Claim

උදය ගම්මන්පිල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
"..... කලින් හිටපු ජනාධිපති ඒ කියන්නේ 19 වැනි සංශෝධනයට කලින් හිටපු ජනාධිපති දැන් ඉන්න ජනාධිපති අතර මහ බරපතල වෙනසක් නෑ. ජනාධිපතිවරයාට තිබුණ බලතල තුනක් පමණයි දහනව වැනි සංශෝධනයෙන් අයින් කළේ."
දිවයින: 18 Jun 2019
Statement
"..... කලින් හිටපු ජනාධිපති ඒ කියන්නේ 19 වැනි සංශෝධනයට කලින් හිටපු ජනාධිපති දැන් ඉන්න ජනාධිපති අතර මහ බරපතල වෙනසක් නෑ. ජනාධිපතිවරයාට තිබුණ බලතල තුනක් පමණයි දහනව වැනි සංශෝධනයෙන් අයින් කළේ."
Fact check
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල නිවැරදි නොවේ
2019 ජූනි 18 දිවයින පුවත්පත මගින් වාර්තා කර තිබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඉහත දැක්වෙන පරිදි ජනපති වරයාගේ බලතල අඩු කිරීම/ඉවත් කිරීම සබැඳිව උක්ත සඳහන් ප්‍රකාශය සිදුකළ බවයි.
“ඇමතිවරුන් නම් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ මත කටයුතු කළ යුතුයි, වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීම වසර හතරහමාරක් දක්වා කල්ගියා. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ඍජුවම ජනමත විමසුමකට යොමුකිරීමට ජනාධිපතිවරයාට තිබුණ බලය ඉවත්වුණා.”
ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් ඔහුගේ ප්‍රකාශයේදී සඳහන් කරනු ලබන්නේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවෙහි සිදුව ඇති විධායක ජනපති ධූරයේ සිදුවූ එකම බලතල අඩු කිරීම් වන්නේ ඉහත ඒවා පමණක් බවයි. තවදුරටත් ඔහු සඳහන් කරන්නේ, මෙම වෙනස්කම් මගින් ජනපතිවරයාගේ බලතල වෙත ව්‍යවස්ථානුකූලව බරපතල වෙනස්කම් සිදු නොකරන බවයි.
මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාව සෙවීමට, අපි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ (සංශෝධිත) ව්‍යවස්ථාව පරිශීලනය කළෙමු. ඒ අනුව අපට උක්ත කියූ සංශෝධනය මගින් ඉවත් කෙරුණු/අඩු කෙරුණු වෙනත් බලතල කිහිපයක් හඳුනා ගැනීමට හැකි විණි. මෙයට ජනපතිවරයාගේ අභිමතය පරිදි කොමිෂන් සභා වලට සහ රජයේ ඉහළම ධූරයන්ට වලට පත් කිරීම් සිදුකිරීමේ බලය ඉවත් කිරීමද ඇතුළත්ව තිබේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව, එවන් පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හෝ නිර්දේශය ඔස්සේ සිදුවිය යුතු බවට සීමා කෙරී ඇත (41ආ සහ 41ඇ වගන්ති). මීට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්, ජනපතිවරයා විසින් තමන්ට අමාත්‍ය ධූර පැවරීමේ බලය (43(2) වගන්තිය); ජනපතිවරයාගේ ක්‍රියාවන් නෛතිකව අභියෝගයට ලක් කිරීම වැළැක්වීමේ හැකියාව (35 (1) වගන්තිය); සහ තමන්ගේ දෙවන ධූර කාලයටද පසුව ජනපති ලෙසින් තෝරා පත් කර ගැනීමට තමන්ටම අපේක්ෂකත්වය ලබාදීම (31 (3) (3අ) (අ) (i) වගන්තිය) යන බලයන් ඉවත් කොට/අඩු කොට ඇත.
තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල විසින් දක්වා ඇති බලය අඩු කිරීම්/ඉවත් කිරීම් ත්‍රිත්වය, ආකාර තුනකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතියෙන් තොරව ක්‍රියා කිරීමට ජනපතිට ඇති බලය සීමා කරයි. එනම් (i) අමාත්‍යවරුන් පත් කිරීමේදී; (ii) වසරකට පසුව පාර්ලිමේන්තුව විසිරුවීමේදී; සහ (iii) පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේපිත පනත් කෙටුම්පතක් සෘජු ජනමත විචාරණයකට යොමු කිරීමේදීයි. මෙම වෙනස්කම්, ජනපතිවරයාට මින් පෙර තිබූ විධායක බලතල වල සැලකිය යුතු අඩු කිරීමක්/ඉවත් කිරීමක් සිදුකර ඇත.
එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල විසින්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ජනපති ධූරය සම්බන්ධයෙන් සිදුකර ඇති බලපෑම පිළිබඳව සිදු කරනු ලැබූ ප්‍රකාශය දෙයාකාරයකින් නිවැරදි නොවන බව අපි ප්‍රකාශ කරමු. එනම් (i) අඩු කර/ඉවත් කර ඇත්තේ බලයන් තුනක් පමණක් බව ප්‍රකාශ කිරීමේදී; සහ (ii) ඉවත් කළ/අඩු කළ බලයන් ‘බරපතල වෙනසක් නොකරන’ බව ප්‍රකාශ කිරීමේදී වේ.
එනිසා අපි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ ඉහත ප්‍රකාශය සාවද්‍ය යැයි දක්වා සිටිමු.
**FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව 2015 (2015 මැයි 15 වන දිනට සංශෝධිත), 31(2), 41ඇ, 41ඉ සහ 43(2) වගන්ති, මෙතැනින්: https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th.pdf [අවසන් වරට ප්‍රවේශය: 2019 අගෝස්තු 28]
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව සඳහා දහනව වැනි සංශෝධනය (2015), මෙතැනින්: https://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act.pdf [අවසන් වරට ප්‍රවේශය: 2019 අගෝස්තු 28]