• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

රංජිත් මද්දුම බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය

“වසරකට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි 800 ක් පමණ වාර්තා වෙනවා”

දිනමිණ: 15 May 2019

True

Statement

“වසරකට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි 800 ක් පමණ වාර්තා වෙනවා”

Fact check

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිවැරදි වේ

2019 මැයි 15 දින දිනමිණ පුවත්පත මගින් වාර්තා කරනු ලැබුවේ, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් උක්ත සඳහන් ප්‍රකාශය සිදුකල බවටයි.

පළමුවෙනි රූප සටහන මගින් පෙන්වන්නේ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ, හදිසි අනතුරු ලෙසින් දියට වැටීමෙන් සහ දියේ ගිලීමෙන් සිදුවූ බවට වාර්තා වන වාර්ෂික මරණ සංඛ්‍යාවයි. මේ, FactCheck කණ්ඩායමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) ඔස්සේ ලබාගැනීමට තිබූ නවතම ප්‍රකාශිත දත්ත වේ. FactCheck කණ්ඩායමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් (RGD) හෝ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) හෝ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයෙන් වඩාත් මෑතකාලීන දත්ත ලබාගැනීමට නොහැකි විණි.

මෙම ලබාගෙන ඇති දත්ත අනුව, 2010-2014 යන වසර පහක කාලය තුළ හදිසි අනතුරු ලෙසින් දියට වැටීමෙන් සහ දියේ ගිලීමෙන් සිදුවූ බවට වාර්තා වන මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 813 ක් වේ. එසේම 2012-2014 වසර තුන ගත් විට එම මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 786 ක් වේ. අමාත්‍යවරයා විසින් ඔහුගේ ප්‍රකාශයේ දියෙහි ගිලීමෙන් මරණ සිදුවන සංඛ්‍යාව එක් විශේෂ වසරකට ලඝු කොට නොදක්වන නමුත්, එය වාර්ෂික සංඛ්‍යාවක් ලෙසින් ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් වඩාත් මෑතකාලීන -එනම් 2015 න් පසු- දත්ත නොමැති නමුත්, 2010-2014 වසර පහ තුළ ප්‍රකාශිත දත්ත ඉහතාකාරයෙන් සලකා බලන විට එය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සැසඳේ.

එනිසා අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයක් ලෙසින් කාණ්ඩගත කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

අමතර තොරතුරු

2008-2017 සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සම්පාදිත වැදගත් සංඛ්‍යාලේඛන වාර්තාව මගින්ද 2010 සහ 2013 සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති සංඛ්‍යාවන්ම දක්වන නමුත්, එතැනින් පසු වසර කිහිපය සඳහා සංඛ්‍යාලේඛන ලබාගැනීමට නොමැත.

"Global Report on Drowning: Preventing a Leading Killer" යන මැයෙන් යුතුව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2014 වසරේදී නිකුත් කරනු ලැබූ වාර්තාවේ, දියේ ගිලීමේ සංඛ්‍යාවන්ට අනුව ශ්‍රී ලංකාව රටවල් 61 ක් අතුරින් 12 වෙනි ස්ථානයට වැඩිම දියේ ගිලීම් වාර්තා වන රට ලෙසින් සහ අවම-ආදායම් හා මධ්‍යම-ආදායම් සහිත රටවල් 35 ක් අතරින් ශ්‍රී ලංකාව 10 වෙනියට වැඩිම දියේ ගිලීම් වාර්තා වන රට ලෙසින් ශ්‍රේණිගත කෙරී ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකාව සඳහා මෙම වාර්තාව මගින් භාවිතා කොට ඇත්තේ 2006 වසරේ දත්ත වන අතර, එම වසරේ දියේ ගිලීම් මගින් සිදුවූ මරණ ලෙසින් ලබාදී ඇති සංඛ්‍යාව 932 ක් වේ.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින්, Life Saving Victoria පදනම හා එක්ව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව 2014 වසරේ දෙසැම්බරයේදී නිකුත් කළ දියේ ගිලීම් සම්බන්ධ තවත් වාර්තාවක් වේ. මෙම වාර්තාව මගින් දැක්වෙන ආකාරයට 2001 සිට 2006 සහ 2009 දක්වා දියේ ගිලීම් මගින් සිදුවී ඇති මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 855 කි. මෙම වාර්තාව මගින්ද පසුකාලීනව පැමිණී වසර කිහිපය සඳහා සංඛ්‍යාලේඛනයන් ගෙනහැර නොදක්වයි.

1 වෙනි රූපසටහන: දියට වැටීමෙන් හා දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව

Sources

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) , ‘Global Report on Drowning: preventing a leading killer’, පි.58, මෙතැනින් ලබාගත හැක: https://apps.who.int/iris/bitstream/handle/10665/143893/9789241564786_eng.pdf?sequence=1

ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, වැදගත් සංඛ්‍යාලේඛන වාර්තාව 2008 – 2017, පි.124, මෙතැනින් ලබාගත හැක: http://www.rgd.gov.lk/web/images/pdf/VITAL-STATISTICS-REPORT-2008-2017.pdf

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, දියෙහි ගිලීම් වැළැක්වීමේ වාර්තාව, පි.7, මෙතැනින් ලබාගත හැක: https://www.scribd.com/document/251418871/Drowning-Prevention-Report-Sri-Lanka-2014


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION