• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

උදය ගම්මන්පිල

එක්සත් ජනතා නිදහස් සන්ධානය

[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තිය] අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය… එහෙම නම් තුන්වැනි උපලේඛනයේ දැක්වෙන ශ්‍රී ලංකා මාතා පදමාලාව හැර වෙනත් කිසිවක් ජාතික ගීය ලෙස සැලකුවොත් එය ව්‍යවස්ථා උල්ලංඝනයක් වෙනවා.

අද: 1 Jan 2020

False

Statement

[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තිය] අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය… එහෙම නම් තුන්වැනි උපලේඛනයේ දැක්වෙන ශ්‍රී ලංකා මාතා පදමාලාව හැර වෙනත් කිසිවක් ජාතික ගීය ලෙස සැලකුවොත් එය ව්‍යවස්ථා උල්ලංඝනයක් වෙනවා.

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල, ජාතික ගීයේ භාෂාව සම්බන්ධයෙන් වරදවා ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ප්‍රකාශ කොට සිටින්නේ, ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තියෙන් ජාතික ගීය සඳහන් වන්නේ සිංහලෙන් “ශ්‍රී ලංකා මාතා” කියා බැවින්, සිංහල හැරෙන්නට වෙනත් භාෂාවකින් ජාතික ගීය පැවතෙන බව සැළකීම ව්‍යවස්ථා උල්ලංඝනයක් බවයි.

මෙම ප්‍රකාශය විමසුම් කිරීම සඳහා FactCheck මගින් ව්‍යවස්ථාව විමසා බලා ඇත. ව්‍යවස්ථාවේ නිල වශයෙන් ප්‍රකාශිත සංස්කරණයන්හි, ජාතික ගීයේ නම සහ පදමාලාව භාෂා දෙකකින්-එනම් සිංහලෙන් සහ දෙමළෙන්- සඳහන් වේ. ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි සංස්කරණයන්හි එය “ශ්‍රී ලංකා මාතා” (“Sri Lanka Maatha”) ලෙසින් සඳහන් වන අතර, දමිළ සංස්කරණයේ එය “ශ්‍රී ලංකා තායේ” ලෙසින් සඳහන් වේ. එනිසා ව්‍යවස්ථාව මගින් ජාතික ගීය ඉදිරිපත් කොට ඇත්තේ “ශ්‍රී ලංකා මාතා” ලෙසින් පමණක් යැයි පැවසීම සාවද්‍ය වේ.

මෙම විමසුම සඳහා අප විසින් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන කරුණු සාධක තුනක් සලකා බලා ඇත. (1) සිංහල සහ දමිළ යන භාෂා දෙකටම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ ජාතික භාෂා ලෙස ව්‍යවස්ථාව මගින් එක හා සමාන තත්ත්වයක් ලබා දී ඇත. (2) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව නිල වශයෙන් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත්ව ඇත. (3) ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සහ භාවිතාව සදහා එහි නිල වශයෙන් ප්‍රකාශිත කිසිදු සංස්කරණයකට හෝ කිසිදු භාෂාවකට ව්‍යවස්ථාව මගින් මූලිකත්වයක් ලබා නොදේ

මෙම කරුණු මත පදනම්ව බැලූ විට පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලගේ තර්කය නිවැරදි වන්නේ නම්, ව්‍යවස්ථානුකූල වන්නේ ජාතික ගීයේ දමිළ සංස්කරණය පමණක් යැයිද යම් අයෙකුට පැවසිය හැක. මන්දයත්, ව්‍යවස්ථාවේ ජාතික ගීය දමිළ බසින් “ශ්‍රී ලංකා තායේ” කියාද ඇති බැවින් සහ දමිළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙසින් මෙන්ම ජාතික භාෂාවක් ලෙසින්ද ව්‍යවස්ථානුකූලව සැලකී ඇති බැවිනි. මේ ඔස්සේ අපට පෙනෙන්නේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තර්කානුකූලව සැළකුවහොත්  ගැටළුකාරී බවයි.

එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලගේ මෙම ප්‍රකාශය සාවද්‍ය බව අපි කියමු.

 

සැලකිය යුතුයි: එක් බසකින් නොව වෙනත් බසකින් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ යුතු ද, යන්න සැළකීමට අවශ්‍යතාවයක් පැන නගින්නේ, ව්‍යවස්ථාවේ සඳහන් වන යම් දෙයක හරය වෙනස් භාෂා පාඨයන්ගෙන් එකකට එකක් පරස්පර ලෙසින් ලියා ඇතිනම් පමණි. එවන් අවස්ථාවක නිවැරදි අර්ථ නිරූපණය තීරණය කිරීම සඳහා ව්‍යවස්ථානුකූල අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණකි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ව්‍යවස්ථාවේ සඳහන් ජාතික ගීයේ සිංහල සහ දෙමළ සංස්කරණයන්හි එකම අර්ථයක් ඇති අතර, එකම තනුවක්ද නියම කොට තිබේ.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, 19 වෙනි සංශෝධනය ඇතුළත් කළ ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව, 7, 18, 19 සහ 125 වගන්ති: ප්‍රවේශය මෙතැනින්:

https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th.pdf (ඉංග්‍රීසි);

https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th-si.pdf (සිංහල);

https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th-ta.pdf (දමිළ)

මුල් ලිපිය සඳහා ප්‍රවේශය මෙතැනින්:  

http://www.ada.lk/breaking_news/රාජ්%E2%80%8Dය-උත්සවයකදී-ජාතික-ගීතය-දෙමළ-භාෂාවෙන්-ගායනා-කිරීම-ව්%E2%80%8Dයවස්ථාව-උල්ලංඝණය-කිරීමක්/11-356263


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION