Claim

රුවන් විජේවර්ධන
එක්සත් ජාතික පක්ෂය
මේ අර්බුදකාරී තත්වය හමුවේ, 2021 වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 158 ක් වනවා. එය 2019 වසරේ වෙන් කර තිබූ මුදලට වඩා රුපියල් බිලියන 20 ක අඩු වීමක්... රජයේ ප්‍රමුඛතාවයන් මොනවාද කියා [මේ ඔස්සේ] ඔබට දැක ගත හැකියි.
ඩේලි එෆ්ටී: 4 Nov 2020
Statement
මේ අර්බුදකාරී තත්වය හමුවේ, 2021 වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 158 ක් වනවා. එය 2019 වසරේ වෙන් කර තිබූ මුදලට වඩා රුපියල් බිලියන 20 ක අඩු වීමක්... රජයේ ප්‍රමුඛතාවයන් මොනවාද කියා [මේ ඔස්සේ] ඔබට දැක ගත හැකියි.
Fact check
සෞඛ්‍ය අමාත්‍යාංශ අය වැය පිළිබඳව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන: කතාව හරි වුවත්, නිගමනය වැරදි පැත්තට බරය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන විසින් තම ප්‍රකාශය තුළ සඳහන් කරන්නට යෙදුණේ, සෞඛ්‍ය අර්බුදයක්ද පවත්නා අතරවාරයේදී 2021 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කොට ඇති මුදල 2019 වසර හා සංසන්දනය කරනා විට රුපියල් බිලියන 20 කින් අඩුවී ඇති බවයි. මෙම ප්‍රකාශයේ නිරවද්‍ය භාවය පිරික්සීම සඳහා FactCheck මගින් අය වැය ඇස්තමේන්තු සහ publicfinance.lk වෙබ් අඩවිය පරිශීලනය කොට ඇත.
අය වැය ඇස්තමේන්තු මගින් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් 2020 හා 2021 වසර සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 159.5 ක සහ 159.6 ක මුදලක් වෙන් කොට ඇති බවයි. එය 2019 වසරේදී ඒ සඳහා වෙන් වූ මුදල වන රුපියල් බිලියන 188.6 ක මුදල හා සංසන්දනය කළ හැක.
කෙසේ නමුත්, ශ්‍රී ලංකා රජය සිය අමාත්‍යාංශයන්හි සංයුතීන් පමණක් නොව, එක් එක් අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති කාර්ය භාරයන් හා ආයතනයන්ද නිරන්තරයෙන්ම වෙනස් කරයි. එනිසා, යම් කිසි අමාත්‍යාංශයක් යටතේ අයවැය ප්‍රතිපාදන වෙන් කරමින් එම අමාත්‍යංශය යටතට පත් කර ගන්නා කාර්යයන් වසරින් වසරට සැලකිය යුතු ලෙසින් වෙනස් විය හැක. මෙනිසා, යම් කිසි විෂය පථයකට ඇතුළත් වන ආයතනයන් හෝ ක්‍රියාකාරකම් සඳහා වෙන් කොට ඇති අය වැය ප්‍රතිපාදන වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළ හැකි විටකදී වුවද එසේ කිරීම අතිශයින්ම දුෂ්කර කාරණයක් වේ. මන්දයත්, අය වැයෙන් ප්‍රතිපාදන වෙන් වන්නේ විෂය ශීර්ෂයන් යටතේ නොව අමාත්‍යාංශ ශීර්ෂයන් යටතේ වීම නිසායි.
උක්ත ගැටළුවට එක් නිදසුනක් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා අය වැය ප්‍රතිපාදන වෙන්කළ ඇති ආකාරයයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන අඩු තරමින් රුපියල් බිලියන 20 කින් - වඩාත් නිවැරදිව පවසන්නේ නම් රුපියල් බිලියන 29.1 කින්- අඩු වී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කරනු ලැබූ සඳහන නිවැරදි වේ. කෙසේ නමුත්, 2020 සැප්තැම්බරයේදී සිදුවූ අමාත්‍යාංශ නැවත සැකසීම ඔස්සේ, ‘ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය’ යනුවෙන් වෙනම අමාත්‍යාංශයක්ද පිහිටුවා ඇති අතර, ඒ සඳහා අය වැයෙන් වෙනම ප්‍රතිපාදන වෙන් කෙරී ඇත. 2019 වසරේදී එම රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය භාරය සඳහා වන අය වැය ප්‍රතිපාදනද සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කර තිබිණි. 2021 වසරේදී මෙම අමාත්‍යාංශ දෙකම සඳහා වෙන් වී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 220.6 ක් වේ.
එනිසා, සෞඛ්‍ය වියදම් සඳහා වන ප්‍රමුඛතා සම්බන්ධයෙන් සලකා බැලීමේදී, සමස්තයක් ලෙසින් ගත් විට අඩු තරමින් සෞඛ්‍ය සඳහා අදාළ වන මෙම අමාත්‍යාංශ දෙක සහ ඒවායේ කාර්ය භාරයන් සඳහා පමණක්වත් වෙන් කොට ඇති සමස්ත අය වැය ප්‍රතිපාදන ප්‍රමාණය 2019 වසර හා සසඳා බැලීමේදී රුපියල් බිලියන 32 කින් වැඩිවී තිබේ. 'සෞඛ්‍ය අමාත්‍යාංශය' යන ශීර්ෂය යටතේ වෙන් කොට ඇති ප්‍රතිපාදන ප්‍රමාණය 2019 වසර හා සැසඳීමේදී රුපියල් බිලියන 20 කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය නිවැරදිය. නමුත්, මෙය පමණක් සෞඛ්‍ය සඳහා වෙන් කොට ඇති වියදම් ලෙසින් සැලකිය හැකි නොවන්නේ, මින් පෙර සෞඛ්‍ය සඳහා වෙන් වී තිබූ වියදම මේ වන විට විවිධ අමාත්‍යාංශයන් ඔස්සේ බෙදී ගොස් ඇති බැවිනි.
එම නිසා මෙම ප්‍රකාශය තරමක් දුරට නිවැරදි ප්‍රකාශයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
නිදර්ශකය 1: අයවැය වෙන් කිරීම්/සෞඛ්‍ය සඳහා වන වැය (ශ්‍රී ලංකා රුපියල් මිලියන)
Sources
PublicFinance.lk, අයවැය 2021, සෞඛ්‍ය අංශ වෙන් කිරීම් 2018 - 2021, ලබා ගත හැකිය: http://publicfinance.lk/2020/11/18/health-sector-expenditure-2018-to-2021/ [අවසන් වරට ප්‍රවේශ වූයේ 20 ජනවාරි 2021].
මුදල් අමාත්‍යාංශය, අයවැය ඇස්තමේන්තු, 2018 - 2021, ලබා ගත හැකිය: https://oldportal.treasury.gov.lk/budget-estimates [අවසන් වරට ප්‍රවේශ වූයේ 2020 ජනවාරි 7.