• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍යවරයා

රාජපක්ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා.

දිවයින: 12 Aug 2019

Partly True

Statement

රාජපක්ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා.

Fact check

රාජපක්ෂ පාලන සමයේ අපනයන පිළිබඳව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය: පිරිහීම සම්බන්ධයෙන් නිවැරදි වුවත් එහි විස්තර සම්බන්ධයෙන් නිවැරදි නොවේ.

ඉහත ප්‍රකාශයේදී එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්, මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි කාලය සම්බන්ධයෙන් සෘණාත්මක සඳහනක් කරමින් කියා සිටින්නේ එම කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසින් ගත් විට අපනයනයන්හි ප්‍රතිශතය  30% සිට 18% දක්වා ප්‍රතිශත ලක්ෂ්‍ය 12 කින් පහත වැටුණු බවයි.

FactCheck විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් 2018 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු වාර්ෂික වාර්තාවේ දත්ත උපයෝගී කොට ගනිමින් ඉහත ප්‍රකාශය ඇගයුමට ලක් කළේ ය. පළමු වගුවෙන් පෙන්වන්නේ 2000 සිට 2018 දක්වා කාලසීමාව තුළ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසින් ගත් විට සමස්ත අපනයන ඉපැයුම් ප්‍රතිශතයයි.

අපනයනයන් වෙත භාණ්ඩ මෙන්ම සේවාවන්ද අයත් වන අතර, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ  ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කරන්නේ භාණ්ඩ ද නැතිනම් සේවාවන් ද නැතිනම් ඒ දෙකම ද යන්න විශේෂ කර නැත.. මින් පෙර මෙම ප්‍රකාශය සම්බන්ධව ප්‍රකාශයට පත් කළ FactCheck විමසුමෙහි දී රනිල් වික්‍රමසිංහගේ සඳහනේ නිරවද්‍යතාවය ඇගයුම් කෙරුණේ භාණ්ඩ අපනයනය සම්බන්ධයෙනි. කෙසේ වුවත් මෙම වඩාත් පුලුල් FactCheck විමසුමෙහි දී භාණ්ඩ අපනයනය මෙන්ම භාණ්ඩ හා සේවා අපනයනය ද සැලකිල්ලට ගෙන තිබේ.

භාණ්ඩ අපනයනයෙන් ලැබූ ඉපැයුම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙසින් ගත් විට 2005 දී එය 26% ක් වන අතර, 2015 දී එය 14% දක්වා පහත වැටී ඇත. රනිල් වික්‍රමසිංහ විසින් සඳහන් කරන්නට යෙදුණේ භාණ්ඩ අපනයනය සම්බන්ධයෙන් නම්, මෙම කාලය තුළ එය ප්‍රතිශත ලක්ෂ්‍ය 12 කින් පහත වැටීම සම්බන්ධයෙන් ඔහු නිවැරදි වේ. කෙසේ නමුත් ඔහු 2005 සහ 2014 වසරවල අපනයන ඉපැයුම් ප්‍රතිශත ලෙස පිළිවෙලින් සඳහන් කරනා  30% සිට 18% යන අගයන් නිවැරදි නොවේ. එනම් ඔහු 2005 දී පැවැති 26% ක අපනයන ඉපැයුම් ප්‍රතිශතය, ප්‍රතිශත ලක්ෂ්‍ය 4කින් ද, 2014 දී පැවැති 14% ක අපනයන ඉපැයුම් ප්‍රතිශතය, ප්‍රතිශත ලක්ෂ්‍ය 4කින් ද, වැඩිකොට දක්වා ඇත.

මේ අතර, භාණ්ඩ හා සේවා අපනයනයෙන් කළ ඉපැයුම් දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසින් ගත් විට, 2005 දී එය 32.3% කි. 2014 දී එය 21.1% ක් දක්වා පහත වැටී තිබේ. එනම් 11.2 ක ප්‍රතිශත ලක්ෂ්‍යයන් ප්‍රමාණයකින් වූ පහත වැටීමකි. මෙහිදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙහි සඳහන් වන අපනයන ආදායම් ප්‍රතිශතයේ පිරිහීම දළ වශයෙන් නිවැරදි වන නමුත්, මෙම අවස්ථාවේදී ද, ඔහු සඳහන් කරනා අපනයන ඉපැයුම් ප‍්‍රතිශත අගයන් ඒවායේ නියම අගයන්ගෙන් පිළිවෙලින්  2.3% කින් සහ 3.1% කින් වෙනස් වී තිබේ.

සමස්තයක් ලෙසින් ගත් විට, සඳහන් කළ කාලය තුළ අපනයනය ප්‍රතිශත ලක්ෂ්‍යයන් 12 කින් පහත වැටී ඇති බවට රනිල් වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශයේ හරය නිවැරදි වේ. කෙසේ වුවත් ඔහු විසින් සඳහන් කර ඇති අංකයන් නිවැරදි නොවේ. එනිසා අපි, මෙම ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් දක්වමු.

මෙම ප්‍රකාශය ඇගයුම් කිරීමේදී තවත් කරුණක් වෙත අපගේ සැලකිල්ල යොමු විණි. එනම් අපනයන ආදායම් ප්‍රතිශතය පිරිහීමට ලක් වීමේ කාලය රාජපක්ෂ පාලනයටත් එහා යන බවයි. භාණ්ඩ අපනයන ආදායම් ප්‍රතිශතය 2000 දී 33.3% ක් වන අතර, එය 2004 දී 27.9%  ක් දක්වා පහත වැටී තිබේ. මීට සමාන ලෙසින් මෙම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ප්‍රතිශතය 39% සිට 35.5% දක්වා පහත වැටී තිබේ.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.


වගුව 1: අපනයන දත්ත (2000-2018)

Sources

ලංකා මහ බැංකුව, වාර්ෂික වර්තාව (2018), විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය, 2 සහ 4 වගු.

ශ්‍රී ලංකා මහ බැංකුව, බාහිර කොටස (ඔන්ලයින්), ගෙවුම් ශේෂය [අවසන් වරට ප්‍රවේශය: 2019 සැප්තැම්බර් 05].


Right of Reply

Leave a Comment.

1 Comments

Venura 10 months ago

මෙය කියවන පුද්ගලයකුට එක එල්ලේ වැටහෙන්නේ එම කාලය තුල අපනයන අදායම අඩු වී ඇති බවය් . නුමුත් වී ඇත්තේ අපනයන අදායම 2005 සිට ක්‍රමිකව වැඩි වීමය් (2005 දී 7,886 ක් වූ අපනයනය 2014 දී 16,753 දක්වා වැඩිවී ඇත) . එය එසේ වුවද අපනයන අදායම දල දෙශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩු වී ඇත. රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය වචන හරබයක් හා ඔහුගේ උත්සාහය වුයේ ඒ කාලය තුල අපනයනය කඩා වැටුණු බව හුවා දැක්විමටය්

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION