• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා

16% කට වැඩි සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයකින්, 130% කට වැඩි ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතයකින්, 175% කට වැඩි ද්‍රවශීලතා ආවරණ අනුපාතයකින් සහ 32% කට වැඩි ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයකින් යුතුව, බැංකු ක්ෂේත්‍රය ශක්තිමත්ව පවතිනවා. මේ කාර්ය සාධන දර්ශක සමගින්, කිසිවෙකුට බැංකු පද්ධතියේ වත්මන් ශක්තිය සම්බන්ධයෙන් අමතර සහතික කිරීම් අවශ්‍ය යැයි මම සිතන්නේ නැහැ.

ඩේලි නිව්ස්: 8 Jun 2020

True

Statement

16% කට වැඩි සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයකින්, 130% කට වැඩි ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතයකින්, 175% කට වැඩි ද්‍රවශීලතා ආවරණ අනුපාතයකින් සහ 32% කට වැඩි ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයකින් යුතුව, බැංකු ක්ෂේත්‍රය ශක්තිමත්ව පවතිනවා. මේ කාර්ය සාධන දර්ශක සමගින්, කිසිවෙකුට බැංකු පද්ධතියේ වත්මන් ශක්තිය සම්බන්ධයෙන් අමතර සහතික කිරීම් අවශ්‍ය යැයි මම සිතන්නේ නැහැ.

Fact check

බැංකු පද්ධතියේ ශක්තිය පිළිබඳව මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය මත විශ්වාසය තැබිය හැකියි.

 

ගෝලීය සහ දේශීය බැංකු මගින් ගන්නා අවදානම තක්සේරු කිරීම ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකු (CBSL) අධිපති ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්ගේ ප්‍රකාශය ඇගයුම් කිරීම සඳහා FactCheck  විසින්, මහ බැංකු මගින් මුදල් හා මූල්‍යමය ස්ථාවරත්වය අත්පත් කරගැනීමට සිදුකරනා ප්‍රයත්නයන් සඳහා මෙහෙවර කරනා හා සහාය ලබාදෙන ජාත්‍යන්තර සංවිධානයක් වන ජාත්‍යන්තර පියවීම් බැංකුව (BIS) මගින් සකස් කරනා ලද ප්‍රතිපත්ති සමූහය විමසා බලා ඇත. ශ්‍රී ලංකාවේ දේශීය බැංකු ආයතන නියාමනය කෙරෙනු ලබන්නේ, ජාත්‍යන්තර පියවීම් බැංකුවේ (BIS) මාර්ගෝපදේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව මගිනි.

 

මහබැංකු අධිපතිවරයා විසින් උපුටා දාක්වන ලද අනුපාතයන්, උක්ත සඳහන් සම්මතයන් මත පදනම් වූ අදාළ දර්ශකයන් වේ. ඔහු විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛනයන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වාර්තා කොට ඇත.

 

 

මහබැංකු අධිපතිවරයා විසින් සමස්ත බැංකු ක්ෂේත්‍රය සඳහා වන සාමාන්‍ය අනුපාතයන් වාර්තා කරයි. කෙසේ වෙතත්, බැංකු ක්ෂේත්‍රයේ ශක්තිය, මෙම දර්ශකයන් මත එක් එක් බැංකු දක්වන කාර්ය සාධනය මත රඳා පවතිනු ඇත. එක් එක් බැංකුව සඳහා වන එක් එක් දර්ශකය සඳහා වන යෝග්‍ය මිණුම් සලකුණු, එම එක් එක් බැංකුවේ පද්ධතිමය වැදගත්කම මත ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදී ඇති වර්ගීකරණය මත පදනම්ව විචලනය වේ.

 

2020 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාවේ ඉහළින්ම සිටිනා බැංකු 10 ම මෙම නියාමන අවශ්‍යතාවයන් පූර්ණ කොට ඇතිතේ, ඔවුන්ගේ නියාමන ශක්තිය පෙන්නුම් කරමිනි (නිදර්ශකය 1).

 

එනිසා, මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි තක්සේරු කරමු.

 

තම ප්‍රකාශය ඔස්සේ මහ බැංකු අධිපතිවරයා, රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිය ඇගයුම් කිරීම සඳහා අවශ්‍ය නිවැරදි අනුපාතයන් හඳුනාගනී.

 

කෙසේ නමුත්, සමස්ත බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍යය සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවන්නේ, ඒ ඔස්සේ යම් යම් බැංකු මුහුණ දෙන නොපෙනෙන ගැටළු සැඟවිය හැකි බැවිනි. මන්දයත්, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ ශක්තිය රඳා පවතින්නේ, තනි තනි බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදී ඇති නීති රීති හා අනුකූල වන්නේද යන කරුණ මත බැවිනි.

 

මෙම නීති රීති, බැංකුවක ප්‍රමාණය, අන්තර්-සම්බන්ධතාවයන් සහිත බව, මූල්‍ය පද්ධතිය තුළ ආදේශක හැකියාව සහ විවිධත්වය මත රඳා පවතී. මෙම ප්‍රභේදනයන් පිළිබිඹු වන ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය බැංකු කාණ්ඩගත කොට ඇත. ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව “D-SIB: bucket 2” යටතේ කාණ්ඩගත කොට ඇති අතර, හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් බැංකුව “D-SIB: bucket 1” යටතේ කාණ්ඩගත කෙරී ඇත. මෙම බැංකු පද්ධතිමය වශයෙන් වැදගත් ලෙසින් සැලකෙන අතර, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීම උදෙසා අනෙකුත් “D-SIBනොවන” බැංකු හා සංසන්දනය කිරීමේදී ඔවුන් වඩාත් ඉහළ විචක්ශණශීලීත්වයකින් යුත් කාර්ය සාධන දර්ශකයන් සැපිරිය යුතු යැයි අදහස් කෙරේ.(නිදර්ශකය 2)

 

සටහන:

 

ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රය නියාමන අවශ්‍යතාවයන් පරිපූර්ණ කොට තිබුණත්, බැංකු ක්ෂේත්‍රය තුළ වර්ධනය වෙමින් තිබෙනා යම් යම් වියහැකි අවදානම් තත්වයන්ගේ සංඥාවන්ද වේ.

