• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ. ඩොලර් බිලියන 14 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරණා වෙනත් කිසිදු ණය හිමියෙකුල [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවක හෝ ආතතියකින් පසුවන බවට කිසිදු සළකුණක් නොපෙනේ. අපට 2029 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඈවර වන තුරු ඉදිරි වසර අට සඳහා ගෙවීමට ඇත්තේ එක් වසරකට ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.0-1.5 ත් අතර මුදලක් වේ

සන්ඩේ ඔබ්සර්වර්: 28 Feb 2021

Partly True

Statement

මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ. ඩොලර් බිලියන 14 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරණා වෙනත් කිසිදු ණය හිමියෙකුල [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවක හෝ ආතතියකින් පසුවන බවට කිසිදු සළකුණක් නොපෙනේ. අපට 2029 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඈවර වන තුරු ඉදිරි වසර අට සඳහා ගෙවීමට ඇත්තේ එක් වසරකට ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.0-1.5 ත් අතර මුදලක් වේ

Fact check

රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: ගෙවීමට ඇති ණය පිළිබඳව කරන ප්‍රකාශයේ වරදක් නැතුවාම නොවේ

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශයන් දෙකක් සිදුකරයි :

1) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නොවන ණය දරන වෙනත් කිසිදු ණය හිමියෙකු, [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව පිළිබඳ චකිතයක් හෝ ආතතියක් හෝ ඇතිව සිටින බවට කිසිදු සළකුණක් නොපෙනේ. 2) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළව වාර්ෂිකව සිදුකළ යුතු ආපසු ගෙවීම් ඇ.එ.ජ.ඩොලර් බිලියන 1 සිට1.5 දක්වා මුදලක් වේ. එලෙස ආපසු ගෙවීම් සිදු නොකළහොත් එය ණය ගෙවීම පැහැර හැරීමක් ලෙස සැලකෙන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සදහා බලධාරීන් විසින් මෙම මුදල ආපසු ගෙවිය යුතු වේ.

ප්‍රකාශය 1: ණය නැවත ගෙවීමේ හැකියාව නැතිනම් ණය අවදානම සම්බන්ධයෙන් ති‌බෙන සැකසංකා, ණය දෙන්නවුන් විසින් ඉල්ලා සිටිනා පොලී අනුපාතික ඔස්සේ මෙන්ම ණය දීමට දක්වන කැමැත්ත ඔස්සේ තක්සේරු කළ හැක. ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගණයට අයත් නොවන ණයවලින් වැඩි කොටසක් ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලිනි (සමස්ත ණය ප්‍රමාණයෙන් 53.5% ක්). ඒ සඳහා වන පොලී අනුපාතික ඉතාම අඩු අගයකට බැස ඇති අතර, ණය අවදානම පිළිබඳ ඇත්තේ සුළු සැකසංකාවක් බව ඉන් හැඟ වේ. කෙසේ නමුත්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගණයට අයත් නොවන ඉතිරි ණය සම්බන්ධයෙන් ගත් විට, නව ණය පොලී අනුපාතික සෑම විටම මහජනයාට විවෘත නොවීම නිසා (උදා: 2020 මාර්තුවේ ලබා ගත් CDB ණය), වාණිජ නොවන විදෙස් ණය (ද්වි-පාර්ශ්වික සහ බහු-පාර්ශ්වික ණය) සඳහා ඇති ණය අවදානම තක්සේරු කිරීම කළ නොහැක්කකි. තවදුරටත් ගත් විට, සමස්ත ණය ප්‍රමාණයෙන් 3.3% ක් වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල (SLDB) පොලී අනුපාතික, 2020 ජනවාරි සිට 2021 ජනවාරි දක්වා කාලය තුළ සමස්තයටම බලපාන පරිද්දෙන් ඉහළ ගොස් ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, වසර 2න් කල් පිරෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 5.79% සිට 6.92% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම කාලය තුළ වෙන්දේසි මගින් නිකුත් කෙරුණු සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයෙන් 54% ක් සඳහා ගැනුම්කරුවන් සිටියේ නැත. ණය අවදානම ඉහළ බවට වන හැඟීමක් පවතින බව මෙමගින් තව දුරටත් පෙන්නුම් කෙරේ.

ප්‍රකාශය 2: ශ්‍රී ලංකාව 2021 සිට 2030 වන තුරු සෑම වසරකමජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ මූලික මුදලේ ආපසු ගෙවීම් ලෙසින් ඇ.එ.ජ.ඩොලර් මිලියන 1,405 ක සාමාන්‍යයක් ගෙවිය යුතු අතර, එය රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ පරාසය තුළ පවතී. කෙසේ නමුත්, ණය ගෙවීම පැහැරහැර ඇති තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා මූලික මුදල නැවත ගෙවීමට අමතරව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර

සඳහා පොලී මුදලක්ද ගෙවිය යුතු බව මෙහිදී අමාත්‍යවරයා සැලකිල්ලට ගෙන නොමැත. අද වන විට, සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය කූපන් අනුපාතය (බැඳුම්කරයකට ගෙවන පොලී අනුපාතය) වන 6.64% යන අගය මත පදනම්ව, නැවත ගෙවිය යුතු මූලික මුදලට අමතරව ශ්‍රී ලංකාව විසින් සෑම වසරකම සාමාන්‍යයක් ලෙස ඇ.එ.ජ.ඩොලර් මිලියන 933 ක පොලියක්ද ගෙවිය යුතු වේ.

සමස්ත ණය හිමියන්ගෙන් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය අවදානම සම්බන්ධයෙන් ආතතියක කිසිදු ලකුණක් නොපෙන්වන බවට රාජ්‍ය අමාත්‍යවරයා සිදුකරන පළමු ප්‍රකාශය සත්‍ය වේ. එනමුත්, ඊට අමතරව අනෙකුත් ණය හිමියන් වද වීමක හෝ ආතතියක සලකුණක් නොපෙන්වන බව සනාථ කරගැනීමට නොහැකි කරුණකි. රාජ්‍ය අමාත්‍යවරයාගේ දෙවැනි ප්‍රකාශය තුළ ඔහු විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගිවිසුම් කඩ වීම වැළැක්වීම උදෙසා ගෙවිය යුතු පොලී ගෙවීම් සිය ගණනයට ඇතුළත් කොට නොමැති අතර, ඒ ඔස්සේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වන සමස්ත ණය වගකීම අඩුවෙන් දක්වා ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ධ වශයෙන් නිවැරදි වේ යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 දෙසැම්බර් 01 දින වන විට නොගෙවා පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/about/outstanding_isb_as_at_01_december_2020_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, මාධ්‍ය නිවේදනය - රජයේ සුරැකුම්පත්, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක, 2021 මාර්තු 12, වගුව 3.2, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20210312_e.


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION