කංචන විජේසේකර

අමාත්‍ය විජේසේකර ඉන්ධන මිල සංශෝධන ගැන පාඩු නැතිව කියයි!

"

ඉන්ධන මිල අද අළුයම 3 සිට සංශෝධනය කෙරේ. මිල සංශෝධනය කිරීමේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය යොදා ගැනිණි. මිල සංශෝධනයට ආනයනය, ගොඩබෑම, බෙදා හැරීම සහ බදු යන සියලු අංශයන් ඔස්සේ දැරීමට සිදුවන පිරිවැය ඇතුළත් වේ. ලාභය ගණනය කර ඇතුළත් කර නොමැත.

අමාත්‍ය කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මැයි 24, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෑතකාලීනව සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයන් සැලකීමේදී (අංක 1 ප්‍රදර්ශිතය බලන්න), ඉන්ධන මිල ගණනය කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ අදාළ සියලුම පිරිවැය ඇතුළත් කර ඇති මිල සූත්‍රයක් බව අමාත්‍ය විජේසේකර සිය ට්විටර් පණිවුඩය හරහා ප්‍රකාශ කර සිටී. ඒ අනුව, පෙට්‍රල් සහ ඩීසල් තවදුරටත් පාඩු ලබමින් අලෙවි නොකෙරෙන බවක් අමාත්‍යවරයා ඉන් හඟවයි. 

2018 දී මුදල් අමාත්‍යාංශය (MoF) විසින් ගොඩනඟන ලද ඉන්ධන මිල සූත්‍රය මගින් රජයට ගෙවන බදු ඇතුළුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි (CPC) සියලුම වියදම් සම්පූර්ණයෙන්ම අයකර ගැනීමේ හැකියාව ඇති මිලක් ජනනය කෙරේ. ඉන්ධන මිල සූත්‍රය සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ප්‍රකාශයට පත් ක ඇති අනෙකුත් දත්ත භාවිතයෙන් FactCheck.lk විසින් මෙම ප්‍රකාශයට ඇගයීමට ලක් කරන ලදි. ප්‍රවේශ විය හැකි දත්ත ඔක්ටේන් 92 පෙට්‍රල්වලටත් ඔටෝ ඩීසල්වලටත් සීමා වී පැවති බැවින් FactCheck.lk විසින් සිදු කළ මෙම ඇගයීම එම ඉන්ධන වර්ග දෙක සඳහා පමණක් සීමා කර ඇත. 

සාමාන්‍යයක් ලෙස මැයි මාසයේදී (24 වැනි දා තෙක්) පෙට්‍රල් බැරලයක සිංගප්පූරු ප්ලැට්ස් මිල එ.ජ.ඩොලර් 139.9 ක් වූ අතර ඩීසල් බැරලයක මිල එ.ජ.ඩොලර් 142.4 ක් විය. එ.ජ.ඩොලරයක විකුණුම් මිලෙහි සාමාන්‍යය 358.8ක් විය. මෙම සංඛ්‍යා සූත්‍රයට ඇතුළත් කරමින්, සූත්‍රය ඇසුරින් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පිළිවෙලින් රු. 413 ක් සහ රු. 385 ක් ලෙසFactCheck.lk විසින් ඇස්තමේන්තු (සූත්‍රයට සියලු පිරිවැය ඇතුළත් කර ඇති බැවින් අලාභයක් සිදු නොවන බව මෙම පියවර මගින් සහතික කෙරේ කර ඇත. 

සූත්‍රය ඇසුරින් මාසික පදනම මත ගණනය කරන ලද ඉන්ධන මිල පහත ඩෑෂ්බෝර්ඩයේ පළ කර ඇත: https://dashboards.publicfinance.lk/fuel-price-tracker/?utm_source=twitter&utm_medium=twitter&utm_campaign=Fuel%20dashboard . 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මැයි 25 පෙර කාලය තුළ පිරිවැයට වඩා අඩු (බදු ද ඇතුළත්ව) මිලකට පෙට්‍රල් අලෙවි කර ඇති බව ඉන් පෙන්නුම් කරයි. එමෙන්ම, පිරිවැයට වඩා අඩු (බදු සහිතව මෙන්ම බදු රහිතව ද) මිලකට ඩීසල් අලෙවි කරන ලදි. සූත්‍ර මිලට වඩා වෙළඳපොළ මිල අඩු අගයක පැවති මෙම මිල ගණන් අංක 2 ප්‍රදර්ශිතය මගින් දක්වා තිබේ. එනමුත්, මිල සංශෝධනය කිරීමත් සමඟ සූත්‍ර මිල වෙළඳපොළ මිල සමඟ සමපාත වී ඇති බව ඉන් පෙනී යයි. 

එබැවින්, අමාත්‍ය විජේසේකරගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

 අංක 2 ප්‍රදර්ශිතය: 2022 ජනවාරි සිට 2022 මැයි දක්වා බදු සහිත සහ බදු රහිත වෙළඳපොළ මිල සහ සූත්‍ර මිල

                       මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශයේ මිල සූත්‍රය, Publicfinance.lk 

සටහන: මැයි මාසය හැරුණු කොට අනෙකුත් මාස සඳහා මාසය අගදී පැවති මිල ගණන් මෙහිදී දක්වා තිබේ. 2022 මැයි මස 25 වැනි දිනට පැවති මිල ගණන් මැයි මාසය සඳහා ගෙන ඇත. තව ද, ගණනය කිරීමේදී යොදා ගත් උපකල්පනයන් මෙන්ම සූත්‍රයට ඇතුළත් විචල්‍යයන්ගේ අප නොදත් උච්චාවචනයන් හේතුවෙන් ද යම් දෝෂයක් ඇතුළත් විය හැකි අතර ඒ හේතුවෙන් සූත්‍ර මිල ගණනය කිරීමේදී 3% ක දෝෂ ආන්තිකයක් පවතින බව සැලකීම සුදුසු වේ.  

 



මූලාශ්‍රය

ඉන්ධන මිල ට්‍රැකරය සඳහා සූත්‍රය (Fuel Price Tracker Formula) ප්‍රවේශය: https://publicfinance.lk/en/topics/fuel-price-tracker-1653909188 [අවසන් වර‌ට ප්‍රවේශය 2022 ජූනි 1] 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දිනපතා ආර්ථික දර්ශක ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/daily-indicators [අවසන් වර‌ට ප්‍රවේශය 2022 ජූනි 1] 

මුදල් අමාත්‍යාංශය, මාධ්‍ය නිවේදනය (2018 දෙසැම්බර් 31), ප්‍රවේශය: http://www.treasury.gov.lk/web/guest/article/-/article-viewer-portlet/render/view/retail-prices-of-auto-fuels-as-at-december-19-2018-as-per-fuel-pricing-mechanism [අවසන් වරට ප්‍රවේශය 2020 මාර්තු 24]

මුදල් අමාත්‍යාංශය, මාධ්‍ය නිවේදනය (2018 ඔක්තෝබර් 16), ප්‍රවේශය: www.treasury.gov.lk/documents/10181/606187/PRESS+RELEASE+-+Fuel+Formula20181016/acd8b96e-fae4-46b5-ae30-25086e16134e?version=1.0  [අවසන් වරට ප්‍රවේශය 2020 මාර්තු 24]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.