Claim

රාජිත සේනාරත්න
එක්සත් ජාතික පක්ෂ
අපේ රටේ කොරෝනා වැලදුණා කියන පුද්ගලයන් සංඛ්‍යාවක් සිටිනවානේ මේ සංඛ්‍යාව තිරණය වන්නේ කොරෝනා පරික්ෂණය කරපු අයගෙන් පමණයි.කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙන්නේ 15% ට පමණයි. අනෙක් අයට වැළඳිලා. ඒ අය රෝග වාහකයෝ. දකුණු කොරියාවේ මිලියනයකට 8000ක් පරීක්ෂා කරනවා. නමුත් අපේ රටේ මිලියනයකට 100යි. ඇමෙරිකාවෙත් මේ තරම් රෝගීන් වාර්තා වෙන්නේ විශාල ප්‍රමාණයෙන් Test කරන නිසයි. දැන් අපේ රටේ එක දවසකදී 20ක් අහුවුණානේ
මව්බිම: 12 Apr 2020
Statement
අපේ රටේ කොරෝනා වැලදුණා කියන පුද්ගලයන් සංඛ්‍යාවක් සිටිනවානේ මේ සංඛ්‍යාව තිරණය වන්නේ කොරෝනා පරික්ෂණය කරපු අයගෙන් පමණයි.කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙන්නේ 15% ට පමණයි. අනෙක් අයට වැළඳිලා. ඒ අය රෝග වාහකයෝ. දකුණු කොරියාවේ මිලියනයකට 8000ක් පරීක්ෂා කරනවා. නමුත් අපේ රටේ මිලියනයකට 100යි. ඇමෙරිකාවෙත් මේ තරම් රෝගීන් වාර්තා වෙන්නේ විශාල ප්‍රමාණයෙන් Test කරන නිසයි. දැන් අපේ රටේ එක දවසකදී 20ක් අහුවුණානේ
Fact check
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සේනාරත්න විසින් කොවිඩ්-19 රෝගීන් ප්‍රමාණය අඩුතක්සේරු කෙරී ඇති බව නිවැරදිව පෙන්වන නමුත්, එම අඩුතක්සේරුවේ ප්‍රමාණය අධිතක්සේරුවකින් යුතුව දක්වයි
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳී ඇති බවට වාර්තා වන පුද්ගලයින් සංඛ්‍යාව කාරණා තුනක් නිසාවෙන් සැලකිය යුතු තරමින් අඩුතක්සේරු කෙරී ඇති බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සමස්ත ප්‍රකාශයක් සිදු කරයි.:
- කොවිඩ්-19 සඳහා පරීක්ෂා කොට ස්ථිර කරගත් රෝගීන් පමණක් වාර්තා කෙරෙන අතර, වෛරසය ආසාදනය වී ඇති නමුත් පරීක්ෂා නොකළ අයව ගණන් ගැනී නැත.
- කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්වන්නේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 15% ක් පමණක් වන අතර, අනෙකුත් අය රෝග ලක්ෂණ නොපෙන්වන රෝග වාහකයන් විය හැක.
- මිලියනයකට පරීක්ෂණ 100 ක් වන ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සඳහා පරීක්ෂා කිරීම් ප්‍රමාණය, මිලියනයකට පරීක්ෂණ 8,000 ක් වන දකුණු කොරියාව වැනි රටක් හා බලන කල අඩු මට්ටක ඇත.
FactCheck මගින්, හිටපු අමාත්‍යවරයාගේ මෙම සමස්ත ප්‍රකාශයට රුකුල් වශයෙන් ලබාදී ඇති විශේෂ හේතු සහ සාධක ඇගයුම් කරමින්, හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය තක්සේරු කොට ඇත.
තම ප්‍රකාශයේ ප්‍රථම කරුණ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා නිවැරදි වේ. තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව පමණක් ගණන් බැලීම ඔස්සේ වෛරසය ආසාදනය වී ඇති අයගේ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුතක්සේරුවකින් දැක්වෙන අතර, එය හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සැසඳේ. [වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://ourworldindata.org/coronavirus-testing]
හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ වන දෙවැනි කරුණින් කියැවෙන්නේ කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්වන්නේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 15% ක් පමණක් වන අතර, අනෙකුත් 85% ක් රෝග ලක්ෂණ නොපෙන්වන බවයි. එනම් රෝග ලක්ෂණ නොපෙන්වන්නන්ව වෛරසය සඳහා ඇතැම් විට පරීක්ෂා නොකෙරෙනු ඇති බවක් එයින් හැඟවේ. කෙසේ වුවත්, මේ වනවිට සිදුකර ඇති අධ්‍යයනයන් කිහිපයක් ඔස්සේ ලැබී ඇති දත්ත මූලික මට්ටමේ පැවැතීමත් ඒවායේ සීමිත ස්වභාවයත් නිසාවෙන් (අධ්‍යයනයන් ලැයිස්තුව සඳහා උපග්‍රන්ථය 1 බලන්න), මෙසේ නිශ්චිත සංඛ්‍යාවක් ඒකාන්ත ලෙසින් ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබිය නොහැක. එසේම වෛරසය ආසාදනයේ මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්වීම සහ සම්පූර්ණ ආසාදන කාලය පුරාවටම රෝග ලක්ෂණ නොපෙන්වීම අතරද වෙනසක් තිබේ. වෙනත් වචන වලින් පවසන්නේ නම්, රෝග ලක්ෂණ පෙන්වන තුරු ගත වන කාලය සහ රෝග ලක්ෂණ නොපෙන්වීම අතර වෙනසක් තිබේ. මේ වනවිට ප්‍රවේශ විය හැකි අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 ඇතැයි තහවුරු වන බොහෝ දෙනෙකු රෝග ලක්ෂණයන් නොපෙන්වන බවයි (මෙම ඇස්තමේන්තු ප්‍රමාණයන් 20% ට අඩු ප්‍රමාණයක සිට 80% ට ඉහළ ප්‍රමාණයක් දක්වා පුළුල් පරාසයක පවතී.). ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සඳහන් කරන්නේ, එවන් රෝගීන්ගෙන් 75% ක් පමණ පසුව රෝග ලක්ෂණ පෙන්වීමට හැකි බවයි. එනිසා, 15% පමණක් රෝග ලක්ෂණ පෙන්වන්නේ යැයි සඳහන් කිරීම (එනම් 85% ක ප්‍රමාණයක් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ යැයි ප්‍රකාශ කිරීම), වර්තමානයේ ලබාගැනීමට ඇති තොරතුරු අනුව බැලූ විට සැලකිය යුතු තරමේ අධිතක්සේරු කිරීමක් ලෙසින් සැලකිය හැක.
හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ දැක්වෙන තුන්වෙනි කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සඳහා පරීක්ෂණ කිරීමේ සාපේක්ෂ ප්‍රමාණයයි. පුද්ගලයින් මිලියනයකට සිදුකරනා පරීක්ෂණයන්හි සමුච්චිත අගය දිනපතා වැඩිවේ. 2020 මාර්තු 31 වන දින වන විට හිටපු අමාත්‍යවරයා දක්වා ඇති මෙම සංඛ්‍යාවන් නිවැරදි වේ. නිශ්චිතවම දක්වන්නේ නම් ඒ ශ්‍රී ලංකාව සඳහා මිලියනයකට පරීක්ෂණ 104 ක් සහ දකුණු කොරියාව සඳහා මිලියනයකට පරීක්ෂණ 8008 ක් ලෙසිනි. කෙසේ වුවත්, දකුණු කොරියාවේ රට තුළ පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 22 වැනිදා වීමත්, ශ්‍රී ලංකාවේ රට තුළ පළමු රෝගියා වාර්තා වූයේ මාර්තු 09 වැනිදා වීමත් සලකා බලන විට, පළමු රෝගියා වාර්තා වීමේ සිට ගත වූ කාලයට එරෙහිව මෙම පරීක්ෂණ සංඛ්‍යාවන් ඇගයුම් කර බලන්නේ නම්, එය දකුණු කොරියාව සඳහා 159 ක් සහ ශ්‍රී ලංකාව සඳහා 104 ක් ලෙසින් වන වඩාත් අඩු සාපේක්ෂ වෙනසක් ලබාදේ (23 වෙනි දිනයේදී).
සමස්තයක් ලෙසින් ගත් විට, වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණයට වඩා ශ්‍රී ලංකාවේ වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව විශාල විය හැකි බවට හිටපු අමාත්‍යවරයා කරන ප්‍රකාශය වෙත ඔහුගේ තර්කයෙන් සහාය ලැබේ. එනම්, වෛරසය ආසාදනය වී ඇති සම්පූර්ණ සංඛ්‍යාව, පරීක්ෂණ ඔස්සේ හඳුනාගැනීමට නොහැකි වීම; රෝග ලක්ෂණ නොමැති වීම නිසා අනාවරණය නොවීම; සහ පරීක්ෂණ ප්‍රමාණය සීමාසහිත වීමයි. රෝග ලක්ෂණ නොමැති වීම නිසා සහ පරීක්ෂණ ප්‍රමාණය සීමා වීම සඳහා ඔහු දක්වන නිශ්චිත සංඛ්‍යාවන් ඔහුගේ සමස්ත ප්‍රකාශය සඳහා හේතු ලෙසින් යෙදීමට හැකි වුවත්, මේ සම්බන්ධයෙන් අදාළ වන විශාලත්වය සලකා බලන විට අතිශයෝක්තිගත වේ.
එනිසා, අපි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් දක්වමු.
උපග්‍රන්ථය 1: විවිධ අධ්‍යයනයන් මත පදනම් වූ, රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදනයන්ගේ ප්‍රමාණයන්
Sources
ලෝක සෞඛ්‍ය සංවිධානය, කොවිඩ්-19 - තත්‍යාසන්න මාධ්‍ය සාකච්ඡාව, 2020 අප්‍රේල් 1, ලබාගත්තේ: https://www.who.int/docs/default-source/coronaviruse/transcripts/who-audio-emergencies-coronavirus-press-conference-full-01apr2020-final.pdf?sfvrsn=573dc140_2 [අවසන් වරට ප්‍රවේශය: 2020 මැයි 20]
ලෝක සෞඛ්‍ය සංවිධානය, කොවිඩ්-19 - තත්‍යාසන්න මාධ්‍ය සාකච්ඡාව, 2020 අප්‍රේල් 1
Sutton D. සහ පිරිස, Universal Screening for SARS-CoV-2 in Women Admitted for Delivery, නිව් ඉන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්, 2020 අප්‍රේල් 13
Mizumoto K. සහ පිරිස, Estimating the asymptomatic proportion of coronavirus disease 2019 (Covid-19) cases on board the Diamond Princess cruise ship, Yokohama, Japan, 2020, යුරෝසර්වේලන්ස් ජර්නලය, 2020 මාර්තු 12
Kimball A. සහ පිරිස, Asymptomatic and Presymptomatic SARS-CoV-2 Infections in Residents of a Long-Term Care Skilled Nursing Facility — King County, Washington, රෝගී ප්‍රමාණය හා මරණ ප්‍රමාණය සතිපතා වාර්තාව, 2020 මාර්තු 27
Day M., Covid-19: identifying and isolating asymptomatic people helped eliminate virus in Italian village, බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්, 2020 මාර්තු 27
Gudbjartsson D. සහ පිරිස, Spread of SARS-CoV-2 in the Icelandic Population, නිව් ඉන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්, 2020 අප්‍රේල් 14
Day M., Covid-19: four fifths of cases are asymptomatic, China figures indicate, බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්, 2020 අප්‍රේල් 2
Wanwan, S., Feng, L., Jinren, P., Jian, C., Ziping, M., Shelen, L., … Enfu, C. (2020). Epidemiological characteristics of 2019 novel coronavirus family clustering in Zhejiang Province . Retrieved from http://rs.yiigle.com/yufabiao/1184842.htm