• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

තිලක් මාරපන

එක්සත් ජාතික පක්ෂය

“ආරක්ෂක හමුදා අත්පත් කරගෙන සිටි රජයේ ඉඩම් අක්කර 71,172.56 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වනවිට අක්කර 63,257.48 ක් මුදාහැර තිබෙනවා. එය මුලින් අත්පත්කරගෙන සිටි ඉඩම්වලින් 88.87% ක් මුදාහැරීමක්.”

දිවයින: 22 Mar 2019

Partly True

Statement

“ආරක්ෂක හමුදා අත්පත් කරගෙන සිටි රජයේ ඉඩම් අක්කර 71,172.56 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වනවිට අක්කර 63,257.48 ක් මුදාහැර තිබෙනවා. එය මුලින් අත්පත්කරගෙන සිටි ඉඩම්වලින් 88.87% ක් මුදාහැරීමක්.”

Fact check

විදේශ කටයුතු අමාත්‍යවරයා: රජයේ ඉඩම් මුදාහැරීම පිළිබඳ පැවසූ අගයන් නිවැරදි වුවත් ප්‍රතිශතයන් වැරදිය 

2019 මාර්තු 22 වන දින දිවයින පුවත්පත විදේශ අමාත්‍ය තිලක් මාරපන විසින් පැවසූ ඉහත ප්‍රකාශය වාර්තා කර තිබුණි.

මෙම ප්‍රකාශයෙහි සත්‍යතාව ඇගයීමට අපි සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති තොරතුරු පරීක්ෂා කෙරුවෙමු. පළමුවෙනි වගුවෙන් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා පැවසූ පරිදිම 2019 මාර්තු 12 දින වන විට රජයේ ඉඩම් අක්කර 63,258 ක් නිදහස් කර ඇති බවයි.

එම වගුවෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සන්නද්ධ හමුදා විසින් 2009 මැයි වන විට අත්පත් කර සිටි රජයේ ඉඩම් ප්‍රමාණය අක්කර 88,722 ක් බවයි. මෙය මාරපන අමාත්‍යවරයා විසින් පැවසූ අක්කර 71,172.53 ට වඩා වැඩි අගයකි. මේ අනුව නිදහස් කර ඇති රජයේ ඉඩම් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 71.29% කි. මෙම ප්‍රතිශතය අමාත්‍යවරයා පැවසූ 88.87% ප්‍රතිශතයට වඩා බෙහෙවින් අඩුය.

මෙහිදී තිලක් මාරපන අමාත්‍යවරයා නිදහස් කර ඇති ඉඩම් අක්කර සංඛ්‍යාව නිවැරදිව දක්වා තිබුණද, අත්පත් කර ගෙන සිටි රජයේ ඉඩම් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙසට නිවැරදිව දක්වා නොමැත. ඒ අනුව අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසට නම් කර ඇත.

*FactCheck හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.


1 වගුව: නිදහස් කර ඇති ඉඩම්, 2009 මැයි සිට 2019 මාර්තු 12 දක්වා (අක්කර)


දෙවන මුලාශ්‍රය:

සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති තොරතුරු වලට අමතරව ශ්‍රී ලංකාව 2019 පෙබරවාරි මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ලබා දී ඇති වාර්තාවක තිබූ දත්තද අපි පරීක්ෂා කළෙමු. මෙම වාර්තාව දත්ත සපයන්නේ 2015 ජනවාරි මස සිට 2019 ජනවාරි මාසය දකවා නිදහස් කළ ඉඩම් පිළිබඳ පමණක් වන අතර 2009 වසරේ සිට 2014 වසර දක්වා නිදහස් කළ ඉඩම් පිළිබඳව එහි තොරතුරු සපයා නොමැත.  කෙසේ වෙතත් එම වාර්තාවට අනුව හමුදාව විසින් 2009 මැයි වන විට අත්පත් කර සිටි රජයේ ඉඩම් සංඛ්‍යාව අක්කර 93,136කි. මෙම අගයට අනුව නිදහස් කළ රජයේ ඉඩම් ප්‍රමාණයෙහි ප්‍රතිශතය 67.92% ක් දක්වා පහත යයි. මෙය සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයෙහි ඇස්තමේන්තුවටද  වඩා අඩුය.

Sources

මූලාශ්‍රය: සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති දත්ත සටහන: https://www.scrm.gov.lk/infographics?lightbox=dataItem-ju87cpj5

Sixth periodic report submitted by Sri Lanka under article 40 of the Covenant, due in 2017 to the United Nations Human Rights Committee, available at:   https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=CCPR%2fC%2fLKA%2f6&Lang=en


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION