කර ඇති ශ්‍රී ලංකාව විසින් බව 2024 දෙසැම්බර් 20 වන දින නිවේදනය කරන ලදි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිම වූයේ 2024 දෙසැම්බර් මාසයේ වුව ද, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාව යටතේ එහි කොන්දේසි අතීතයට බලපැවැත්වෙන පරිදි පනවන ලද අතර, ඒ අනුව, එම ප්‍රතිව්‍යුහගත කිරීම 2024 මාර්තු 31 දින සිට බලාත්මක බවට සලකන ලදි. එබැවින්, 2023 ජූනි සිට 2024 මාර්තු (මාර්තු ද ඇතුළත්) දක්වා මාස නවයක කාලය යනු අතීත හිඟ පොලිය එකතු වීමට අදාළ ප්‍රමාද කාලයලෙස හැඳින්විය හැක.
- ප්‍රමාදය නිසා එකතු වූ අමතර පොලී පිරිවැය කොපමණ ද?
2022 අප්‍රේල් මාසයේදී විදේශ ණය ගෙවීම අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවට එහි පසුගිය ණය වනඑ.ජ.ඩොලර් මිලියන 12,277 ක මුදලක් මත එ.ජ.ඩොලර් මිලියන 1,851 ක පොලියක් එකතු වී තිබිණ. එකතු වූ මෙම පොලිය අතීත හිඟ පොලිය (Past Due Interest) ලෙස හැඳින්වේ .
අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද නිශ්චිත මුදල මගින් – එනම්, එ.ජ.ඩොලර් බිලියන 1.7 – දැක්වෙනුයේ අතීත හිඟ පොලිය සඳහා නව ගිවිසුම යටතේ 11% ක ණය සහනයක් ලබා දීමෙන් පසු ඒ සඳහා ගණනය කරන ලද එ.ජ.ඩොලර් මිලියන 1,648 ක අගය වේ.
ශ්‍රී ලංකාව ආරම්භයේදී අපේක්ෂා කළ පරිදි 2023 ජූනි මාසය වන විට එහි ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර, එම මට්ටමේ ණය සහන සමඟම එය සිදු කළේ නම්, අවසානයේදී දක්වන ලද එ.ජ.ඩොලර් මිලියන 1,648 ක මුදල වෙනුවට අතීත හිඟ පොළිය එ.ජ.ඩොලර් මිලියන 1,096 ක් පමණක් වීමට ඉඩ තිබිණ. එබැවින්, ‘ ප්‍රමාද කාලය’ හේතුවෙන් අතීත හිඟ පොළිය සඳහා එකතු වූ අමතර මුදල එ.ජ.ඩොලර් මිලියන 552 ක් පමණි.
අමාත්‍යවරයාගේ සමස්ත තර්කය – එනම්, අතීත හිඟ පොලිය සඳහා අමතර මුදලක් එකතු වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාදයක් සිදු වූ බව – නිවැරදි වේ. කෙසේ වෙතත්, ප්‍රතිව්‍යුහගත කිරීම අවසානයේදී අතීත හිඟ පොළිය ලෙස ගණනය කරන ලද මුදල ප්‍රමාදය හේතුවෙන් ඒ සඳහා එකතු වූ මුදල වශයෙන් නිවැරදි නොවන අයුරින් ඔහු විසින් දක්වනු ලැබේ. ‘ ප්‍රමාද කාලය’ හේතුවෙන් අතීත හිඟ පොලියේ සිදු වූ වැඩි වීම අමාත්‍යවරයා සඳහන් කළ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ වේ.
එබැවින්, අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 වගුව: ප්‍රමාදය හේතුවෙන් එකතු වූ අමතර පොලී පිරිවැය ගණනය කිරීම (සංඛ්‍යා එ.ජ.ඩොලර් මිලියනවලින්)
මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශය සහ වෙරිටේ රිසර්ච් ආයතනය
මූලාශ්‍රය
IMF සංවිධානයේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම
2022 සැප්තැම්බර් මාසයේ ආයෝජක ඉදිරිපත් කිරීම, මුදල් අමාත්‍යාංශය, https://www.treasury.gov.lk/api/file/20adcaf7-874b-48da-9bc2-69240015cd7c
ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළව සිදු කරන ලද ණය හුවමාරු කිරීමේ ආරාධනයේ අවසන් ප්‍රතිඵල නිවේදනය කරයි, මුදල් අමාත්‍යාංශය, https://www.treasury.gov.lk/news/article/315