Claim

උදය ගම්මන්පිල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
2005දී අපි රට භාරගන්නා විට ලංකාවේ ණය බර 103%යි… ණය බර 72%ට බැස්සුවා. එජාපය රට පාලනය කළ වසර පහට ඒක නැවතත් 87% දක්වා ඉහළ නැංවුවා.
මව්බිම: 8 Jul 2020
Statement
2005දී අපි රට භාරගන්නා විට ලංකාවේ ණය බර 103%යි… ණය බර 72%ට බැස්සුවා. එජාපය රට පාලනය කළ වසර පහට ඒක නැවතත් 87% දක්වා ඉහළ නැංවුවා.
Fact check
ණය බර පිළිබඳව උදය ගම්මන්පිල: සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් නිවැරදියි, නිගමනය සම්බන්ධයෙන් එතරම් නිවැරැදි නොවෙයි
ඉහත දක්වා ඇති තම ප්‍රකාශය තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ, 2005 දී බලයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් ඔවුන්ගේ ධූර කාලයේ අවසානය වන විට රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP)103% ක සිට 72% දක්වා පහතට ගෙන ආ බවයි. ඔහු තවදුරටත් පවසන්නේ, එක්සත් ජාතික පක්ෂ රජය ඔවුන්ගේ පස් අවුරුදු කාලයේ අවසානය වන විට මෙම ණය බර නැවත රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 87% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.
මෙම ප්‍රකාශිත කරුණු තක්සේරු කිරීම සඳහා, FactCheck විසින් 2019 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්ථාවේ විශේෂ සංඛ්‍යාලේඛනපරිශිෂ්ටය (උපග්‍රන්ථය) පරිශීලනය කොට ඇත.
දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසින් ණය පිළිබඳ සංඛ්‍යාලේඛනයන් ගත් විට, එය උදය ගම්මන්පිල දැක්වූ අංකයන් ආසන්නයට පැමිණෙන්නේ මධ්‍යම රජයේ ණය සැලකූ විටයි. නැතිව රජයට අයත් ව්‍යවසායන්ගේ පොත් වල ඇති ණයද ගණන් ගත් විට නොවේ.
2004 වසරේ අවසානය -එනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයක් ගොඩනැගීමට පෙර- ශ්‍රී ලංකා රුපියල් වලින් ගත් විට මධ්‍යම රජයේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසින් ගත් විට 102.5% ක් විණි. එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ධූර කාලය අවසන් වූ 2014 අවසානය වන විට මෙම සංඛ්‍යාව 72.3% ක් දක්වා පහත බැස තිබිණි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් යුතු යහපාලන රජය 2015 දී නිර්මාණය විණි. 2019 අවසානය වන විට, එනම් යහපාලන රජයේ කාලය අවසන් වූවාත් සමගම, දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙසින් වන ණය බර 86.8% දක්වා ඉහළ නැග තිබිණි. මෙම සංඛ්‍යාලේඛනයන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල දක්වා සංඛ්‍යාවන් හා සැසඳේ.
මින් පෙර FactCheck කරුණු විමසුම් මගින් පෙන්වා දී ඇති ආකාරයට, ණය එක් මුදල් වර්ගයකින් තවත් මුදල් වර්ගයකට පරිවර්තනය කිරීම (සහ පරිවර්තන අනුපාතය සඳහා තෝරාගත් දින) මගින් මෙම නිගමනය වෙනස් විය හැක. උදා: වාර්ෂික මුදල් අවප්‍රමාණ වීම නිසා, ස්ථාවර ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල් ණය ලෙසින් ගත් විට වැඩිවෙයි. එනිසා මෙම ව්‍යාකූලත්වය මගහැරීම සඳහා, විදෙස් ණය දිගින් දිගටම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ගණන් ගැනෙනා අතර, දේශීය ණය ශ්‍රී ලංකා රුපියල් වලින් ගණන් ගැනේ.
ශ්‍රී ලංකා රුපියල් වලින් දේශීය ණය වර්ධනය සහ ඇ.එ.ජ.ඩොලර් වලින් විදෙස් ණය සලකා බැලීමේදී, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමයේ ණයෙහි වඩාත් ඉහළ වාර්ෂික වර්ධනයක් (ඇ.එ.ජ.ඩොලර් හා රුපියල් වලින් 9.6% ක් හා 14.1% ක්), යහපාලන රජය සමයට වඩා දක්නට ලැබිණි (ඇ.එ.ජ.ඩොලර් හා රුපියල් වලින් 8.2% ක් හා 9.2% ක්). මෙනිසා, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ ප‍්‍රකාශයේ යම් නොමග යැවෙන සුළුස්වභාවයක් ඇතත්,, ගම්මන්පිල විසින්, නවතම මහ බැංකු වාර්ෂික වාර්තාවේද දැක්වී ඇති පරිදි, පසුගිය කාලයන් තුළ මධ්‍යම රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙසින් නිවැරදිව දක්වා ඇත.
එනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලගේ උක්ත ප්‍රකාශය සත්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
අමතර තොරතුරු:
2015-2019 කාලසීමාව තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙසින් ණය බර වැඩිවීම සිදුවූයේ අඩු අය වැය හිඟය නොසලකමිනි. මෙම කාලය තුළ වාර්ෂික සාමාන්‍ය අය වැය හිඟය 6.1% ක් වූ අතර, 2005-2014 කාලය තුළ වාර්ෂික සාමාන්‍ය අය වැය හිඟය 7% ක් විණි. එනිසා, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් වූ යහපාලන රජය සමයේ නව ණය නිර්මාණය වීම අඩු වේගයකින් සිදුවිණි. දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසින් ණය, යහපාලන රජයේ ධූර කාලය තුළ වැඩිවීමට හේතු වූයේ, 2005-2014 කාලයට සාපේක්ෂව අඩු නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත්, රුපියල අවප්‍රමාණ වීම ඉහළ යෑමත් යන දෙකම හේතුවෙනි.
Sources
මූලාශ්‍ර
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2019), විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ඨය, වගු අංක 5 සහ 6, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2019
Thushara Rathnaweera 2 months ago