• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂය

ඩීසල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 104 වන අතර, එය රුපියල් 61 ක් දක්වා අඩු කළ හැකියි. ඔක්ටේන් 92 පැට්‍රෝල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 137 කට වන අතර, එය රුපියල් 80 කට මිල කළ හැකියි.

ද අයිලන්ඩ්: 11 Mar 2020

Partly True

Statement

ඩීසල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 104 වන අතර, එය රුපියල් 61 ක් දක්වා අඩු කළ හැකියි. ඔක්ටේන් 92 පැට්‍රෝල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 137 කට වන අතර, එය රුපියල් 80 කට මිල කළ හැකියි.

Fact check

ඉන්ධන මිල අඩු කිරීම් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මිල සූත්‍රය ඉක්මවා යයි

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කරන්නට යෙදුණේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යෑම සැලකූ විට දේශීය තෙල් මිලද අඩු කළ හැකි බවයි. එසේම ඔහු විසින් පෙට්‍රෝල්, ඩීසල්, භූමිතෙල් සහ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් යන ප්‍රභේදයන් සඳහා නව මිල ගණන්ද නියම ලෙසින් සඳහන් කරන්නට යෙදිණි.

පසුගිය රජය මගින් පනවන්නට යෙදුණු ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධ කරගනිමින් FactCheck විසින් සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය තක්සේරු කර ඇත. එම තීරණයට පදනම් වූයේ, ඉහත ප්‍රකාශය සඳහන් වූ සජිත් ප්‍රේමදාසගේ කථාවේදී ඔහු විසින් එම තෙල් මිල ගණන් ලබාගත් ක්‍රමවේදය සඳහන් නොකළද, 2020 පෙබරවාරි 20 වන දින යටකී තෙල් මිල සූත්‍රය පදනම් කරගනිමින් තෙල් මිල අඩු කිරීමට පක්ෂව සජිත් ප්‍රේමදාස විසින් කථා කිරීමයි.

මීට පෙර පැවති රජය මගින් භාවිතා කළ සම්පූර්ණ තෙල් මිල සූත්‍රය කිසිවිටකත් ප්‍රසිද්ධියේ අනාවරණය කර නොමැත. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය මගින් මාධ්‍ය නිවේදන දෙකකදී මෙම මිල සූත්‍රයෙන් ලබාගත් සමුච්ඡිත අගයයන් ලබාදී තිබේ. මෙම අගයයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL)  ප්‍රකාශයට පත් කෙරුණු වෙනත් දත්ත භාවිතා කරමින්, ඉන්ධන මිල සූත‍්‍රයේ අනෙකුත් විචල්‍යයන්ගේ අගයන් ගණනය කිරීම සදහා එම මිල සූත‍්‍රය පවත්නා දත්ත ඇසුරින් ප‍්‍රතිනිර්මානය කිරීමට FactCheck  කටයුතු කර තිබේ.(නිදර්ශකය 1).

ලබාගැනීමට ඇති දත්ත ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සඳහා පමණක් සීමා වන බැවින්, FactCheck සිය ඇගැයුමද එම නිෂ්පාදන දෙක සඳහා පමණක් සීමා කොට ඇත.

2020 මාර්තු 10 වන දිනය වන විට පෙට්‍රල් බැරලයක් සඳහා සිංගප්පූරු ප්ලැට්ස් මිල සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් 42.50 ක් ලෙස වූ අතර, ඩීසල් බැරලයක් සඳහා සිංගප්පූරු ප්ලැට්ස් මිල සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් 44.17 ක් ලෙසිනි. මේ වනවිට විනිමය අනුපාතය සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් 1 ක් ශ්‍රී ලංකා රුපියල් 181.83 ක් ලෙසිනි. මෙම සංඛ්‍යාවන් භාවිතා කරමින් FactCheck මගින් මිල සූත්‍රයට අනුව පෙට්‍රල් ලීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 105 ක් ලෙසින් සහ ඩීසල් ලීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 71 ක් ලෙසින් ඇස්තමේන්තු ගත කර තිබේ. මෙම ගණනය කිරීම සඳහා සම්පූර්ණ ඉන්ධන මිල සූත්‍රය භාවිතා කොට නොමැති හෙයින්, ඉහත ඇස්තමේන්තු මිල ගණන් වලට 3% ක දෝෂ සීමාන්තරයක් ඇතුළත් වන බවද සැලකිල්ලට ගත යුතු වේ. කෙසේ වෙතත් එම දෝෂ සීමාන්තරය සමගින් බැලූ විටද ඇස්තමේන්තුගත අවම මිල පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 102 ක් සහ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 68 ක් වේ. එම අවම ඇස්තමේන්තුගත මිලද ප්‍රේමදාස විසින් දැක්වූ මිල ගණන් වලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළින් තිබේ.

කෙසේ වෙතත්, ඉන්ධන මිල සූත්‍රය සමගින් පමණක් නොව ඉන්ධන සඳහා රජය විසින් පනවා ඇති බදු (මූලික වශයෙන් රේගු බදු සහ දේශීය භාණ්ඩ බදු) අඩු කිරීම මගින්ද ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව තිබේ. පෙට්‍රල් සඳහා රුපියල් 25 කින් සහ ඩීසල් සඳහා රුපියල් 10 කින් වන වැඩිමනත් බදු අඩු කිරීමකින්, ප්‍රේමදාස විසින් සිය ප්‍රකාශයේ දක්වා ඇති ඉන්ධන මිල ගණන් වෙත ලඟා වීමට හැකියාව තිබේ. කෙසේ නමුත් මේ නයින් බැලූ විට ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සඳහා දක්වා ඇති මිල ගණන් සාක්ෂාත් කර ගත හැකි සංඛ්‍යාවන් වුවත්, මෙම ප්‍රකාශයේ සන්දර්භයෙන් යෝජනා කෙරෙනා ලෙසට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීම ඉන්ධන මිල සූත්‍රයට යොදා බැලූ විට ලැබෙනා මිල ගණන් ප්‍රේමදාස විසින් දක්වා ඇති මිල ගණන් වලින් වෙනස් වේ.

එනිසා, අපි මෙම ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් කාණ්ඩගත කරමු.


අතිරේක සටහන්: 2020 අප්‍රේල් 30 වන දින වන විට, පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් සඳහා සිංගප්පූරු ප්ලැට්ස් මිල පිළිවෙලින් ඇ.ඩොලර් 19.45 ක් සහ ඇ.ඩොලර් 24.14 ක් ලෙසින් පහත වැටී ඇත. මේ අනුව රජයට අදාළ බදු අය කිරීම් වල අඩු කිරීමකින් තොරව, පෙට්‍රල් මිල ලීටරයකට රුපියල් 76 ක් සහ ඩීසල් මිල ලීටරයකට රුපියල් 48 ක් දක්වා අඩු කිරීමට අවකාශය පවතී .

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි,  වඩාත්ම  යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම  කරුණු  සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි  මෙම  ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.


Sources

ශ්‍රී ලංකා මහ බැංකුව, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව, පුවත්පත් නිවේදනය (2020 මාර්තු 10), ප්‍රවේශය මෙතැනින්: https://mcusercontent.com/7dec08f7f8b599c6b421dfd10/files/26620522-634e-4815-b91c-f6022f4bff60/World_fuel_price_10.03.2020.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මැයි 06]

ශ්‍රී ලංකා මහ බැංකුව, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව, පුවත්පත් නිවේදනය (2020 අප්‍රේල් 30), ප්‍රවේශය මෙතැනින්: https://mcusercontent.com/7dec08f7f8b599c6b421dfd10/files/c31fe61c-da96-4160-baf4-68c4247c8a85/World_fuel_price_30.04.2020.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මැයි 06]

ශ්‍රී ලංකා මහ බැංකුව, ඇමරිකානු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතය (ඇ.ඩොලරයකට රුපියල්), ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates/daily-indicative-usd-spot-exchange-rates [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 24]

මුදල් අමාත්‍යාංශය, පුවත්පත් නිවේදනය (2018 දෙසැම්බර් 31), ප්‍රවේශය මෙතැනින්: http://www.treasury.gov.lk/web/guest/article/-/article-viewer-portlet/render/view/retail-prices-of-auto-fuels-as-at-december-19-2018-as-per-fuel-pricing-mechanism [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 24]

මුදල් අමාත්‍යාංශය, පුවත්පත් නිවේදනය (2018 ඔක්තෝබර් 16), ප්‍රවේශය මෙතැනින්: www.treasury.gov.lk/documents/10181/606187/PRESS+RELEASE+-+Fuel+Formula20181016/acd8b96e-fae4-46b5-ae30-25086e16134e?version=1.0  [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 24]

චානක ජයසිංහ, Sri Lanka’s petrol, diesel prices lower if price formula was in place: Sajith, EconomyNext (21 February 2020), ප්‍රවේශය මෙතැනින්: https://economynext.com/sri-lankas-petrol-diesel-prices-lower-if-price-formula-was-in-place-sajith-52488/ [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 24]

ශ්‍රී ලංකා රේගුව, රේගුවේ තීරු බදු වෙනස් වීම්, යාවත්කාලීන නව රේගු තීරු බදු (2019 ජූනි 12), ප්‍රවේශය මෙතැනින්: http://www.customs.gov.lk/public/files/tariff/Import_Tariff_2019.12.18.zip [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 25]

ශ්‍රී ලංකා රේගුව, රේගුවේ තීරු බදු වෙනස් වීම්, රේගු ආනයන තීරු බදු සඳහා පොදු සහන (2019 ජූනි 12) ප්‍රවේශය මෙතැනින්: http://www.customs.gov.lk/public/files/tariff/general_waiver_on_petrol_and_diesel_effective_from_12.06.2019.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 25]

ශ්‍රී ලංකා රේගුව, රේගුවේ තීරු බදු වෙනස් වීම්, රේගු ආනයන තීරු බදු සඳහා පොදු සහන (2019 ජනවාරි 12) ප්‍රවේශය මෙතැනින්: http://www.customs.gov.lk/public/files/tariff/waiver20190112.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 25]

 


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION