
FactCheck.lk යනු, මහජන බැඳියාවට අදාළ වන විෂයයන් සම්බන්ධයෙන් මහජනයාට වගකිවයුතු නිලතල දරණා ඉහළ මට්ටමේ තීන්දු තීරණ ගන්නවුන් විසින් සිදුකරනා ප්‍රකාශයන් හඳුනාගෙන, ඒවායේ සත්‍ය අසත්‍ය භාවය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගත් මුද්‍රිත මාධ්‍ය (සිංහල, දමිළ හා ඉංග්‍රීසි) අධීක්ෂණය කරනා පොදු ජන සේවාව සඳහාවූ පර්යන්තයක් වේ. FactCheck.lk හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ මහජන අවබෝධය හා තොරතුරු සඳහා වන අවකාශය වැඩිදියුණු කිරීමත්, ඒ හරහා මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරෙන එම තීන්දු තීරණ ගන්නවුන්ගේ ප්‍රකාශයන් සඳහා ඔවුන්ව වගවීමට ලක් කිරීමත් වේ.
FactCheck.lk පර්යන්තය පවත්වා ගෙන යන්නේ Verité Research මගිනි. අපගේ හිතෛශීන් හට පර්යේෂණ කටයුතු ඔස්සේ හෝ මූල්‍යමය වශයෙන් හෝ ඒ වෙත දායක වන ලෙසින් අපි ආරාධනා කර සිටින අතර, ඔබට factcheck@veriteresearch.org ව ඊමේල් ලිපිනය ඔස්සේ අපව සම්බන්ධ කරගත හැක. 2019 අප්‍රේල් 30 දක්වා වූ FactCheck.lk පර්යන්තයේ පළමු වසර තුළ, International Media Support (IMS) වෙතින් ලැබුණු ප්‍රතිපාදන ඔස්සේ ඊට මූල්‍යමය සහාය සැපයිණි. ඉන් පසුවද Internews සහ IMS විසින් තවදුරටත් ඊට සහාය ලබාදෙන්නට යෙදිණි. මෙම මූල්‍යමය සහාය නොලැබෙන කාල අන්තරයන් තුළදී Verité Research මගින් FactCheck පර්යන්තය නඩත්තු කෙරෙන අතර, FactCheck හි අගය දකිනා සියලුම දෙනා හට ඊට දායකත්වය දැක්වීම සඳහා අපි නැවතත් ආරාධනා කර සිටිමු.
වෙරිටේ රිසර්ච් හි අනෙකුත් කටයුතු පිළිබඳව දැනගැනීමට, පහත සබැඳීන් වෙත පිවිසෙන්න Ethics Eye https://www.facebook.com/ethicseye/ https://twitter.com/EthicsEye Manthri.lk http://www.manthri.lk https://www.facebook.com/manthrilk/ https://twitter.com/ManthriLK Budget Promises http://www.budgetpromises.org Divide http://divide.lk The Media Analysis https://twitter.com/verite_tma VR Law https://twitter.com/VRlawSL