 

2020 මැයි මාසයේදී Fitch Ratings ඔස්සේද ශ්‍රී ලංකාවේ බැංකු වල මෙහෙයුම් තත්ත්ව ලකුණු ‘b’ සිට ‘b-‘ දක්වා පහත හෙළා සංශෝධනය කොට තිබුණේ, ස්වෛරී ණය ප්‍රමාණනයන් සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ අවදානම් සහගත තත්වයන් වෙත වූ අවප්‍රමාණක පීඩනය හේතු කොට ගනිමිනි.

 

මීට අමතරව, 2019 පළමු කාර්තුව සහ 2020 පළමු කාර්තුව ඇතුළතදී ක්‍රියාකාරී නොවන වත්කම් (NPA) ප්‍රමාණය 4.2% කින් ඉහළ නැග තිබුණේ, ජනතාවට තමන්ගේ ණය ගෙවීමට ඇති හැකියාවේ විය හැකි කඩාවැටීමක් හඟවමිනි. ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය තක්සේරු කිරීමෙහි ලා ක්‍රියාකාරී නොවන වත්කම් (NPA) සම්බන්ධයෙන් විශේෂයෙන් නියම කළ සීමාවක් නොමැති වුවත්, මෙම සමස්ත ඉහළ නැඹුරුව සැලකිල්ල දැක්විය යුතු කාරණාවක් වේ. පවතින ක්‍රියාකාරී නොවන වත්කම් (NPA) ප්‍රමාණය, 20174 තුන්වන කාර්තුවෙන් පසු වාර්තා වූ වැඩිම ක්‍රියාකාරී නොවන වත්කම් වේ.

 

 

 


Sources

මූලාශ්‍ර:

 

“Sri Lanka Trims Systemically Important Banks in New D-SIB Rule, Capital Buffers Changed.” ඉකොනොමිනෙක්ස්ට්, 2019දෙසැම්බර් 23, economynext.com/sri-lanka-trims-systemically-important-banks-in-new-d-sib-rule-capital-buffers-changed-37249/#:~:text=Autos-,Sri%20Lanka%20trims%20systemically%20important%20banks%20in%20new,SIB%20rule%2C%20capital%20buffers%20changed&text=Other%20banks%20reaching%20assets%20of,percent%20weight%2C%20has%20been%20adopted.

 

“Basel III: International Regulatory Framework for Banks.” ජාත්‍යන්තර පියවීම් බැංකුව, 2017 දෙසැම්බර් 7, www.bis.org/bcbs/basel3.htm.

 

“High-Level Summary of Basel III Reforms .” ජාත්‍යන්තර පියවීම් බැංකුව, 2017 දෙසැම්බර්, www.bis.org/bcbs/publ/d424_hlsummary.pdf.

 

මුණසිංහ, ජොආන්. “The Implications of the Basel Regulations for the Sri Lankan Financial System.” ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානය, 2019 ඔක්තෝබර් 17, lki.lk/blog/the-implications-of-the-basel-regulations-for-the-sri-lankan-financial-system/.

 

ලංකා බැංකුව. Basel III අනාවරණ අවශ්‍යතාවයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

ලංකා බැංකුව. 2019 වාර්ෂික වාර්තාව, 31.12.2019. වෙබ්. 2020 ජූලි 17.

 

කොමර්ෂල් බැංකුව. Basel III - 016අංක 01 දරණ බැංකු පණත් විධානයන්ට අනුව 3 වන ස්ථම්භය යටතේ වන අනාවරණයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

ඩීඑෆ්සීසී බැංකුව. 2020 මාර්තු 31 වෙනිදායින් අවසන් වන මාස තුන සඳහා අතුරු මූල්‍ය ප්‍රතිඵල, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

හැටන් නැෂනල් බැංකුව. Basel III අනාවරණ අවශ්‍යතාවයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

ජාතික සංවර්ධන බැංකුව. අතුරු මූල්‍ය ප්‍රතිඵල - 2020 මාර්තු 31 වෙනිදායින් අවසන් වන කාර්තුව, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

ජාතික ඉතිරිකිරීමේ බැංකුව. Basel III – 3 වන ස්‍ථම්භය යටතේ වන අවම අනාවරණ අවශ්‍යතා, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව. 2020 මාර්තු 3 වෙයින්දායින් අවසන් වන මාස තුනක් සඳහා අතුරු මූල්‍ය ප්‍රතිඵල, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

මහජන බැංකුව. Basel III - 2016අංක 01 දරණ බැංකු පණත් විධානයන්ට අනුව 3 වන ස්ථම්භය යටතේ වන අනාවරණයන්, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

සම්පත් බැංකුව. 2020 මාර්තු 31 න් අවසන් වන කාලසීමාව සඳහා අතුරු මූල්‍ය වාර්තා, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.

 

සෙලාන් බැංකුව. වෙළෙඳපොළ ශික්ෂාව- 016අංක 01 දරණ බැංකු පණත් විධානයන්ට අනුව 3 වන ස්ථම්භය යටතේ වන අවම අනාවරණ අවශ්‍යතා, 31.03.2020. වෙබ්. 2020 ජූලි 17.


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION