Claim

රාජිත සේනාරත්න
එක්සත් ජාතික පක්ෂ
අපි දුම්කොළ භාවිතයට එරෙහිව සුදුසු ලෙසින් කටයුතු කරලා තියෙන අතරම, දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළ වලට 90% ක බදු පනවලා තිබෙනවා.
ඩේලි නිව්ස්: 20 Feb 2019
Statement
අපි දුම්කොළ භාවිතයට එරෙහිව සුදුසු ලෙසින් කටයුතු කරලා තියෙන අතරම, දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළ වලට 90% ක බදු පනවලා තිබෙනවා.
Fact check
සෞඛ්‍ය ඇමතිවරයා විසින් බදු ප්‍රතිපත්තියේ බලපෑම අධිතක්සේරු කරයි.
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉහත ප්‍රකාශය කරන්නට යෙදුණු බව 2019 පෙබරවාරි 20 වෙනි දින ඩේලි නිව්ස් පුවත්පත මගින් උපුටා දැක්විණි.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය අප විසින් සිගරට් සඳහා වන බදු ලෙසට අර්ථකතනය කර ඇත. අමාත්‍යවරයා විසින් පසුගිය වසර තුන පුරාවට සිගරට් බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කටයුතු කොට ඇත.
සිගරට් සඳහා බදු වර්ග දෙකක් පනවා ඇත.
1. එකතු කළ අගය මත බද්ද (VAT): සිගරට් මිලෙහි ප්‍රතිශතයක් ලෙස.
2. සුරාබදු (Excise tax): නිෂ්පාදනයේදී අය කරගන්නා, සිගරට්ටුවකට නිශ්චිත වූ බදු මුදලකි. සිගරට් මත පනවා ඇති මූලිකම බද්ද සුරා බද්දයි.
සිගරට් සමාගම් මගින් සිගරට් මිල නියම කරන්නේ සුරාබදු සලකා බලමිනි. එනිසා සිගරට්ටුවක් සඳහා පාරිභෝගිකයෙකු ගෙවන බදු ප්‍රතිශතය නිර්ණය කරන්නේ සිගරට් සමාගම් මගින් මිස රජය මගින් නොවේ.
පළමු වගුව මගින් මිලිමීටර් 77-84 අතර සිගරට්ටු සහ මිලිමීටර් 60 ට අඩු සිගරට්ටු සඳහා වන මිල හා ඇස්තමේන්තුගත බදු ප්‍රමාණයන් පෙන්වා දේ. 2017 වසරේදී ශ්‍රී ලංකාවේ විකිනුණු සිගරට් වලින් 85% ක් උක්ත කාණ්ඩයන් දෙකට අයත් වේ.
රජය මගින් මූලිකවම කළ සිගරට් බදු වැඩිකිරීම සිදුවූයේ 2016 අවසාන භාගය වනවිටයි. එනම් 2016 ඔක්තෝබර් මාසයේදී සුරා බද්ද වැඩි කළ අතර, 2016 නොවැම්බරයේදී 15% ක එකතු කළ අගය මත බද්ද නැවත පනවන්නට යෙදිණි. මේ කාලයේදීම දුම්කොළ සමාගම් මගින් සිගරට් මිල ද වැඩි කරන ලදී. මෙහි ප්‍රතිඵලය ලෙසින් මිල මත වූ සමස්ත බදු (සුරාබදු+වැට්) ප්‍රතිශතය 70% ත් 74% ත් අතර විණි. ඉන් පසුව සිදුවූ බදු වැඩිකිරීම 2018 අගෝස්තුවේදී මිලිමීටර් 77-84 අතර සිගරට්ටු සහ මිලිමීටර් 84 ට වැඩි සිගරට්ටු සඳහා වූ අතර, ඒ සමගින් ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ තවත් මිල වැඩි කිරීමක්ද සිදුවිණි. මේ ඔස්සේ මිල මත පනවන බදු ප්‍රතිශතය වෙනස් නොවුණි.
මේ නිසා බද්ද 90% ක් වන බවට/වූ බවට අමාත්‍යවරයා විසින් කරන ප්‍රකාශය නිවැරදි නොවේ. එබැවින් අපි මෙම ප්‍රකාශය සාවද්‍ය එකක් ලෙසින් කාණ්ඩගත කරමු.
1 වගුව: සිගරට් මිල සහ බදු සංශෝධන, 2016 - 2018
Sources
අංක 1987/8 දරණ අති විශේෂ ගැසට් පත්‍රය, 2018 ඔක්තෝබර් මස 03 වැනිදා
අංක 2083/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය, 2018 ජූලි මස 31 වැනිදා
වාර්ෂික වාර්තාව 2018, ශ්‍රී ලංකා මහ බැංකුව
වෙරිටේ රිසර්ච් ආයතනයෙහි සරල ඇස්තමේන්තු
මාධ්‍ය:
http://synergyy.com/2016/10/new-cigarette-prices-in-sri-lanka-29438/new-cigarette-prices-in-sri-lanka/
https://www.newsfirst.lk/2018/08/01/excise-tax-imposed-on-cigarettes-increased-by-rs-3-80/