Claim

විමල් වීරවංශ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1977 ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු පළමු වරට මේ රටේ ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩිකරගෙනතිබෙනවා.
මව්බිම: 13 Jul 2020
Statement
1977 ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු පළමු වරට මේ රටේ ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩිකරගෙනතිබෙනවා.
Fact check
අමාත්‍ය වීරවංශ, අපනයන ආදායම් පිළිබඳව වන වැරදි මතයක් නැවතත් ගෙනහැර දක්වයි
මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ විසින්, 2020 ජූනි මස වෙළඳ දත්ත පිළිබඳව මාධ්‍ය තුළ වෙනමත් වාර්තා වූ කරුණක් නැවත ගෙනහැර දක්වා ඇතිබවක් පෙනේ.. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇගයුම් කිරීම උදෙසා, FactCheck මගින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ඔස්සේ වාර්තා කෙරුණු ශ්‍රී ලංකාවේ මාසික සහ වාර්ෂික ආනයන අපනයන දත්ත පරිශීලනය කොට තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය මගින්, ආනයන සහ අපනයන සම්බන්ධයෙන් විදේශීය අංශයේ දත්ත ලබාදී ඇත. එම දත්ත ඔස්සේ පෙන්නුම් කෙරෙන්නේ, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් වලට වඩා වැඩි වන, වාර්ෂික ශුද්ධ අපනයන අතිරික්තයක් 1977 සිට තිබී නොමැති බවයි. 2006 සිට 2019 දක්වා ලබාගැනීමට ඇති මාසික දත්ත මගින් පෙන්නුම් කරන්නේද, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් ඉක්මවා විට එකදු මාසයක් හෝ තිබී නොමැති බවයි.
අමාත්‍යවරයා විසින් නැවත සඳහන් කරන්නට යෙදුණු මෙම ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, අතීතයේදී මෙන්ම 2020 වසරේදී පවා මෙම තත්වය වෙනස් වී නොමැත. 2020 ජනවාරි සිට ජූනි දක්වා වන මාසික දත්ත මගින් පෙන්නුම් කරන්නේ, සමස්ත අපනයන ආදායම් සමස්ත ආනයන වියදම් ඉක්මවා ගොස් නොමැති බවයි (නිදර්ශකය 1 බලන්න).
එම නිසා, අමාත්‍ය විමල් වීරවංශ විසින් පුනරුච්ඡාරණය කරන්නට යෙදුණු මෙම ප්‍රකාශය සාවද්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
මූලාශ්‍ර
ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මාසික ආර්ථික දර්ශක (2020 ජූනි), ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mei/MEI_202006_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 26]
ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මාසික ආර්ථික දර්ශක (2020 මැයි), ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mei/MEI_202005_e.pdf[අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 26]
ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මාසික ආර්ථික දර්ශක (2020 අප්‍රේල්), ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mei/MEI_202004_e_0.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 26]
ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මාසික ආර්ථික දර්ශක (2020 මාර්තු), ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mei/MEI_202003_e_0.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 26]
ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මාසික ආර්ථික දර්ශක (2020 අගෝස්තු 21), ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200821_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 26]
ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මාසික ආර්ථික දර්ශක (2020 අගෝස්තු 14), ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20200814_external_sector_performance_june_2020_e.pdf[අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 26]