• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

විමල් වීරවංශ

එක්සත් ජනතා නිදහස් සන්ධානය

…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.

අද: 7 Nov 2019

False

Statement

…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින්, 2011 දී තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ නැගෙනහිර-බටහිර ආර්ථික කොරිඩෝරය සඳහා වන සැලසුම්, වැරදි සහගත ලෙසින් එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවට බැර කරයි.

පසුගිය සතියෙන් උපුටා දක්වා ඇති ඉහත ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් නැවත නැවතත් ප්‍රකාශ කළ අතර, ඔහු විසින් එය ජූලි 31 වන දින පාර්ලිමේන්තුවේදී පවසන්නට යෙදිණි. එයින් මන්ත්‍රීවරයා අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වන ආර්ථික කොරිඩෝවක් සඳහා එක්සත් ජනපදයේ සහශ්‍ර අභියෝගතා සංස්ථාව (MCC) මගින් යෝජනා කොට ඇති බවයි.

FactCheck මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය, මහජනයාට ලබාගැනීමට ඇති තොරතුරු භාවිතා කරමින් විමසුම් කොට ඇත. එම තොරතුරු වන්නේ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි (MCCA) ‘ක්‍රියාත්මක සංස්කරණය’, යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා 2050 සැලසුම සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව (DNPP) මගින් ප්‍රකාශයට පත් කරන ලද 2011-2030 ජාතික භෞතික සැලසුම මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එම්.ඩබ්.ජේ.ජී.මෙන්ඩිස්ගේ එකතු කළ රචනාවන් වේ.

අප විසින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු 83 ම කියවා ඇති අතර, මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයේ ආර්ථික කොරිඩෝවක් සම්බන්ධ කිසිදු සඳහනක් අපට එහි හමු නොවුණි. ඒ වෙනුවට 2010-2015 කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන විට ඔහු විසින් අධීක්ෂණය කළ 2011 දී සකස් කළ රජයේ 2011-2030 ජාතික භෞතික සැලැස්මෙහි, ආර්ථික කොරිඩෝවක් සඳහා වන සැලසුම් අපට හමුවිණි.

2016 වසරේදී ප්‍රකාශයට පත් වී ඇති යාවත්කාලීන කළ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා 2050 සැලසුම තුළද, උක්ත අදහස්ම ග්‍රහණය කරගනිමින් ඒ වඩා විස්තාරණය කොට ඇත. මෙම රජයේ සැලසුම් නිර්මාණය වී ඇත්තේ 1973 දක්වා දිව යන කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් යා කිරීමේ පූර්ව සැලසුම් මත වේ.

සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු අංක 28 සිට 34 දක්වා වන අන්තර්ගතයෙහි ඉඩම් කළමනාකරණයේ තාක්ෂණික හා ප්‍රතිපත්තිමය අංශයන්හි මුල් පිරීම් පහක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන ලබාදීම් විස්තර කොට ඇත. ඒවා නම් සිතියම් ගත කිරීම්, ලියාපදිංචි කිරීම්, තක්සේරු කිරීම්, පාලනය කිරීම් හා ප්‍රතිපාදන පිරිනැමීම් වේ. සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු අංක 39 හි සඳහන් වන මූල්‍ය සාරාංශය මගින් මාර්ග සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සීමාසහිත මූල්‍ය ප්‍රතිපාදනයන් සම්බන්ධව පමණක් විස්තර කෙරෙන අතර, එයද සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු අංක 24 හි වැඩි විස්තර සහිතව සඳහන් කෙරෙනා ආකාරයට මාර්ගයන්හි ආරක්ෂාව හා ගමනේ වේගය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රටේ මධ්‍යම වළල්ලේ මාර්ග ජාලය සඳහා වේ (නැගෙනහිර-බටහිර කොරිඩෝවක් සඳහා නොවේ).

සමස්තයක් ලෙසින් ගත් විට, සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම මගින් මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත ආකාරයට නැගෙනහිර-බටහිර කොරිඩෝවක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කොට නැත. එමෙන්ම නැගෙනහිර-බටහිර කොරිඩෝවක් සඳහා ප්‍රතිපාදන වෙන් කිරිමක්ද සිදුවී නැත. එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ උක්ත ප්‍රකාශය සාවද්‍ය යැයි අපි ප්‍රකාශ කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

මුදල් අමාත්‍යාංශය, සහශ්‍ර අභියෝගතා ගිවිසුම, ප්‍රවේශය මෙතැනින්: http://www.treasury.gov.lk/documents/10181/519892/MCC+Rescan1.pdf/a5d28fac-22cc-4139-a88e-a37311bafb6b

සහශ්‍ර අභියෝගතා සංස්ථාව, ශ්‍රී ලංකා ගිවිසුම, ප්‍රවේශය මෙතැනින්: https://www.mcc.gov/where-we-work/program/sri-lanka-compact

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, යාවත්කාලීන කළ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා 2050 සැලසුම, ප්‍රවේශය මෙතැනින්: http://www.nppd.gov.lk/index.php?option=com_content&view=article&id=71&Itemid=2&lang=en

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, 2011-2030 ජාතික භෞතික සැලසුම, ප්‍රවේශය මෙතැනින්: http://www.ccisrilanka.org/wp-content/uploads/2019/02/national_plan_2011-2030.pdf

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය, ප්‍රවේශය මෙතැනින්: http://www.nppd.gov.lk/index.php?option=com_content&view=article&id=6%3Athe-national-physical-planning-policy&catid=1%3Alatest-news&Itemid=11&lang=en

ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය -අතිවිශේෂ. අංක.1651/3, 2010 අප්‍රේල් 26, ප්‍රවේශය මෙතැනින්: http://documents.gov.lk/files/egz/2010/4/1651-20_E.pdf

ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය -අතිවිශේෂ. අංක. 1651/20, 2010 අප්‍රේල් 30, ප්‍රවේශය මෙතැනින්: http://documents.gov.lk/files/egz/2010/4/1651-03_E.pdf

එම්.ඩබ්.ජේ.ජී.මෙන්ඩිස්, The Planning Implications of the Mahaweli Development Project in Sri Lanka. සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට් ප්‍රකාශන. 1973.

එම්.ඩබ්.ජේ.ජී.මෙන්ඩිස්, Urbanisation and Urban Growth in Sri Lanka. මහජන බැංකුව. ආර්ථික සමාලෝචනය. වෙළුම 22. අංක 12. 1996 මාර්තු.

එම්.ඩබ්.ජේ.ජී.මෙන්ඩිස්, ආයෝජන කොරිඩෝවන්, වර්ධනය හා සමෘද්ධිය. ශ්‍රී ලංකා පරිපාලන සඟරාව, වෙළුම. 101, අංක. 18. ප්‍රවේශය මෙතැනින්: http://dl.nsf.ac.lk/bitstream/handle/1/8450/SLA-101(18)-31.pdf?sequence=2

මන්ත්‍රීවරයාගේ මුල් ප්‍රකාශයට ප්‍රවේශය මෙතැනින්: http://www.ada.lk/breaking_news/%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/11-354200




Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION