• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

රාජිත සේනාරත්න

සමගි ජන බලවේගය

මම 2016 දී මැලේරියා රෝගය ලංකාවෙන් ඉවර කළා.

දිවයින: 24 Jun 2020

False

Statement

මම 2016 දී මැලේරියා රෝගය ලංකාවෙන් ඉවර කළා.

Fact check

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, මැලේරියා රෝගයේ අවපාතය පිළිබඳ නිරවද්‍ය නොවූ තොරතුරු ගෙනහැර දක්වයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය ඇගයුම් කර බැලීම උදෙසා, FactCheck මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියා පාරිභාෂික නාමාවලිය සහ වාර්ෂික වාර්තාවන්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා ක්‍රමෝපායික සැලසුමද පරිශීලනය කොට ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දක්වන්නේ, මැලේරියාවෙන් නිදහස්ය යන සහතිකය ලබාදෙන්නේ, “සමස්ත රටේම එක දිගට වසර තුනක් සඳහා ඇනෝපිලිස් මදුරුවන්ගෙන් මිනිසුන්ට රට තුළ මැලේරියාව සම්ප්‍රේෂණය වීම වළක්වා ඇති බව සාධාරණ සැකයකින් තොරව දැක්වීමෙන් පසුව” බවයි.

රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත් වූයේ 2015 ජනවාරි 12 වෙනි දිනයි. 2016 දී, එනම් අමාත්‍ය සේනාරත්නගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට මැලේරියාවෙන් නිදහස්ය යන තත්වය පිරිනැමුණු නමුත්, ජාතික මැලේරියා ක්‍රමෝපායික සැලසුම මගින් දැක්වෙන්නේ 2012 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ රට තුළ මැලේරියාව ආසාදනය වූ රෝගීන් වාර්තා වී නොමැති බවයි. නිදර්ශක අංක 2 මගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර තත්වයකට පැමිණීමේ ප්‍රගතියක් අත්පත් කොට ගෙන ඇත්තේ පරිපාලනයන් ගණනාවක් යටතේදී බවයි. එනම්, අඩු තරමින් 1999 න් පසුව රට තුළ ආසාදනය වූ මැලේරියා රෝගීන් ප්‍රමාණය විස්මයාවහ ලෙසින් අඩුව ගොස් තිබිණි. 1999 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ වෙනස් වෙනස් සෞඛ්‍ය ඇමතිවරුන් 6 දෙනෙකු සිට ඇත.

එනිසා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය දෙයාකාරයකින් සාවද්‍ය වේ. එනම් (1) එය අවුරුදු 15 ක් පුරා සිදුවූ සාමූහික සැලසුම් ක්‍රමෝපාය වැඩසටහන් වල ප්‍රතිඵලයක් වූ නිසාවෙන්, මැලේරියාව තුරන් කිරීමේ සම්මානය එක් අයෙකුට බැර කළ නොහැක. එසේම (2) ශ්‍රී ලංකාවේ රට තුළ ආසාදිත අවසාන මැලේරියා රෝගියා වාර්තා වී ඇත්තේ, රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ලෙසින් ධූරයේ වැඩ භාරගැනීමට වසර තුනකට පෙරාතුවය. 

එනිසා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය සාවද්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.



Sources

මූලාශ්‍ර:

ලෝක සෞඛ්‍ය සංවිධානය, ගෝලීය මැලේරියා වැඩසටහන, WHO malaria terminology, 2016, පි. 12.

සෞඛ්‍ය අමාත්‍යාංශය, මැලේරියා මර්දන ව්‍යාපාරය, ජාතික මැලේරියා ක්‍රමෝපායික සැලසුම, 2014-2018, පිවිසුම මෙතැනින්: http://amc.health.gov.lk/index.php/en/resources/strategic-plan [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 12] 

සෞඛ්‍ය අමාත්‍යාංශය, මැලේරියා මර්දන ව්‍යාපාරය, වාර්ෂික වාර්තා 2014 – 2016.


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION