ජනාධිපති දිසානායක ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇසුරින් සිදු කළ කරුණු පිරික්සීම

නොවැම්බර් 21 වැනිදා දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. FactCheck.lk කණ්ඩායම ජනාධිපති දිසානායකගේ කතාවෙහි ඇතුළත් කරුණු 4 ක් සඳහා කරුණු පිරික්සීමක් සිදු කළ අතර එම කරුණු සියල්ලම නිවැරදියි යනුවෙන් එකී විශ්ලේෂණයේදී වර්ගීකරණය විය. 

කරුණු පිරික්සීම: තොරතුරු සහ සන්නවේදන තාක්ෂණය (ICT) හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) යන දෙඅංශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සමන්විත වේ. 2023 දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන ආදායම එ.ජ.ඩොලර් බිලියන 1.227 ක් වූ බව මහ බැංකුවේ විදේශීය අංශයේ දත්තා වාර්තා කරයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ හා සේවා අපනයනයෙන් 7% කට හිමිකම් කියන අතර සේවා අපනයනය පමණක් ගත් විට එය 23% කි.

ගෝලීයව, 2022 දී ශ්‍රී ලංකාවේ ICT/BPM අපනයනයන් රටවල් 139 කින් 72 වැනි ස්ථානය හිමි කර ගත් අතර එය ලෝකයේ මුළු ICT/BPM අපනයනයන්ගෙන් 0.04% ක් පමණක් විය.


කරුණු පිරික්සීම: ‘IT (තොරතුරු තාක්ෂණ) ක්ෂේත්‍රයට අදාළ වෘත්තීයවේදීන්’, ‘තොරතුරු තාක්ෂණ ශ්‍රමබලකාය’ යනුවෙන් හඳුන්වනු ලැබේ.

SLASSCOM සංගමයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ශ්‍රමබලකායට අයත් පුද්ගලයින් සංඛ්‍යාව 88,051 කි. ජනාධිපතිවරයා විසින් සඳහන් කර ඇත්තේ ද මීට ආසන්න සංඛ්‍යාවකි.


කරුණු පිරික්සීම: 2022 ට අදාළව එක් එක් පළාතක් සඳහා මහ බැංකුව පළ කර ඇති දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) දත්තවලට (වඩාත්ම මෑතකාලීන දත්ත) අනුව ශ්‍රි ලංකාවේ ද.දේ.නි. න් 43.4% කට බස්නාහිර පළාත හිමිකම් කියයි.

ශ්‍රී ලංකාවේ පළාත් 9 න් ද.දේ.නි. ට වැඩිම දායකත්වයක් ලැබෙනුයේ බස්නාහිර පළාතෙනි. එය, දෙවනුවට වැඩිම දායකත්වයක් ලබා දෙන පළාතට (වයඹ) සාපෙක්ෂව 3.87 ගුණයකින් වැඩි වේ. ඒක පුද්ගල මට්ටමින් ද වැඩිම දායකත්වයක් ලැබෙනුයේ බස්නාහරි පළාතෙනි.


කරුණු පිරික්සීම: මහ බැංකුවේ විදේශ අංශයේ දත්ත පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ වැඩිම ආදායම (එ.ජ. ඩොලර් 4,381,000) මෙන්ම වැඩිම සංචාරක පැමිණීම් සංඛ්‍යාවක් (2,333,796) වාර්තා වූයේ 2018 දී බවයි.

This post is also available in: English සිංහල